Author: LFN
සයිප්‍රසයේ දකුණුදිග ප්‍රදේශයේ පිහිටි බ්‍රිතාන්‍ය හමුදා කඳවුරට පහරදුන් ඩ්‍රෝන යානය ඉරානයෙන් දියත් නොකර ඇති බව එරට ආරක්ෂක අමාත්‍යංශය පවසයි. එම අමාත්‍යංශයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා මේ බව සඳහන් කළේය. කෙසේ වෙතත් එම යානය දියත් කර තිබුණේ කවුරුන්දැයි බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කර නැත. “ෂහෙඩ්” (Shahed) වර්ගයට අයත් නියමුවන් රහිත යානයක් පසුගිය දෙවැනිදා ඇක්‍රොටිරි (Akrotiri)ප්‍රදේශයේ පිහිටි බ්‍රිතාන්‍ය හමුදා කඳවුරකට කඩා වැටුණි. මෙම අනතුරින් දේපළවලට සුළු හානි සිදුව ඇති බව සයිප්‍රස් ජනාධිපති නිකොස් ක්‍රිස්ටෝඩෝලයිඩ්ස් සිය X ගිණුමේ සටහනක් තබමින් එදින ප්‍රකාශ කළේය. මෙම ගැටුම්කාරී තත්ත්වය හමුවේ සයිප්‍රසය කිසිදු මිලිටරි මෙහෙයුමක කොටස්කරුවෙකු වීමට අදහස් නොකරන බව ඔහු අවධාරණය කළේය. මෙම ප්‍රහාරයෙන්…
ඉරානයට එරෙහිව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කරන මිලිටරි ක්‍රියමාර්ග සීමා කිරීමට එරට සෙනෙට් සභාවට ඉදිරිපත් වූ යෝජනාව පරාජයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, අදාළ යෝජනාවට විරුද්ධව ඡන්ද 52ක් සහ ඊට පක්ෂව ඡන්ද 47ක් හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවය නිමිත්තෙන් කොළඹ පිහිටි ඉරාන ඉස්ලාමීය ජනරජ තානාපති කාර්යාලයේ තබා ඇති ශෝක පොතේ ශ්‍රී ලංකා රජය සහ ජනතාවගේ ශෝකය පළ කරමින් විදෙස් කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අත්සන් තබා තිබේ. ඒ සම්බන්ධයෙන් සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවය පිළිබඳව ඉරාන ඉස්ලාමීය ජනරජයට සිය බලවත් ශෝකය පළ කරන බවය. එමෙන්ම එතුමාගේ කාලය තුළ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සැලකිය යුතු ලෙස පුළුල් වූ බවත් ශ්‍රී ලංකාව තවමත් ඉරානයේ මිත්‍රත්වය අගය කරන අතර ඉරාන ජනතාව සමඟ සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත. “අද දින මම ඉරාන උත්තරීතර…
2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසුව ISIS ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බව පවසමින් අලුත්ගම ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මිල්හාන් නමැති තරුණයෙකු සැකපිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම තුළින් පොලීසිය ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. ඒ අනුව අදාළ අත්අඩංගුවට ගැනීම සම්බන්ධව වගකිය යුතු ගල්කිස්ස පොලීසියේ උපපොලිස් පරීක්ෂකවරයා සිය පෞද්ගලික මුදලින් රුපියල් 30,000ක වන්දියක් සහ රජය විසින් රුපියල් 20,000ක වන්දියක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් එම තීන්දුවේ සඳහන්ව ඇත. අදාල පෙත්සම්කරු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අර්ජුන ඔබේසේකර, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව…
අමෙරිකානු සැබ්මැරීනයක සිට ටොපිඩෝවක් උපයෝගි කරගනිමින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉරාන නෞකාවක් මුහුදු බත්කළ බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් පවසයි. ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කරමින් ඔහු පවසා ඇත්තේ ටෝපීඩෝවක් යොදාගෙන සතුරු නෞකාවක් ගිල්වනු ලැබුවේ දෙවැනි ලෝක සංග්‍රාමයෙන් අනතුරුව පළමුවරට බවය. එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ “අපි සටන් කරන්නේ දිනන්න” යනුවෙනි. “ඊයේ අමෙරිකානු සබ්මැරීනයක් මගින් ජාත්‍යන්තර මුහුදේදි අප ආරක්ෂිතයි සිතා කටයුතු කළ ඉරාන යුද නෞකාවක් මුහුදුබත් කළා. එය ගිල්වා දැම්මේ ටෝපීඩෝවක් යොදාගෙන. නිහඬ මරණයක් ටෝපීඩෝවක් යොදාගෙන සතුරු නෞකාවක් ගිල්වනු ලැබුවේ දෙවැනි ලෝක සංග්‍රාමයෙන් අනතුරුව පළමුවරටයි. අපි සටන් කරන්නේ දිනන්න. නිසැකවම, කිසිම සමාවක් නොදී අමෙරිකාව දිනනවා…”
