Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි
    Featured

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    By LFNMarch 20, 2026No Comments5 Mins Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉරාන නෞකාවලට මෙරට මුහුදු සීමාවට පැමිණීමට අවසර නොදුන් හේතුව ජනාධිපතිවරයා අද (20) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කිරීමක් සිදු කළේය.

    ජනාධිපතිවරයා එහිදී අදහස් දක්වමින් පැවසුවේ පසුගිය පෙබරවාරි 26 වැනි දින මාර්තු 9-13 දිනවල මෙරට සහයෝගීතා වර්ධනය කිරීම සඳහා පැමිණීමට අවසර ඉල්ලූ බවත් ඒ සම්බන්ධව මෙරට විසින් අධ්‍යනයක නිරත වෙමින් සිටි බවය.

    එමෙන්ම එදිනම සවස එක්සත් ජනපදය විසින්ද නාවික හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපළට පැමීණීමටද අවසර ඉල්ලා සිටි සිටියද ශ්‍රී ලංකාව මධ්‍යස්ථභාවයෙන් යුතුව කටයුතු කරමින් සිටින රටක් බැවින් එම රටවල් දෙකටම අවසර ලබා නොදීමටද පියවර ගත් බවය. ජනාධිපතිවරයා සඳහන් කළේය.

    ජනාධිපතිවරයා සිදුකරන සම්පූර්ණ ප්‍රකාශය පහතින්,

    “විශේෂයෙන්ම මැදපෙරදිග යුදමය තත්ත්වයත්, ඒ හරහා ලෝකයේ රාජ්‍යයන් මුහුණදී තිබෙන විවිධ තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවතිනවා. ඒ පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමට ඉඩ විවරවීම පිළිබඳව යෝජනාව ගෙනඑන ලද අයට ස්තූතිවන්ත වෙනවා.

    විශේෂයෙන්ම මේ ප්‍රශ්නය පිළිබඳව ආරම්භයේදී අපේ ස්ථාවරය තමයි මධ්‍යස්ථභාවය. අපේ මව්බිමේ ගෞරවයත්. ඒ වගේම යුක්තිය පිළිබඳ ප්‍රශ්නයත් සහ ජාත්‍යන්තර පිළිගැනීමත් අපට අත්පත් කරගැනීමට හැකි වන්නේ, අපේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කරගනිමින්. ඒ නිසි කිසිසේත්ම කුමන පීඩනයන් මධ්‍යයෙහි හෝ මේ මධ්‍යස්ථභාවය ගිලිහෙන්න දෙන්නේ නැහැ.

    නමුත් මා දන්නවා සමහර මන්ත්‍රීවරුන් සහ සමහර අදහස් ඉදිරිපත් වෙනවා. අපි යම් කණ්ඩායමකට පක්ෂපාතීව ඉන්නවා. සමහර තීන්දු තීරණ නිසි වෙලාවට ගත්තේ නැහැ වගේ අදහසකින්. ඒවා සම්පූර්ණයෙන්ම අසත්‍යයි කියලා ඔබට කියන්න ඕනේ.

    පළමුකොටම ඉරානයේ නැව් පිළිබඳ ප්‍රශ්නය. විශේෂයෙන් අපිට 2026 දෙවෙනි මාසේ 26 වැනිදා අපෙන් ඉල්ලීමක් කළා. මාර්තු 09 සහ 13 කියන දිනවලදී ලංකාවට ගුඩ්විල් විසිට් එකක් එන්න ඕනේ කියලා. සහයෝගීතා වර්ධනය කිරීමේ සංචාරයකට ලංකාවට එන්න ඕනේ කියලා අපෙන් ඉල්ලීමක් කළා. අපිට තියෙන්නේ 9 සහ 13 කියන දින මාර්තු මාසයේ අපි අවසර ලබාදීම පිළිබඳව අධ්‍යයනය කරමින් හිටියේ.

    මේ මොහොතේම කියන්න කැමැති, එදිනම හවස එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියා. ට්‍රිබියුටි රාජ්‍ය ආසන්නයේ තියෙන නාවික හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා දෙකක් ශ්‍රී ලංකාවේ මත්තල ගුවන්තොටුපළට පැමිණෙන්න අවසර දෙන්න කියලා. අපේ මේස උඩ තියෙනවා කඩදාසි දෙකක්. එකක් ඉරානය විසින් අපෙන් ඉල්ලා සිටිනවා. 09 සහ 13 මෙම නාවික යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වෙන්න අවසරය ලබා දෙන්න කියලා. අනෙක් පසින් එක්සත් ජනපදය අපෙන් ඉල්ලා සිටිනවා. නාවික හමුදාවට අයත් යුද ගුවන්යානා දෙකක් අපේ මත්තල ගුවන්තොටුපළට එන්න කියලා. මොකක්ද අපි ගන්න ඕන තීරණය.

