Author: LFN

පින්දෙනිය පොලිස් වසමේ ඇපලතොටුව හන්දියෙන් ඇති වෙල මැදකඩේ අතුරු මාර්ගයේදී, ටිපර් රථයක පදික පුද්ගලයෙකු ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා එම ස්ථානයේදී ම මියොගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 63ක් වූ පොතුකොළදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පින්දෙනිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි. එමෙන්ම කොළඹ – හොරණ මාර්ගයේ මිහිඳු මාවත හන්දිය අසලදී සිදු වූ අනතුරකින් ද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. කොළඹ දෙස සිට කැස්බෑව දෙසට ධාවනය වූ කාර් රථයක පදික පුද්ගලයෙකු ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් පදිකයා බරපතළ තුවාල ලබා පිළියන්ඳල රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු…

Read More

කටාන පොලිස් වසමේ මහයායවත්ත සුසාන භූමිය අසල අතුරු මාර්ගයක මාන පඳුරක් යට සඟවා තිබියදී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් හා උණ්ඩ 04ක් සොයාගෙන ගෙන තිබේ. මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ මෙහෙයුමක දී මෙම ගිනිඅවිය සොයා ගෙන ඇත. කිසියම් අපරාධයක් සිදුකිරීම සඳහා මෙම අවිය සගවා තිබුණේ ද යන්න පිළිබඳව, කටාන පොලිස් ස්ථානය හා මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් විමර්ශන සිදු කරයි.

Read More

අයතුල්ලා අලි කමේනි ඝාතනය කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය පළමු වරට අනාවරණය කර තිබේ. එමෙන්ම මෙම ප්‍රහාරයෙන් ඉරාන උත්තරීතර නායකයාගේ දියණිය, බෑණා, මුනුපුරාද ජීවිතක්ෂයට පත්වූ බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ. ඉරාන ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත්තේ ඊයේ දිනයේදී ඔහුට පවරා ඇති රාජකාරි ඉටු කරමින් සිටියදී කමේනි ඔහුගේ කාර්යාලයේදී ඝාතනයට ලක්වූ බවය. මේ අතර කමේනිගේ ඝාතනය හේතුවෙන් එරට දින 40ක මහජන ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ද තීරණය කර ඇතැයි ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත. මින් පෙර ඊශ්‍රායල අගමැතිවරයා සහ අමෙරිකානු ජනාධිපතිවරයා අලි කමේනි ඝාතනය වූ බවට අදහස් දැක්වූ නමුත් ඉරානය එය ප්‍රතික්ෂේප කර තිබුණි.

Read More

හැටන්, රුවන්පුර මටුකැලේ ජනපදයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම ගැටුමෙන් 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඉන් බරපතළ තත්ත්වයේ සිටි එක් අයෙකු මහනුවර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයෙහි ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ රුවන්පුර ජනපදයේ මටුකැලේ වත්තේ පදිංචිව සිටි 39 හැවිරිදි තිදරු පියෙකි. කෙසේවෙතත් අනෙක් තුවාලකරුවන් 5දෙනා මේ වන විට දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. ඒ අතර මියගිය පුද්ගලයාගේ සොහොයුරාද සිටින බව පොලීසිය පැවසීය. මෙම ජනපදයේ ජල නළ මගින් ලබා දී ඇති පානීය ජල ගැටළුවක් සම්බන්ධයෙන් අදාළ පිරිස අතර ඉකුත් 24වනදා සිටම අවස්ථා…

Read More

මැද පෙරදිග කලාපය ආශ්‍රිත ගුවන් කලාප වසා දැමීම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානාවල, ගුවන් ගමන් ප්‍රමාද විය හැකි බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි. එමෙන්ම ගුවන් යානාවල ගමන් මාර්ගයන් හි වෙනසක් සිදු කර ඇති බව ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් දැනුම්දී ඇත. ඉරානය සහ ඊශ්‍රායලය අතර උද්ගතවී ඇති ගැටුම්කාරී වාතාවරණයත් සමග මේ වන විට කටාර්, එක්සත් අරාබි එමීර්, බහරේන් ඇතුළු රටවල් කිහිපයක් සිය ගුවන් කලාප තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ.