මතුගම, මතුගම කන්ද ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබේ. ඊයේ (04) රාත්‍රී 11.30ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලීසිය සඳහන් කළේය. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම නිවසේ ජනේලයට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කොට පළාගොස් ඇති අතර ඉන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව සඳහන්වේ. මත්ද්‍රව්‍ය ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය සැක පළ කරයි. මතුගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
එක්සත් අරාබි ඒමිර් රාජ්‍යයේ මෑතකදි සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා එරට ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතා වෙත දුරකථන ඇමතුමක් ලබා දී තිබේ. එහිදී, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෑතකදී සිදු වූ ප්‍රහාර සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතා සිය කනගාටුව ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ. මේ අතර, සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය හෙළා දකිමින් ශ්‍රී ලංකාවේ සහයෝගීතාවය එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයට ලබා දෙන බව ජනාධිපතිවරයා පවසා ඇත. සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව ඉලක්ක කර ගත් සංචාරක කටයුතු ප්‍රවර්ධන නොකිරීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි නීතිපතිවරයා අද (04) අභියාචනාධිකරණයට දැනුම් දුනි. ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව කේන්ද්‍ර කරගත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යපෘතියකට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින් රාජ්‍ය නොවන සංවිධානයක් වෙත නිකුත් කළ ලිපියක් බල රහිත කිරිමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදුකෙරුණි. දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් විසින් මේ පෙත්සම ඉදිරිපත් කර තිබුණි. මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී එහි පෙත්සම්කරුවකු වන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ද අධිකරණය…
ලෝක රන්මිල පහළ යාම මත මෙරට රත්‍රං මිල ගණන් රුපියල් 13,000කින් පහළ ගොස් ඇති බව රන් වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (04) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ “කැරට් 22” රන් පවුමක මිල රුපියල් 376,500ක් දක්වා පහළ ගොස් තිබේ. ඊයේ (03) එය දැක්වුණේ රුපියල් 388,500ක් ලෙසය. මේ අතර ඊයේ රුපියල් 420,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 407,000ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොල ආරංචි මාර්ග සඳහන් කරයි.
ගාල්ල වරායට නාවික සැතපුම් 40ක පමණ දුරින් අනතුරකට ලක්ව ඇති ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවේ සිටි 35 දෙනෙකු පමණ මේ වනවිට ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුදාගැනීමේ කණ්ඩායම් විසින් ගොඩබිමට රැගෙන එමින් පවතී. ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, ඔවුන් අනතුරුව ගාල්ල කරාපිටිය රෝහල වෙත රැගෙන යාමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවය. තවද ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නෞකාව අනතුරට ලක්වූ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සඳහා නිරීක්ෂණ ගුවන් යානයක් යොමු කර තිබේ. මේ අතර අද (04) දින පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ IRIS Dena නම් අදාළ නෞකාව අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකාවට අයත් මුහුදේදී නොවන නමුත් ජීවිත…