    අපි ඉතාමත් පැහැදිලි තීරණයක් ගත්තා. අපේ රට මධ්‍යස්ථභාවය ඒ වනවිටත් යුදමය සංඥාවන් පිළිබඳව සංඥාවන් මතුවෙලා තිබුණා. අපි ඒ දෙකටම අවසර ලබාදුන්නේ නෑ. ඒක තමයි මධ්‍යස්ථභාවය. මම අහනවා මෙතැනදී, විශේෂයෙන් මට මතකයි ඇයි ඉරාන නෞකාවලට දුන්නේ නැත්තේ කියලා. දුන්නා නම් මොකක්ද සිද්ධ වෙන්නේ.? අපේ මුළු මධ්‍යස්ථභාවයම ගිලිහෙනවා. අපි එක පාර්ශ්වයකට පක්ෂපාතීව කටයුතු කරනවා. එහෙම නැත්නම් අපි අනිත් පාර්ශ්වයට ඉඩ දෙන්න සිද්ධ වෙනවා. එහෙම නම් අපේ ඈත කලාපයෙන් තියෙන යුද ගැටුම මත්තලට සහ කොළඹ වරායට ළඟා වෙනවා. අපේ ඒ වැ‌ඩේ කළේ නැහැ. කුමන පීඩනය මධ්‍යයේ හෝ එය ආරක්ෂා කරලා තියෙනවා.

    ඊට පස්සේ 27 වෙනිදා අයිරිෂ් බවුචර් කියන නෞකාවේ එක් නාවික සෙබළෙක් වැටිලා තුවාල වෙලා තියෙනවා කියලා ඔවුන් අපෙන් ඉල්ලා සිටියා එම නාවික සෙබළාත් ඔහු සමඟ නිලධාරියෙකුත් ලංකාවට ගේන්න ඕන කියලා අපේ මධ්‍යස්ථභාවය ජාත්‍යන්තර බැඳීම තමයි ඒ වෙලාවේ සහායදීම. අපි ඒ නාවික නිලධාරියාත් නාවික සෙබළාත් 27 පෙබරවාරි රැගෙන එම නෞකාවට සැපයීම් කරන සමාගම විසින්. අපි නෙවෙයි ගෙනාවේ ඔවුන් විසින්. ඒක තමයි ජාත්‍යන්තර වශයෙන් අපි පැමිණ තිබෙන එකඟතාවය. ඊට පස්සේ නැවත 4 වැනිදා අපිට වාර්තා වුණා. අපේ ආර්ථික කලාප සීමාවේ ඉරානයට අයත් නෞකාවකට ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව මොකක්ද අපේ බැඳීම. අපිට ඕනේ නම් අහක බලාගෙන ඉන්න තිබුණා. අපේ මුහුදු කලාපයේ නොවේ ආර්ථික කලාපයේ. ආර්ථික කාලපයේ ගහගන්නත් පුළුවන්. නැව්වලට යන්නත් පුළුවන්. ඕන දෙයක් කරගන්න පුළුවන්. අපේ මුහුදු සීමාව නෙවෙයි. නමුත් අපි ජාත්‍යන්තර බැඳීම් සහ මනුෂ්‍යත්වය කේන්ද්‍ර කරගෙන අපේ නාවික හමුදාව සහ ගුවන් හමුදාව විශාල මෙහෙයුමක් කළා.

    ජාත්‍යන්තර ප්‍රමිතීන්වල තියෙනවා එවැනි පිපිරීමක් වුණාම දවස් කීයක් ආවේක්ෂණය කළ යුතු ද.? එය රළ හමන දිශාව අනුව කොච්චරක් දුර අවේක්ෂණය කළ යුතු ද කියලා. අපි ඒ සියල්ල ඒ ප්‍රමිතීන් අනුව සිදු කළා. ප්‍රහාරයක් සිද්ධ වුණාම ජීවිත සහ මළ සිරුරු ගළවා ගැනීම වෙනුවෙන් ගත යුතු කාලයක් තියෙනවා. ඒ රළ හමන දිශාව අනුව යා යුතු දුරක් තියෙනවා. ඒ මුළු දුරම ගියා.