Read More

ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ලකළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල් කිහිපයකට මේ වනවිට ප්‍රහාර එල්ලකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තාවන් අනුව ඉරානය පළමුවෙන් බහරේනයේ පිහිටි අමෙරිකානු කඳවුරු පිහිටා ඇති මනමා අගනුවරට ප්‍රහාරයක් එල්ල කර ඇත. ඉන් අනතුරුව ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) අබුඩාබි වෙත ප්‍රහාරයක් දියත් කළේය. එමෙන්ම කුවේට් දේශය හා සෞදි අරාබියටත් මේ වනවිට ඔවුන් ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන්. මේ වනවිට කටාර්, කුවෙට්, එක්සත් අරාබි මෙන්ම සෞදි අරාබිය සිය ගුවන් කලාප මේ වනවිට වසාදමා තිබේ.

Read More

සාලියපුර – තෙප්පම්කුලම ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. නිවෙස් හිමියා හා නිවසට පැමිණි පුද්ගලයෙකු අතර ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන්, නිවෙස් හිමියා විසින් නිවසට පැමිණි පුද්ගලයාට මෙලෙස පහරදී ඇත. මෙම පහරදීම හේතුවෙන් අදාළ පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති බව වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 41ක් වන සාලියපුර ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් නිවෙස් හිමියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අනුරාධපුර පොලීසිය, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

රුපියල් ලක්ෂ 30ක මත්කරල් තොගයක් සමඟ අඹුසැමි යුවළක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පානදුර දකුණ මූලස්ථාන පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර සහ එගොඩඋයන ප්‍රදේශයේ පදිංචි 37,20 සහ 19 වයසැති තිදෙනෙකු බව පොලීසිය සඳහන් කරයි. කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත පානදුර උඩහමුල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙලෙස මත්කරල් 20000ක් සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. අඹුසැමි යුවළ රුපියල් 23,000ක මුදලකට කුලියට ලබාගත් නිවසක රැදී සිටිමින් මත්කරල් ව්‍යාපාරය සිදුකරගෙන ගොස් ඇති බවට මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදී හෙළිව ඇති බව පොලීසිය සදහන් කරයි. සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

ලාෆ්ස් ගෑස් සමාගම විසින් ආනයනය කරනු ලබන ගෑස් තොගයක් රැගත් නෞකාවක් අද (28) මෙරටට ළඟා වූ බව එම සමාගම නිවේදනය කළේය. ඒ අනුව අද සිට එම ගෑස් තොග කඩිනමින් වෙළෙඳපොළට නිකුත් කරන බව එම සමාගම පවසයි. ගෘහස්ත පාරිභෝගිකයන්ට අද සිට සාමාන්‍ය පරිදි ලාෆ්ස් ගෑස් අලෙවි නියෝජිතයන් හරහා අවශ්‍ය ගෑස් සිලන්ඩර මිලදී ගැනීමේ හැකියාව ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Read More

වෙඩිතබා සිදුකළ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක සැකකරුවෙකු විදෙස්ගතව සිට පැමිණීමේදී අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරු ඊයේ (27) දින කටාර් රාජ්‍යයේ සිට ගුවන් මගින් දිවයිනට පැමිණීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබුණි. 2022.03.24 දින කඩවත පොලිස් වසමේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුට T56 ගිනිඅවියකින් වෙඩිතබා මෙම ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සිදුකර තිබුණි. මෙම අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇති අතර පසුව ඇප ලැබීමෙන් සැකකරු අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් විදෙස්ගතවී තිබේ. ඒ අනුව සැකකරුට රතු නිවේදන නිකුත් කර තිබී ඇත. ඔහු වයස අවුරුදු 32ක වන සියඹලාපේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කඩවත පොලිසිය සැකකරු සම්බන්ධ…

Read More