Close Menu
Lanka Focus News
    What's Hot

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඌරන්ට රක්ෂණයක්
    Featured

    ඌරන්ට රක්ෂණයක්

    By LFNMarch 19, 2026No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සූකර කර්මාන්තයේ යෙදෙන ගොවීන් සඳහා “සූකර රක්ෂණ යෝජනා ක්‍රමයක්” කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය විසින් හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.

    ඒ අනුව ව්‍යාපාරික මට්ටමින් සූකර සත්වයන් පාලනය කරනු ලබන සූකර ගොවිපොළවල අභිජනන සත්ත්වයන් සඳහා මෙය ලබා දෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනය කරයි.

    මෙම රක්ෂණ ආවරණය යටතේ හදිසි අනතුරු හේතුවෙන් සහ සූකර සත්ත්වයන් සඳහා ඇතිවෙන රෝග මඟින් සිදුවන මරණ ආවරණය කිරීමට සැලැසුම් කර ඇත.

    මෙහිදී වයස මාස 06 සිට අවුරුදු 4යි මාස හයක් දක්වා වූ සූකර අභිජනන සත්වයන් සඳහා මෙම රක්ෂණ ආවරණය ලබාගත හැකිය.

    මෙහිදී අභිජනන සත්ත්වයෙකුගේ වටිනාකම උපරිමය රු.200,000/- හෝ ආදේශන පිරිවැය හෝ නිෂ්පාදන පිරිවැය අනුව රක්ෂණාවරණය ලබා ගැනීමට හැකියාවක් පවතින බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.

    මෙම රක්ෂණ ආවරණය මඟින් රක්ෂණය වූ අභිජනන සූකර සතුන් හට රක්ෂිත හේතූන් මත සිදුවන මරණයකදී පමණක් ම වන්දි ඉල්ලීම් සිදුකළ හැක.

    මෙහිදී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් යෝජනා කර ඇති ජෛව ආරක්ෂක නිර්නායක අනුව සූකර සත්ව ගොවිපොළ පවත්වා ගැනීම අනිවාර්ය බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 202603 Views

    2027 වසරේ සිට 6 ශ්‍රේණියේදී ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ නව විෂයක් හඳුන්වාදීමට කටයුතු කරන…

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 4, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.