    ඒ අනුව අපි තුවාලකරුවන් 32ක් සහ මළසිරුරු 84ක් අපේ ගොඩබිමට අපි අරගෙන ආවා. මේක අපේ මනුෂ්‍යත්වය සහ මධ්‍යස්ථභාවය. අනතුරුව 4 වෙනිදා උදේ. ඒ ප්‍රහාරයෙන් පසුව අපෙන් ඉල්ලීමක් කළා. ඔවුන්ගේ අනෙක් නෞකාවේ එංජිමේ කඩාවැටීමක් සිදුවෙලා තියෙනවා. ඒ නිසා අපේ කොළඹ වරයාට ළඟා වෙන්න ඉඩ දෙන්න කියලා. මම දැක්කා මෙතැන බොහෝ අය කිව්වා, පැය 11කට කලින් ගියා නම්.. කොහෙද පැය 11කට වැඩි වෙලාවක්. පළමු ඉල්ලීම ආවේ, පෙබරවාරි 26 වෙනිදා ඉල්ලීම ආවේ මාර්තු 9 එන්න. මම හිතන්නේ මේ දින ගණනයි පැය ගණනයි පටලගෙන ද දන්නේ නෑ.

    පළවෙනි නෞකාවට ප්‍රහාරය එල්ල කළාම තමයි අපෙන් ඉල්ලීමක් කළේ දෙවෙනි නෞකාව එහෙත් එංජින් ආබාධයක් ඇති වෙලා තියෙනවා. ඔවුන්ට ගමන් කරන්න බැහැ. අපේ කොළඹ වරයාට ආසන්න වෙන්න දෙන්න කියලා. මොකක්ද ජාත්‍යන්තර නීතිය ඔවුන් අපේ මුහුදුසීමාවට ඇතුළු වෙනවා නම් ඔවුන් යුද ගැටුමක එක පාර්ශ්වකරුවෙක්. ඔවුන්ට අපිට රැඳෙන්නට දෙන්න පුළුවන්කම තියෙන්නේ, පැය 24යි. පැය 24න් පසුව ඔවුන් යා යුතුයි. අපිට එහෙම තියාගන්න බැහැ. එහෙම තියාගන්නවා නම් ඒකේ තේරුම මොකක්ද.? යම් යුද ගැටුමක් තිබෙනවා. යම් කණ්ඩායමක් අනතුරට මුහුණදීලා තියෙනවා. අනතුරට මුහුණ දුන්න කණ්ඩායම අපි බේරගන්නවා. නැවත යුද්ධයට යවනවා. ඒ කියන්නේ අපි එක පාර්ශ්වයක් නියෝජනය කරනවානේ. ඒ නිසා අපිට උපරිම තියාගන්න පුළුවන් කාලය පැය 24යි. ඊට පසුව හරවා යැවිය යුතුයි. එහෙම නැත්නම් ඔවුන් අපේ භාරයට ආ යුතුයි. එතකොට තමයි අපේ මධ්‍යස්ථභාවය ආරක්ෂා වෙන්නේ. අපි සෑම සිදුවීමක්ම සංසන්දනය කළේ අපේ මධ්‍යස්ථභාවය මත. ඒ නිසා තමයි අපි ඔවුන්ට අපේ භාරයට එන්න කිව්වේ. අපේ භාරයට ආවයින් පස්සේ අපි කිව්වා සම්පූර්ණ කාර්ය මණ්ඩලය බහින්න ඕනේ කියලා. ඔවුන්ගේ ඉල්ලීමක් තිබුණා කාර්ය මණ්ඩලය රැඳෙන්න ඕනේ කියලා. අපේ ඒකේ හිටිය නාවිකයින් 206ක් අපේ නාවික හමුදා කඳවුරට අරන් ආවා.

    අපි මේ 206ම එකට තියලා නැහැ. සොල්දාදුවන් ආතතීයකට මුහුණදීලා තියෙනවා. කවර ආකාර තත්ත්වයක් වර්ධනය විය හැකි ද.? ඒ නිසා අපි ප්‍රවේශම්කාරී ලෙස ඔවුන්ට අවශ්‍ය ආහාර පාන දුන්නා. මෑතකදී කෙනෙක් රෝගාබාධයකට ලක් වුණා. ඔහු අපි වැලිසර නාවික හමුදා රෝහලට පිටත්කර හැරියා. අපි ඉතාමත් මනුෂ්‍යත්වයෙන් යුතුව රැකබලාගන්නවා. ඒක තමයි ලංකාව ජාත්‍යන්තරය හමුවේ පිළිගැනීමට සහ කීර්තියට භාජනයවීම.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.