Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ගුරු විභාග ද්විත්වය පවත්වනු ලබන්නේ පවතින නඩු කටයුතුවලට අදාළ අධිකරණ තීන්දු අනුව බවත්, ලැබී ඇති ඉල්ලීම් සැලකිල්ලට ගෙන උපාධිය ලබාගත් දිනය සම්බන්ධ කොන්දේසි සංශෝධනය කිරීම සඳහා අධිකරණයෙන් ඉල්ලීමක් කිරීමට කටයුතු කළ බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මොනරාගල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් මොනරාගල රාජකීය විද්‍යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ද්විතීයික පාසල් සඳහා සුහුරු පුවරු (Smart Boards) ලබාදීමේ වැඩසටහන යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ පාසල් 132ක් සඳහා සුහුරු පුවරු පිරිනැමේ. අග්‍රාමාත්‍ය කාර්යාලයේ ක්‍රියාත්මක ඩිජිටල් කාර්යසාධක බලකායේ මැදිහත්වීම මත සිදුකෙරෙන මෙම වැඩසටහනේ සංකේතවත් පියවරක් ලෙස ද්විතීයික පාසල්…
තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳව ඊයේ (13) පස්වරුවේ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ මෙම ඛේදජනක සිදුවීම ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) දැඩි ලෙස හෙළාදකින බවය. මෙවැනි ප්‍රහාර නීතියේ ආධිපත්‍යයට බරපතළ තර්ජනයක් බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගැඹුරු සහ කඩිනම් පරීක්ෂණයක් පවත්වා අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත්, ඔවුන් නීතිය හමුවට පමුණුවන ලෙසත් නීතිඥ සංගමය පොලිසියෙන් ඉල්ලා සිටී. අනාගතයේදී එවැනි සිදුවීම් ඇතිවීම වැළැක්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් විසින් ස්ථිර පියවර ගත යුතු බවද නීතිඥ සංගමය තවදුරටත් සඳහන් කරයි.
සුරාබදු දෙපාර්තමේන්තුවේ බදු ආදායම වැඩිදියුණු කිරීම සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා මෙහෙයුම් කමිටුවේ රැස්වීමක් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී සුරාබදු දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් විනිවිදභාවයෙන් සහ කාර්යක්ෂමව පවත්වාගෙන යාම වෙනුවෙන් වසර දෙකක් ඇතුළත අවසන් කිරීමට යෝජිත සුරාබදු ආදායම් කළමනාකරණ පද්ධතියෙහි (RASED) ප්‍රගතිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය. නව රජයේ, රාජ්‍ය ආයතන නවීකරණ වැඩපිළිවෙළ යටතේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නව්‍යකරණ සහ ප්‍රතිසංස්කරණ සඳහා ඉහළ සහයෝගයක් අපේක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. ඒ සඳහා සිය පූර්ණ සහාය ලබා දෙන බවට සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නියෝජිතයන්…
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අමෙරිකානු කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර ඊයේ (13) පැවති තරගයෙන් ලකුණු 93ක ජයක් වාර්තා කිරීමට අමෙරිකානු කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට අමෙරිකානු කණ්ඩායම ආරාධනා කළේය. අමෙරිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 196ක් රැස් කිරීමට සමත් විය. ලකුණු 197ක ඉලක්කයක් හඹායමින් පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 103ක් පමණී. ඒ අනුව අමෙරිකානු කණ්ඩායම ලකුණු 93ක ජයක් හිමිවිය.
අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඇතුළු පොලිස් කණ්ඩායම් දහයක් යොදවා තිබේ. තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳව ඊයේ (13) පස්වරුවේ වෙඩි තබා ඝාතනය කර තිබුණි. පොලිසිය පැවසුවේ, ඔහු කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ අධිකරණ කටයුතුවලට පෙනී සිටි අයෙකු බවය. එමෙන්ම ඔහු සිය සේවාදායකයාගේ තොරතුරු ලොකු පැටී නම් අපරාධකරුට ලබාදීම හේතුවෙන් කරන්දෙණියේ සුද්දා විසින්ම ඝාතනය මෙහෙයවා ඇති බවට ආරක්ෂක අංශ සැක පළ කරයි. තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ජීප් රථයක සිටි යුවළක් ඉලක්ක කර අද පස්වරු 5ට පමණ…
අරගලය සම්බන්ධයෙන් සහ ඒ සඳහා විදේශ රටවලින් ලැබුණු මුදල් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත්කර විමර්ශනය කිරීමට අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (13) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත පිහිටි පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ සඳහන් කළේ, “අරගලය මුවාවෙන් තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කරගන්න එක ජීවිතයක් නැති කරා. තරුණ පිරිසක් එල්ලුම් ගස් යැව්වා. අවවාද උපදෙස් දීල ප්‍රසිද්ධ මාධ්‍යයට ඇවිල්ලා දැන් එන්න එළියට බහින්න ගහන්න අපි බලාගන්නම් කියලා කියපු අය අද රජ වෙලා ඉන්නවා.අර තරුණයෝ එල්ලුම් ගස් ගිහිල්ලා තියෙනවා.” යනුවෙනි.
අද (14) මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම ඌව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය. ඊට අමතරව උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, සෙසු ප්‍රදේශවල ප.ව. 1න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. තවද බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක් තද වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර බස්නාහිර, සබරගමුව…
තලංගම අකුරේගොඩ ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කර තිබේ. අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථ ගාලේදී අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩිවැදීමෙන් එම දෙදෙනා මෝටර් රථය තුළම මියගොස් ඇති බව සඳහන් ය. T56 වර්ගයේ ගිනිඅවියක් උපයෝගී කරගෙන අදාළ වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරයි. කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මෙලෙස ඝාතනයට ලක්වී ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් මේ වනතෙක් වැඩිදුර තොරතුරු වාර්තා වී නොමැත. කවුරුන් විසින් කුමණ හේතුවක් මත අදාළ වෙඩිතැබීම සිදුකළේද යන්න සම්බන්ධයෙන් තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (13) පැවති තරගයකදී සිම්බාබ්වේ හමුවේ ලකුණු 23ක පරාජයක් ලැබීමට ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සිදුවිය. ශ්‍රී ලංකාවද තරගවදින ‘B’ කාණ්ඩයේ තරගයක් ලෙස මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙහිදී සිම්බාබ්වෙන් හිමිවූ ලකුණු 170ක ඉලක්කයට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාවට පන්දුවාර 19.3කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 146ක් පමණි. සිම්බාබ්වේ අද ලැබූ මෙම ජය සැලකෙන්නේ ඔවුන් ඔස්ට්‍රේලියාවට එරෙහිව වසර 19කට පසු ලැබූ පළමු විස්සයි20 තරග ජය ලෙසය. අවසන්වරට ඔවුන් 2007 වසරේදී ඔස්ට්‍රේලියාව කඩුලු 3කින් පරාජය කර තිබුණි. එම තරගයෙන් පසු මෙම තරගයට පෙර දෙරට අතර විස්සයි20 තරග දෙකක් පවත්වා තිබූ අතර, එම තරග දෙකම ඔස්ට්‍රේලියාව ජයගෙන ඇත. කෙසේ…
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. සැකකරුවන් ලබන 20වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කර ඇත. ලංකා සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සිදුකරන විමර්ශනයකට අදාළව ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ වැඩිමහල් පුත් ජොහාන් ප්‍රනාන්දු, බාල පුත් ජෙරම් ප්‍රනාන්දු සහ සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමණාකාරවරයෙකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.