Author: LFN

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්ය සහ මහාචාර්යවරුන් සියයට 50ක පමණ හිඟයක් පවතින බවත් රජරට විශ්වවිද්‍යාලය තුළ එම ගැටලුව උග්‍රවී ඇති බව එහි කළමණාකරණ පීඨ ශිෂ්‍ය සංගමය පවසයි. එහි සභාපති තිළිණ නිරෝෂ් පෙන්වා දෙන්නේ, කළමනාකරණ පීඨය තුළ සිසුන් 2,000ක් පමණ ඉගෙනීම් කටයුතු සිදුකළ ද ඔවුන්ගේ ඉගැන්වීම් කටයුතු සඳහා ඇත්තේ මහාචාර්යවරුන් 12 දෙනෙකු පමණක් වීම හේතුවෙන් සිසුන්ගේ අධ්‍යන කටයුතුවලට දැඩි ලෙස බාධා එල්ල වී ඇති බවය. “රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය තුළ මේ වනවිට 45%ක ආචාර්ය සහ මහාචාර්යවරු හිඟයක් පවතිනවා. මේ හේතුව නිසා ශිෂ්‍යයන්ගේ ඉගෙනිමේ කටයුතුවලට, අධ්‍යයන කටයුතුවලට දැඩි බාධාවක් මතුවෙලා. මේ වෙද්දි තිබෙන ප්‍රධානම ගැටලුව තමා පර්යේෂණ කටයුතු කරන්න අවශ්‍ය දැනුම ලබාගන්න…

Read More

වත්තල ගාල හන්දිය ප්‍රදේශයේදී ජීව පතරොම් සහිත පාර්සලයක් පොලිස් භාරයට ගෙන තිබේ. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී මෙම පාර්සලය සොයාගෙන ඇති බව පොලිසිය පැවසීය. එම පාර්සලය තුළ ටී56 ජීව පතරොම් 04 ක්, රිවොල්වර වර්ගයේ ජීව පතරොම් 04 ක්, පිස්තෝල වර්ගයේ ජීව පතරොම් 02 ක් හා විවිධ වර්ගයේ සිම්පත් 11 ක් තිබී ඇති අතර සිදු කළ විමර්ශනයකින් පසු අදාළ පාර්සලය සගවා තැබූ බවට සැකපිට පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි පොල්පාගොඩ, යක්කලමුල්ල ප්‍රදේශයේ පදිංචි හිටපු යුධ හමුදා සෙබලෙකු බව ද සඳහන් වේ. මෙම සැකකරු ගල්නෑව, කල්තොට හා ඇල්පිටිය පොලිස්…

Read More

රුපියල් කෝටි 16කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 16ක් මෙරටට රැගෙන ආ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් තිදෙනා කොළඹ හා වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඉන් පිරිමි පුද්ගලයින් දෙදෙනා 33හැවිරිදි වියේ හා 28 හැවිරිදි වියේ පසුවේ. කාන්තාව 35 හැවිරිදි වියේ පසුවන බව වාර්තා වේ. මොවුන් අතරින් එක් අයෙකු සම්භාහන ආයතනයක් පවත්වාගෙන යන අයෙකු බවට ද තොරතුරු අනාවරණය වී තිබේ. මොවුන් මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිලදී ගෙන, ඩුබායි වෙත පැමිණ, එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන ගුවන් යානයෙන් ඊයේ (15) රාත්‍රී 07ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ…

Read More

විදුලිබල ක්ෂේත්‍රයට අදාළ ගැටලු පිළිබඳව සභාව කල්තැබීමේ විවාදයක් ලබන 20 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනුව විපක්ෂය විසින් ගෙනඑනු ලබන මෙම යෝජනාව එදින පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා විවාදයට ගැනීමට නියමිතය. ගල්අඟුරු ආනයනයේදී දූෂණ සහ අක්‍රමිකතා සිදුව ඇති බවට දේශපාලන වේදිකාවේ කතාබහක් සිදු වන පසුබිමක මෙම විවාදය පැවැත්වීමත් විශේෂත්වයකි. මේ අතර 2026 වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලිය ගාස්තු සියයට 13.56කින් ඉහළ දැමීමේ යෝජනාව ද ඊයේ (14) විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමු කරනු ලැබීය. මෙම විවාදයේදී මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු වනු ඇතැයි තොරතුරු වාර්තා වෙයි.

