Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී නිල සංචාරයක් සඳහා අද (17) උදෑසන දිවයිනට පැමිණ තිබේ. ඩේවිඩ් ලැමී මහතා සඳහා එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලයේ උසස් නිලධාරීන් 7දෙනෙකු දූත පිරිස ලෙස මෙලෙස දිවයිනට පැමිණ ඇත. අද (17) උදෑසන 09.11ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර් – 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි . ඔවුන් පිළිගැනීම සඳහා විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ. දෙරට අතර සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වේ. මෙහිදී බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය…
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද විදේශීය දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු, කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ සිදුකළ වැටලීමකදී සැකකරු අද (17) අලුයම අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය. සැකකරු සතුව තිබී විදෙස් දුම්වැටි 12,000ක ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර ඔහු 58 හැවිරිදි ගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන් තොටුපොල ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.
කොළඹ සිට ත්‍රිකුණාමලයේ බලා ධාවනය වුණු අංක 943 දරන රාත්‍රී තැපැල් දුම්රිය, කිතුල්උතුව 151 කණුව අසලදී වනඅලියෙකුගේ ගැටීම නිසා අද(17) අළුයම පිළිපැනීමට ලක්ව ඇති අතර වනඅලියා එම ස්ථානයේදීම මියගොස් තිබේ. දුම්රිය එන්ජිමේ වනඅලියා ගැටී ඇති අතර ඔහුගේ පාදයේ කොටස් එන්ජිමේ සිරවීම නිසා මෙසේ පීලි පැනීමට ලක්ව ඇති බව වාර්තා වේ. වනජීවි නිලධාරීන් සඳහන් කළේ මෙම වනඅලියා කවුඩුල්ල රක්ෂිතයේ සිට සෝමාවතිය රක්ෂිතයට දුම්රිය මාර්ගය ඔස්සේ මාරුවීමේදී මෙසේ දුම්රියේ ගැටී ඇති බවය. මියගිය වන අලියා වයස අවුරුදු පහළොවක පමණ වන අලියෙක් වන අතර උස අඩි හතක් පමණ වන බව ද වනජීවි නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.
– මෙවර විස්සයි20 ලෝක කුසලානයේ පළමු ශතකය. – පැතුම්ගේ විස්සයි20 ඉනිමේ දෙවැනි ශතකය. – ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක කුසලානයකදී ක්‍රීඩකයෙක් නොදැවී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව. – විස්සයි20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකික පිතිකරුවෙකු රැස්කළ වේගවත්ම ශතකය. – විස්සයි20 ශතක දෙකක් වාර්තා කළ එකම ශ්‍රී ලංකා පිතිකරු. – 2014 වසරෙන් පසු ලෝක කුසලාන තරගාවලියකදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩකයෙක් රැස්කළ පළමු ශතකය. පැතුම් නිස්සංකගේ සුපිරි ශතකය හමුවේ මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ තරගවටයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (16) රාත්‍රියේ සමත් වුණි ඒ මුලික වටයේ ඔස්ට්‍රේලියාව සමඟ පැවති තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමත් සමඟය. B…
බුද්ධ ශාසනයට එරෙහි ක්‍රියාමාර්ග හේතුවෙන් සියලුම නිකායන්හි භික්ෂූන් වහන්සේලා ලබන 20 වැනිදා කොළඹට කැඳවා දැනුවත් කිරීමට පියවර ගන්නා බව පූජ්‍ය දඹර අමිල හිමියන් පවසයි. ඊයේ (16) පැවති මාධ්‍ය සාකාච්ඡාවකට එක් වෙමින් එම හිමියන් මේ බව පැවසීය. උන්වහන්සේ වැඩිදුරටත් පවසන්නේ මෙය රජයට කරන අනතුරු ඇඟවීමක් බවයි. “මීට කලිනුත් ආණ්ඩු තිබුණා. යම්යම් අඩුපාඩුකම් හැම ආණ්ඩුවකම දකින්න තියෙනවා. බුදුන් වහන්සේ දේශනා කලා වගේ අඩුපාඩු නැති කිසිවෙක් නෑ. නමුත් රාජ්‍යක් හැටියට අපි අපේම ඡන්දයෙන් පත්කර ගත්ත, රටේ ජනතාවගේ ඡන්දයෙන් පත්කර ගත්ත ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ කිසිදාක තිබිලා නෑ මේ තරම් ඉලක්ක කොට සමස්ථ ශාසනයටම ප්‍රහාර එල්ල කරන ආණ්ඩුවක්”
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා AI Impact Summit 2026 සඳහා සහභාගි වීමට අද (17) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය. කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැත්වෙන අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 19 වන දා සමුළුව ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. දින 05ක් පුරා පැවැත්වෙන සමුළුව සඳහා රටවල් 20ක රාජ්‍ය නායකයන් සහ රටවල් 45කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් සහභාගි වීමට නියමිතව ඇත. එමෙන්ම, මෙම සමුළුවේදී කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ අනාගත ගමන්මඟ සහ ගෝලීය…
අකුරේගොඩදී පසුගියදා වෙඩි ප්‍රහාරයකට ලක්වූ නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳගේ ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ. එමගින් ඔවුන් සඳහන් කර ඇත්තේ අදාළ වර්තමාන රජය විසින් රටේ ජාතික ආරක්ෂාව හා ජන ජීවිතයේ සුරක්ෂිතතාව ඉතා දරුණු ලෙස බිඳ දමා ඇති බවය. සෑම දිනකම සාහසිකයින්ගේ වෙඩි පහරින් මියයාම් සහ සිද්ධිය සිදුවී ඉතා සුළු වේලාවකින් පරීක්ෂනයකින් තොරව එකී සිද්ධිය පාතාලය හා සම්බන්ධ කිරීම මගින් සාමාන්‍ය සිද්ධියක් බවට පත් කිරීමට රජය විසින් උත්සාහ දරා ඇති බවත් පොදුජන පෙරමුණේ නීතිඥයින් සිය නිවේදනය මගින් චෝදනා කර තිබේ. මාතෘ භූමියේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම හා ජන ජීවිතය ආරක්ෂා කිරීම රජයේ අනන්‍ය…
2025 වර්ෂයට අදාළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) ආරම්භ වේ. විභාග මධ්‍යස්ථාන 3,545ක අපේක්ෂකයින් 451,463ක් මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මෙවර 2025 (2026) අපොස සාමාන්‍ය පෙළ විභාගයේ කාලසටහන පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක් කරයි. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ සහ නිල ෆේස්බුක් ගිණුමෙහි ඇති කාලසටහන ගැන පමණක් අවධානය යොමුකරන ලෙසය. පසුගිය වසරට වඩා මෙවර…
අද (17) දින සිට ඉදිරි දිනවල උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකිය. සෙසු ප්‍රදේශවල ප.ව 1න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 පමණ තරමක් තද වැසි ඇති වේ. උතුරුමැද, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.…
මෙවර 2025 (2026) අපොස සාමාන්‍ය පෙළ විභාගයේ කාලසටහන පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක් කරයි. හෙට (17) ආරම්භ වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ සහ නිල ෆේස්බුක් ගිණුමෙහි ඇති කාලසටහන ගැන පමණක් අවධානය යොමුකරන ලෙසය. පසුගිය වසරට වඩා මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ විෂය පෙළ ගැස්ම පස්වන, හයවන, හත්වන සහ අටවන දිනයන් හි වෙනස් කර ඇති බැවින් නිවැරදි කාලසටහන පමණක් භාවිත කරන ලෙස ද ඉන්දිකා කුමාරි ලියනගේ…