Close Menu
Lanka Focus News
    What's Hot

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉරානයේ උත්තරීතර නායකයා ලෙස මොජ්තබා කමේනි පත්වෙයි
    Featured

    ඉරානයේ උත්තරීතර නායකයා ලෙස මොජ්තබා කමේනි පත්වෙයි

    By LFNMarch 9, 2026No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමෙරිකානු – ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනිගෙන් පසු, ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස ඔහුගේ දෙවන පුත්‍රයා වන මොජ්තබා කමේනි (Mojtaba Khamenei) තේරීපත්ව තිබේ.

    1969 සැප්තැම්බර් 8 වැනි දින ඊසානදිග මෂාඩ් නගරයේ උපත ලබා ඇති මොජ්ටාබා කමේනි දරුවන් හය දෙනාගෙන් දෙවැන්නා වේ.

    ඔහු ටෙහෙරානයේ ආගමික අලවි පාසලෙන් ද්විතීය අධ්‍යාපනය ලබා ඇතැයිද සඳහන්.

    ඉරාන මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත්තේ අවුරුදු 17දී ඔහු ඉරාන – ඉරාක යුද්ධය අතරතුර කෙටි කාලයක් එරට යුද හමුදාවේද සේවය කර ඇති බවය.

    එමෙන්ම 1999 දී සිය ආගමික අධ්‍යනය කටයුතු සිදුකරගෙන යාම සඳහා ෂියා දේවධර්මයේ වැදගත් මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන ශුද්ධ නගරයක් වන කොම් වෙත ගොස් ඇති බවත් සඳහන් වේ.

    තවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ මොජ්තබා කමේනි නිහඬ චරිතයක් බවත් ඔහු කිසි දිනක රජයේ තනතුරු දරා නොමැති බවත්ය.

    එමෙන්ම ඔහු ප්‍රසිද්ධ කථා හෝ සම්මුඛ සාකච්ඡා ලබා දී නොමැති බවත් ඔහුගේ ඡයාරූප සහ වීඩියෝද සීමිත සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් වී ඇතැයිද සඳහන්.

    කෙසේ නමුත් වසර ගණනාවක් පුරා ඉරානය තුළ තිරය පිටුපස ඔහු සැලකිය යුතු බලපෑමක් සිදුකර ඇතැයිද කටකතා පැතිර ගිය ගොස් තිබුණි.

    පසුගිය 28 වැනි දින ඊශ්‍රායල – අමෙරිකා ප්‍රහාරයකින් ඔහුගේ පියා වන ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ල අලි කමේනි ඝාතනය කෙරිණි.

    එම ප්‍රහාරයෙන් අලි කමේනි පමණක් නොව ඔහුගේ බිරිඳ, දියණිය, බෑණා සහ මුනුපුරාද ඝාතනය වී ඇති බව ඉරාන මාධ්‍ය පසුව වාර්තා කළේය.

    ඒ අනුව දශක තුනකට අධික කාලයක් ඉරානය පාලනය කළ අයතුල්ලා අලි කමේනිගෙන් පසු ඔහුගේ පුතා වන මොජ්ටාබා කමේනි මින් ඉදිරියට ඉරානය පාලනය කරනු ඇතැයිද සඳහන් වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 202603 Views

    2027 වසරේ සිට 6 ශ්‍රේණියේදී ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ නව විෂයක් හඳුන්වාදීමට කටයුතු කරන…

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 4, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.