Close Menu
Lanka Focus News
    What's Hot

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අද සිට ඉන්ධන නිකුත් කිරීම ඔත්තේ ඉරට්ටේ අංක ක්‍රමයට
    Featured

    අද සිට ඉන්ධන නිකුත් කිරීම ඔත්තේ ඉරට්ටේ අංක ක්‍රමයට

    By LFNMarch 19, 2026No Comments2 Mins Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    QR ක්‍රමවේදය හරහා ඉන්ධන කෝටාව ලබාදීමේ දී අද (19) සිට වාහන අංක තහඩුවේ අවසන් අංකය මත ඉන්ධන ලබාදිම සිදුකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.

    වාහන අංක තහඩුවේ අවසන් අංකය බින්දුව හෝ ඉරට්ටේ සංඛ්‍යාවක් නම් ඉරට්ටේ දිනයක ඉන්ධන ලබාගත හැකි අතර අංක තහඩුවේ අවසන් අංකය ඔත්තේ සංඛ්‍යාවක් නම් ඔත්තේ දිනයක ඉන්ධන ලබාගත හැකි බව එම සංස්ථාව සඳහන් කළේය.

    ඒ අනුව අද ඔත්තේ දිනයක් වන අතර වාහන අංක තහඩුවේ අවසාන අංකය ඔත්තේ සංඛ්‍යාවන් වන 1, 3, 5, 7, 9 යන ඉලක්කම් ඇති වාහන සඳහා ඉන්ධන ලබාගැනීමේ හැකියාව පවතී.

    මේ අතර QR ක්‍රමවේදය යටතේ මේ දක්වාත් ඉන්ධන කෝටාව ලබාගෙන නොමැති පුද්ගලයින් හට ද අද දිනයේදී ඔත්තේ, ඉරට්ටේ ක්‍රමයෙන් බැහැරව ඉන්ධන ලබාගැනීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.රාජකරුණා මහතා පැවසුවේය.

    මේ අතර වාහනයේ අනන්‍යතාව නිවැරදිව තහවුරු කරගැනීම සඳහා අවශ්‍ය අවස්ථාවේදී වාහන ආදායම් බලපත්‍රය, වාහනයේ ලියාපදිංචි සහතිකය, රක්ෂණ සහතිකය හෝ දුම් පරීක්ෂණ සහතිකය යන ලේඛනවලින් එකක් ඉදිරිපත් කරන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

    ප්‍රසම්පාදන කටයුතු හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පසුගිය කාලය තුළ වාහන අංක තහඩු නිකුත් නොකළ අතර මේ හේතුවෙන් ඇතැම් වාහන හිමියන් විවිධාකාර අංක තහඩු භාවිත කිරීමට පෙළඹී ඇති බැවින් මෙම පියවර ගත් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    මේ අතර ඊයේ (18) රාත්‍රී කාලයේත් දිවයිනේ ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලීම් දක්නට ලැබුණු බව ‘අද දෙරණ’ වාර්තාකරුවන් සඳහන් කළේය.

    මේ අතර නියමිත උපදෙස්වලට පරිබාහිරව කටයුතු කරන ඉන්ධන හල්හිමියන් පිළිබඳ තොරතුරු දැනුම්දීම සඳහා විශේෂ දුරකතන අංක දෙකක් හඳුන්වා දී තිබේ.

    0112 106 767 , 0117 296 130 යන දුරකථන අංක ඔස්සේ නීතිවිරෝධී ඉන්ධන නිකුත් කිරීම්වලට අදාළ තොරතුරු ඉදිරිපත් කළ හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    ඉන්ධන නිකුත් කිරීමේ දී නියමිත උපදෙස්වලට පරිබාහිරව කටයුතු කරන ඉන්ධන හල්හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 202603 Views

    2027 වසරේ සිට 6 ශ්‍රේණියේදී ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ නව විෂයක් හඳුන්වාදීමට කටයුතු කරන…

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 4, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.