Author: LFN

තලංගම, අකුරේගොඩ දී ඊයේ (13) සිදුවූ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහය අපේක්ෂා කර තිබේ. අපරාධය සිදුකිරීමට පැමිණි වෙඩික්කරුවන් හෝමාගම, පොතුඅරාව පාර, අතුරුගිරිය පොලිස් වසම, කොට්ටාව සහ මාකුඹුර යන ප්‍රදේශ හරහා ගමන් කර ඇති බවට දැනට සිදු කරමින් පවතින විමර්ශන වලට අනුව අනාවරණය වී ඇත. මෙම සිදුවීම සිදු වූ ඊයේ (13) දින සවස් කාලයේ මෙම මාර්ගවල ගමන් ගත් රථවාහනවල සවිකර ඇති කැමරා පද්ධතිවල (Dash Camera) මෙම සැකකරුවන් පැමිණ ඇති බවට සැකකරෙන අංක EP KI-7738 දරන කාර් රථය ගමන් කරන ආකාරය සටහන්ව තිබිය හැකි බව පොලීසිය පවසයි. ඒ අනුව ඊයේ දින සවස් කාලයේ ඉහත ප්‍රදේශවල ගමන් ගත්…

Read More

මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ‍ගෙන තිබේ. එම යත්‍රාව තුළ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ද නාවික හමුදාව සිය භාරයට ගෙන ඇති බව සඳහන් වේ. අදාළ ඩිංගි යාත්‍රාවේ තිබී මත්ද්‍රව්‍ය බවට සැකකරෙන උර දෙකක් තිබී හමුවී ඇති බව වාර්තා වෙයි. එම බෝට්ටුව සහ සැකකරුවන් මේ වනවිට ගොඩබිම වෙත රැගෙන එමින් ඇතැයි නාවික හමුදාව පවසයි.

Read More

2026 වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 400,000 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ජනවාරි මස පළමු දින සිට පෙබරවාරි 12 වැනි දින දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් 401,787 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කළේය. ගත වූ කාලය තුළ එක් දිනකදී වාර්තා වූ ඉහළම සංචාරක පැමිණීම පෙබරවාරි 12 වන දින සිදුව ඇති අතර, එදින සංචාරකයින් 12,731ක් මෙරටට පැමිණ ඇත. සංචාරකයින් අතර වැඩිම පිරිස ඉන්දීය ජාතිකයින් වන අතර, ඔවුන්ගේ සංඛ්‍යාව 70,880 දෙනෙකු ලෙස වාර්තා වී ඇත. එමෙන්ම බ්‍රිතාන්‍ය ජාතිකයින් 44,053 දෙනෙකු, රුසියානු ජාතිකයින් 36,949 දෙනෙකු, ජර්මානු ජාතිකයින් 28,332 දෙනෙකු සහ චීන…

Read More

බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් පසුගිය 8වනදා, අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර වැඩිදුර විමර්ශන සඳහා රැඳවුම් නියෝග ලබාගෙන තිබේ. සැකකරු සම්බන්ධව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ බම්බලපිටිය, නාරාහේන්පිට, පෑලියගොඩ, දෙමටගොඩ, තලංගම, ගොතටුව, මරදාන, කුරුඳුවත්ත, බොරැල්ල හා වැලිකඩ පොලිස් වසම්වල යතුරු පැදි සොරකම් 08ක්, ලැප්ටොප් හා ජංගම දුරකථන ඇතුළු දේපල සොරකම් කිරීම් රැසක් මොහු විසින් සිදු කර ඇති බවය. අදාළ සැකකරු වයස අවුරුදු 32ක් වන බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ. මොහු විසින් සොරකම් කරන ලද යතුරුපැදි කිහිපයක්, ලැප්ටොප් ඇතුළු දේපල විමර්ශන නිලධාරීන් විසින් සොයා ගෙන ඇති බව පොලීසිය පැවසීය. සැකකරු අද(14) අළුත්කඩේ…