Read More

වෙඩි තැබීමකින් හෝ දෙකකින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති නොවන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. වත්මන් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් අවබෝධයකින් පසුවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු සඳහන් කළේය. “ජාතික ආරක්ෂාවට විශේෂ අවුලක් නැහැ. එක එක කල්ලි කණ්ඩායම්වලට අතීතයෙත් පුරුදුවෙලා තිබුණා එක එක කැරලිගැසීම්, ජාතිභේද ඇවිස්සීම් වගේ දේවල්. මේ වගේ කට්ටිය ඒගොල්ලන්ට ප්‍රතිරූප මවා ගන්න අවශ්‍ය වුණාම එක එක දේවල් කරන්න හදනවා. නමුත් මම හිතන්නේ ත්‍රිවිධ හමුදාව ඊට අවශ්‍ය කටයුතු පිළිවෙලට කරගෙන යනවා. පොඩි සිද්ධියක් කරන්න කෙනෙක් දෙන්නෙක් හිටියත් ඇති. කලබල වෙන්න දෙයක් නෑ. ආණ්ඩුව කොහොමත් මේක අවබෝධ කරගෙන ඇති. මේ රටේ අතීතයේ සිදුවෙච්ච දේවල් ගැන ආණ්ඩුවේ ඉන්න…

Read More

ඉදිරියට යන ගමන, ජාතිවාදය ඇතිකර ආපස්සට ගන්න කිසිවෙකුට ඉඩ නොදෙන බවත්, පටන් ගත්ත වෙනස ඉදිරියට ගෙනියන්න කාන්තාවන්ද ඉදිරියට පැමිණිය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. මන්නාරම, අඩම්බල් ප්‍රදේශයේ ඊයේ (15) පැවති මන්නාරම් දිස්ත්‍රීක් කාන්තා හමුව අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසුවාය. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, “අපේ රටේ තිබුණ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි යුද්ධය, ප්‍රචණ්ඩත්වය, අපි එකිනෙකා දිහා අවිශ්වාසයෙන් බැලුවේ. ඇත්තටම අපි බෙදුණු රටක් වුණා යුද්ධය නිසා. ඒ හේතුවෙන් වැඩිපුරම ගැටලුවලට මුහුණ දුන්නේ කාන්තාවන්. අපි දන්නවා රටේ බහුතරයක් කාන්තාවන් අම්මා, තාත්තා, පුතා, දුව,සහෝදර, සහෝදරියන් නැතුව දුක් විදිනවා. මේ ප්‍රදේශයේ එහෙම දුක් විදින බොහෝ කාන්තාවන්…

Read More

සංචාරක, නිෂ්පාදන සහ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රවල ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා වන ආයෝජනයන්ට වසර 10 දක්වා බදු සහන ලබා දීමට රජය තීරණය කර තිබේ. මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අදාළ නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 50ත් 300ත් අතර ආයෝජන සඳහා මෙම බදු සහන ලබාදීමට නියමිතව තිබේ. එම ආයෝජනයෙන් අවම වශයෙන් දේශීය රැකියා 50ක උත්පාදන අවශ්‍යතාවයක් පැවතිය යුතු බව ද මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය පවසයි. අදාළ ආයෝජනයන් සඳහා වසර 05 සිට වසර 10 දක්වා සංස්ථාපිත ආදායම් බද්දෙන් නිදහස් කිරීමට යෝජනා කර ඇත. ඊට අමතරව එම…

Read More

බංග්ලාදේශ නව රජයේ දිවුරුම් දීමේ උත්සවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගීවීමට නියමිතව තිබේ. එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධර්මපාල වීරක්කොඩි මහතා විසින් මේ බව බංග්ලාදේශ මාධ්‍ය වෙත තහවුරු කර ඇත. බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙසින් තේරී පත්වූ තාරික් රහ්මාන්ගේ දිවුරුම් දීම සහ අභිනව රජයේ දිවුරුම් දීමේ උත්සවය එළැඹෙන අඟහරුවාදා (17) ඩකාහිදී පැවැත්වීමට නියමිතව ඇත. මෙම අවස්ථාවට ඉන්දියාව නියෝජනය කරමින් ලෝක් සභා කථානායක ඕම් බිර්ලා, විදේශ ලේකම් වික්‍රම් මිස්රි ඇතුළු ඉන්දීය දූත පිරිසක් ඇතුළුව කලාපිය රටවල නියෝජිතයන් සහභාගිවීමට නියමිත බව සඳහන්ය. පසුගියාදා පැවති බංග්ලාදේශ මහ මැතිවරණයෙන් BNP පක්ෂය ප්‍රමුඛ සන්ධානය පාර්ලිමේන්තු ආසන 300න්…

Read More

අකුරේගොඩදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් සියලු නීතීඥවරුන් අද (16) දිනයේ දිවයින පුරා අධිකරණ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන සිදු කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවය. අකුරේගොඩ ප්‍රදේශයේදී පසුගිය සිකුරාදා නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීමක් ඊයේ (15) පස්වරුවේ පවත්වනු ලැබීය. එම සාකච්ඡාවේදී එළැඹි තීරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළ කරමින් සඳහන් කර සිටියේ, සංගමයේ…

Read More

මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More