Author: LFN

දිවයිනේ ප්‍රදේශ රැසක පවතින අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වය ලබන අප්‍රේල් මස මැද දක්වාම අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සුළගේ වේගය ද අඩු ස්වභාවයක් පෙන්නුම් කිරීම හේතුවෙන් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වයේ ඉහළ යාමක් පෙන්නුම් කරන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම තත්ත්වය තුළ අධික වෙහෙසකින් යුතුව වැඩකටයුතු කරන පුද්ගලයින් තම ශරීර සෞඛ්‍ය පිළිබඳ විමසිලිමත් විය යුතු බවත්, වැඩි වශයෙන් ජලය පානය කිරීම සිදුකළ යුතු බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. විශේෂයෙන් පාසල් දරුවන් ක්‍රීඩා කටයුතු සඳහා යෙදවීමේදී ගුරුවරුන් ඒ පිළිබදව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය. ඊයේ (5) දිනයේ උපරිම වර්ෂාපතනය මොනරාගල දිස්ත්‍රික්කයේ හඳපානාගල ප්‍රදේශයෙන්…

Read More

කුෂ් සහ හෂිස් කිලෝ 11ක් සමග සැකකරුවෙකු කටුනායකදී ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්ය. සැකකරු සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 590ක් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 910ක් පොලිස් බාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපොළ ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More

සාමදාන විනිශ්චයකාර තනතුර තවදුරටත් දේශපාලනික කරුණු මත ලබා නොදෙන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මේ වන විට සාමදාන විනිශ්චයකාරවරයෙකු සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහාද ක්‍රමවේදයක් සකසා ඇති බවය. එමෙන්ම මේ වන විට දිවයින පුරා සිටින සාමාදාන විනිශ්චයකාරවරුන්ගේ දත්ත ඇතුළත් පද්ධතියක් සකස් කරගෙන යන බවත් පැවසූ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ඒ අනුව යම් පිටපතක් සහතික කිරීමේදී ඔහු සාමදාන විනිෂ්චයකාරවරයෙකුද නැද්ද යන්න දැනගත හැකි වනු බවය. තවද ඉදිරියේදී මෙම තනතුර සඳහා පත්වීම් ලබා දීමේදී උපරිම වයස් සීමාව 75 දක්වා පමණක් ලබා දෙන බවද අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසීය. එහිදී වැඩිදුරටත්…

Read More

විදුහල්පති සේවයේ මෙන්ම රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර ගණනාවක පවතින වැටුප් විෂමතාවයන් වෙනුවෙන් විසඳුම් ලබා දීම සඳහා වැටුප් කොමිසමක් මෙම වසරේ ස්ථාපිත කරන බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. අද (06) පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඇය පැවසුවේ එම කොමිසම හරහා රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සඳහා තිරසාර විසඳුමක් ලබා දීමට අපේක්ෂා කරන බවය. එහිදී අදහස් දැක්වූ අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, “විදුහල්පති සේවයේ පවතින වැටුප් විෂමතාවය පිළිබඳව අපි දීර්ඝ සාකච්ඡා අරගෙන තියෙනවා විදුහල්පති සංගම් සහ විදුහල්පතිවරුන් අතරත්. අපි මේ විෂමතාවය පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා කරමින් යම් විසඳුමක් සොයන්න අපි උත්සාහ ගනිමින් ඉන්නේ. රජයේ ප්‍රතිපත්තිය හැටියට වැටුප් කොමිසමක් පත් කරන්න නියමිතයි මේ අවුරුද්දේ. ඒ වැටුප් කොමිසම…

Read More

යාපනය ගුරුනගර් තොටුපොළේදී අද (6) බෝට්ටුවක් පෙරළී අනතුරකට ලක්ව තිබේ. පාලෙයිතිව් උත්සවය සඳහා වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් සිටි බෝට්ටුවක් මෙලෙස අනතුරට පත්ව ඇති බව වාර්තා වේ. පුද්ගලයින් කිහිපදෙනෙකු දියේ ගිලී ඇති අතර, ඔවුන් බේරාගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව අප වාර්තාකරු පැවසීය.