Read More

විනාශ කරන අන්තරායදායක ඖෂධ පිළිබඳ වාර්ෂික වාර්තා දෙසැම්බර් 31ට පෙර අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට ඉදිරිපත් කර ලෙස නියම කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. අධිකරණ මගින් විනාශ කරනු ලබන අන්තරායදායක ඖෂධ සම්බන්ධයෙන් වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීම අනිවාර්ය කරමින් නව සංශෝධිත උපදෙස් නිකුත් කර ඇත. අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කළ අංක JSC/SEC/ClR/2023 දරණ 2023 මාර්තු 03 දිනැති චක්‍රලේඛයට අතිරේක වශයෙන් මෙම සංශෝධනය සිදුකර තිබේ. ඒ අනුව සෑම අධිකරණයක්ම යම් වර්ෂයක් තුළ අධිකරණ නියෝග මත විනාශ කරනු ලබන විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ පිළිබඳ වාර්ෂික වාර්තාවක් සකස් කළ යුතු බව සඳහන් වේ. එම වාර්තාව “ඇමුණුම – ආ” හි සඳහන්…

Read More

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (14) පෙරවරු 11.30ට නිකුත් කරන ලද එම නිවේදනය අද රාත්‍රී 11.30 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම නිවේදනයේ දැක්වෙන්නේ, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් බදුල්ල සහ නුවර එළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශ වල සවස 1.00න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බවය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී.

Read More

පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් වූ සිද්ධියකින් සැමියා විසින් සිය බිරිඳව ගිනි තබා ඝාතනය කර තිබේ. පරසන්ගස්වැව, මැදගම ප්‍රදේශයේදී ඊයේ (13) මෙම සාහසික අපරාධය සිදුව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 41ක්වූ පරසන්ගස්වැව ප්‍රදේශයේ පදිංචිකාරියක්ය. පරසන්ගස්වැව පොලිස් ස්ථානය මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, එහිදි අනාවරණය වී ඇත්තේ පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමිපුරුෂයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවය. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරසන්ගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලබන සඳුදා (16) ශ්‍රී ලංකාව පැමිණීමට නියමිතය. තෙදින සංචාරයක් සඳහා පැමිණෙන ඇය එළැඹෙන බඳාදා දක්වා මෙරට තුළ රැඳී සිටීමට නියමිතව ඇත. ඇයගේ මෙම සංචාරය අතරතුර රජයේ බලධාරීන් සහ ප්‍රධාන පාර්ශවකරුවන් හමුවීමට නියමිත අතර, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් මෙරටට සිදුවූ බලපෑම පිළිබඳව සෘජුවම නිරීක්ෂණය කිරීමටද නියමිතය. එමෙන්ම ශ්‍රී ලංකාවේ යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා සහාය විය හැකි ක්‍රම සහ සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වඩාත් ශක්තිමත් අනාගතයක් ගොඩනැගීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දායක විය හැකි ආකාරය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත.

Read More

කිලිනොච්චිය, අක්කරායන් ප්‍රදේශයේ පැවැති ආගමික පෙරහැරකදී, පුදුකුඩුඉරිප්පු තේවිපුරම් සිට මන්නාරම තිරුකේතීශ්වරම් කෝවිල දක්වා පූජනීය ශිව ලිංග ප්‍රතිමාවක් රැගෙන ගිය බැතිමතුන් පිරිසකට සහය වීම සඳහා 2026 පෙබරවාරි මස 12 දින යුද්ධ හමුදා භටපිරිස් කටයුතු කළහ. බැතිමතුන්ගේ ගමනාගමන කටයුතු පහසු කිරීම සඳහා අවශ්‍ය සහාය සහ ආහාර පාන ලබා දීමට හමුදා භට පිරිස් කටයුතු කළහ.

Read More

තමා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ මාධ්‍ය වෙත සිදුකරමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අපේක්ෂා කරන යටි අරමුණු ඉටු කරගත නොහැකි බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ තමා කිසිවිටෙක හෝ නියෝජිතයෙකු හෝ පෞද්ගලිකව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට දුරකථන ඇමතුමක් ලබානොදුන් බවය. ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියේ නඩුවට අදාළව පසුගිය ජනවාරි 14 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කළ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් දින 28කට පසු අධිකරණය විසින් පසුගිය 11වැනිදා ඇප මත මුදා හැරුණි. උන්වහන්සේ පසුගියදා (12) දිනයේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කරුණු රැසක් අනාවරණ කළ අතර ආණ්ඩු පාර්ශ්වයේ නියෝජිතයින් තමන්ට සහ සිද්ධියට සම්බන්ධ සෙසු ස්වාමීන් වහන්සේට අමතා…

Read More