Author: LFN
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ නැංගුරම්ලා තිබෙන ඉරානයේ ‘IRIS Bushehr’ නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් 204 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරක්ෂිතව කොළඹ වරායට රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද ඊයේ (5) පවසා සිටියේ, අදාළ නෞකාවද ත්‍රිකුණාමලය වරාය වෙත ගෙන ඒමට කටයුතු කරන බවය. අදාළ නෞකාවේ 208ක කාර්ය මණ්ඩලයක් සිටින බව සඳහන් විය.
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් ඔබ්බට ගොස් ධීවර කටයුතුවල නිරත නොවන ලෙස ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා මෙරට සියලුම ධීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් සිදුකරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මුහුදු සීමාවන් තුළ පවතින අවදානම් සහගත තත්ත්වයන් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවය.
නව අනුරාධපුර සහ වව්නියාව විදුලි සැපයුමේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලි සැපයුමට බාධා එල්ල වූ බව විදුලිබල මණ්ඩලය පවසයි. එම තාක්ෂණික දෝෂය හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියේ සංඛ්‍යාත වෙනස්වීම හේතුවෙන් කැලණිතිස්ස ද්විත්ව චක්‍රීය බලාගාරයේ වාෂ්ප තලබමන යන්ත්‍රය අක්‍රීයවීමත් සමඟ එය පද්ධතියෙන් ඉවත්විය. මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියක මෙගාවොට් 55ක විදුලි ධාරිතාවයක් අහිමිවීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය බිඳවැටුණු බව වාර්තා වේ. කෙසේ වෙතත් විනාඩි කිහිපයක් තුළ යළි එම තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව ලැබුණු බවද විදුලිබල මණ්ඩලය පවසයි.
පානදුර,වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කෙරුණු සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා අද (05) සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේය. ඒ මහතා දැනට දරණ තණතුරට අමතරව විශේෂ කාර්ය බළකායට අනුයුක්තව මුලු දිවයිනම ආවර්ණය වන පරිදි නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අත්තඩංගුවට ගැනීම හා සංවිධානාත්මක අපරාධ වැලක්වීමේ ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරනු ඇති. ප්‍රධාන පෙළේ අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා දේශීය සහ අන්තර්ජාතික පොලිස් මෙහෙයුම් රැසක් සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා විසින් මෙහෙයවා ඇත. ඕලුගල මහතා විසින් අති සාර්ථකව මෙහෙය වූ ආසන්නතම පොලිස් මෙහෙයුම් ලෙස කෙහෙල්බද්දර පද්මේ හා කමාන්ඩෝ සලින්ත ඇතුළු අපරාධකරුවන් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීම සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක…
ව්‍යාජ ඔප්පු සැකසීමේ චෝදනාවකට වරදකරු කෙරුණු නීතීඥවරියකට කොළඹ මහාධිකරණය විසින් අද (05) වසර 12ක සිරදඬුවම් නියම කළ බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළාය. කෙසේ වෙතත් එම දඬුවම වසර හයකින් ගෙවී යා යුතු බවත් තීන්දුවේ සඳහන් වුණි. බොරැල්ල ප්‍රදේශයේ ඉඩමක් සඳහා ව්‍යාජ ඔප්පු සැකසීම ඇතුළු චෝදනා දෙකක් යටතේ මෙම විත්තිකාර නීතිඥවරියට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර තිබුණි. නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරිය සඳහන් කළේ විත්තිකාරියට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා දෙක සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල සමත් වී ඇති බවය. ඒ අනුව…
ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වු මුහුදු සීමාවේදී අමෙරිකානු ප්‍රහාරයකට ලක්ව ගිලී ගිය IRIS Dena නම් ඉරාන නෞකාවේ සිටි පුද්ගලයින් 87 දෙනෙකුගේ මළසිරුරු මේ වන විට සොයාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (05) පාර්ලිමේන්තුවේ දි ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ සොයාගත් සිරුරු 87ම ගොඩබිමට රැගෙන විත් කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති බවයි. එමෙන්ම රෝහල්ගත කළ 32 දෙනාගෙන් එක් අයෙකු මේ වන විට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. තුවාල ලැබූ ඉරාන ජාතිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් රෝහල් පරිශ්‍රයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. අමෙරිකානු සබ්මැරීනයකින් එල්ල වූ ටෝපිඩෝ ප්‍රහාරයකින් මෙම නැව මුහුදුබත් විය. නෞකාව අනතුරට පත්වන…
දෙවැනි ඉරාන නෞකාවත් මේ වනවිට ඇත්තේ ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ නොවන බවත්, එය මෙරට මුහුදු සීමාවට ආසන්න අනන්‍ය ආර්ථික කලාපයේ ඇති බවත් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (05) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් තවත් ඉරාන නෞකාවක් කොළඹ වරායට නුදුරේ ස්ථානගතව ඇතැයි අනාවරණය කළේය. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, විපක්ෂ නායකවරයා දන්නා කරුණුවලට වඩා බොහෝමයක් තොරතුරු රජය දන්නා බවත් ප්‍රශ්නය නිරාකරණය කරගැනීම සඳහා ජීවිත හානි අවම කරගැනීම සඳහා මෙන්ම කලාපීය සාමය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය මැදිහත් වීම සිදුකරන බවය. මේ සම්බන්ධයෙන් කටයුතු අවසන් වූ වහාම සවිස්තර වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා…
පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහරදී නිලඇඳුම ඉරා දැමූ බව කියන ලොරි රථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි. අනතුරුදායක ලෙස ලොරි රථය පැදවූ රියදුරා අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ලවී තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පයාගල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු පළාතොට පාර දෙස සිට කටුකුරුන්ද දෙසට ලොරි රථය ධාවනය කර ඇති අතර, නාගොඩ හන්දියේ මාර්ග බාධකයේදී නවතා පරීක්ෂා කිරීමේදී ඇතිවූ කතාබහකින් පසුව පහරදීම සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි. පහර කෑමට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනා නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකරු විසින් එල්ල කරන ලද පිහිතල ප්‍රහාරයකින් එක් නිලධාරියකුගේ වම් අතෙහි කැපුම් තුවාලයක්…
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කාමේනිගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (05) උදෑසන ඉරාන තානාපති කාර්යාලය වෙත ගොස් තිබුණි. ඉරාන නායකයාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීමට මේ වනවිට කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ද එහි ගොස් ශෝක පණිවුඩයක් සටහන් කර ඇත. රනිල් වික්‍රමසිංහ මහතා ඉන් අනතුරුව තානාපති කාර්යාලයේ නිලධාරීන් වෙත සිය ශෝකය පළ කර තිබුණි.
දිට්වා සුළිකුණාටුව සඳහා පූර්ණ සූදානමක් නොමැතිවීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යනයක් සිදු කර වාර්තා කිරීමටත් ඒ සඳහා සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය කිරීමට තවත් මන්ත්‍රීවරුන් පිරිසක් පත් කර තිබේ. ඒ අනුව ප්‍රසන්න ගුණසේන, ඇන්ටන් ජයකොඩි, අරුණ ජයසේකර, අනුරාධ ජයරත්න, හෙක්ටර් අප්පුහාමි, රෝහිණි කුමාරි විජේරත්න, එම්.කේ.එම් අස්ලම්, අනුෂ්කා තිලකරත්න, කන්දසාමි ප්‍රභූ, රුවන් මාපලගම සහ පද්මනාදන් සත්‍යලිංගම් පත් කරන බව කථානායකවරයා අද (05) පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය. මෙම විශේෂ කාරක සභාවේ සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස මහතා කටයුතු කරයි.