Read More

අපරාධකරුවෙකු වන ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසීට අයත් බව කියන රුපියල් කෝටි 3ක් වටිනා සුඛෝපබෝගී තෙමහල් නිවසක් නීති විරෝධී වත්කම් කොට්ඨාසය මගින් තහනම් කර තිබේ. පන්නිපිටියේ පිහිටි මෙම නිවස දින 7ක කාලයක් සඳහා තහනම් කර ඇති බව පොලීසිය පවසයි. අදාළ නිවස 2012 වසරේදී පොඩි ලැසීගේ මිත්තණියගේ නමින් මිලදීගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇති අතර, මිත්තණියගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ, තමන්ට අදාළ දේපළ මිලදීගැනීම සඳහා මුදල් නොතිබූ බවය. අනතුරුව පොඩි ලැසීගේ මවගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ, අදාළ නිවස මිලදීගැනීම සඳහා මුදල් ලබාදුන්නේ කවුරුන්ද යන්න පිළිබඳව තමන්ට මතක නැති බවය. නිවසේ පෙර අයිතිකරුද ප්‍රශ්න කිරීම් හමුවේ, තමන්ට ද…

Read More

ප්‍රමිතියෙන් තොර ප්‍රශ්නගත ගල් අඟුරු භාවිතයෙන් නොරොච්චෝලේ බලාගාරයේ යන්ත්‍රවලට හානිසිදුවිය හැකි බවට එහි නිලධාරීන් අනතුරු අඟවයි. ඒ පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට හමුවේ පසුගිය (04) පෙනීසිටි අවස්ථාවේදීය. නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ආනයනය කෙරුණු ගල්අඟුරු තොග නිසි පිරිවිතරයන්ට නොමැතිවීම සම්බන්ධයෙන් රටතුළ පසුගිය සමයේ දැඩි කතාබහක් නිර්මාණය වුණි. මතභේදාත්මක ගල්අඟුරු නෞකා නවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විමර්ශනයක් ඇරඹුවේ පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ උපදෙස් අනුවය. එලෙස සිදුකළ විමර්ශනයේ වාර්තාව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මගින් පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික…

Read More

ඉරානයට අයත් ‘IRIS Bushehr’ නෞකාව ත්‍රිකුණාමලය වරාය වෙත ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී මාධ්‍ය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ එහි 208ක් වූ නෞකාවේ කාර්ය මණ්ඩලය මේ වනවිට කොළඹ වරාය වෙත රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවය. මෙහිදී ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ භූමිය, මුහුදු කලාපයන් සහ ගුවන් කලාපය කිසිදු රාජ්‍යයකට ගැටුම්වලදී පක්ෂපාති ආකාරයෙන් භාවිත කිරීමට හෝ වෙනත් රටකට පීඩාවක් ඇතිවන ආකාරයෙන් භාවිත කිරීමට ඉඩ නොදෙන බවය. “විශේෂයෙන්ම මෙම මැදපෙරදිග ගැටුමේදී සහ ඕනෑම ජාත්‍යන්තර ගැටුමකදී අපේ ස්ථාවරය සහ මධ්‍යස්ථභාවය වන්නේ අපේ භූමිය, මුහුදු කලාපය, ගුවන් කලාපය කිසිසේත්ම කවර හෝ රාජ්‍යයකට…

Read More

ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යයන් සහ රාජකාරි පවරාදෙමින් අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීම සඳහා විධිවිධාන සලසමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම ගැසට් නිවේදනය මාර්තු 09 වන දින සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇත. ගැසට් පත්‍රයට අනුව, විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් සඳහා අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීම සඳහා විධිවිධාන සලසා ඇති බව සඳහන්ය. ඒ අනුව, 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ (නිශ්චිත වගන්ති කිහිපයක් හැර) සෙසු ප්‍රතිපාදන 2026 මාර්තු 9 වන දින සිට බලාත්මක වන අතර, එමඟින් ලංකා විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවනු ඇත.

Read More

අවි බිම තබා වහාම යටත්වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බළකායට, එහි හමුදාවන්ට සහ පොලීසියට දැනුම්දී තිබේ. ඔවුන් එසේ කළහොත් ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන බවත්, එසේ නොකරන්නේ නම් නියත මරණයකට මුහුණදීමට සිදුවන බවත් අමෙරිකානු ජනධිපතිවරයා අනතුරු අඟවා ඇත. ධවල මන්දිරයේ පැවති උත්සවයකදී තවදුරටත් අදහස් දැක්වූ ට්‍රම්ප්, “මම නැවත වරක් ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකායේ සියලුම සාමාජිකයින්ට, හමුදාවට සහ පොලීසියට ඔවුන්ගේ අවි බිම තබන ලෙස දන්වා සිටිනවා. එසේ කළහොත් ඔබ සම්පූර්ණ වශයෙන් ආරක්ෂිතයි. නමුත් එසේ නොකළහොත් ඔබට නියත වශයෙන්ම මරණයට මුහුණ දීමට සිදුවනු ඇත. මට ඒක දකින්න අවශ්‍ය නෑ” යනුවෙන් පවසා ඇත.

Read More