Author: LFN

දිස්ත්‍රික්ක දෙකක් සඳහා නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබේ. එම ආයතනය පැවසුවේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (20) පෙරවරු 08.00 සිට හෙට පෙරවරු 08.00 දක්වා ක්‍රියාත්මක බවය. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස දෙක සඳහා අවධානයෙන් සිටින ලෙස දන්වා තිබේ. මීට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, හඟුරක්කෙත, බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල සහ කන්දෙකැටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් බවින් සිටින ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දන්වා තිබේ.

Read More

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ආදේශකයක් ලෙස යොදා ගන්නා මත්පෙති තොගයක් සමග සැකකරුවෙකු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් තොටළඟ ප්‍රදේශයේදී ඊයේ (19) සවස අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු සන්තකයේ තිබී මත්පෙති 21,000ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, එම තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 30කට ආසන්නය. බස්නාහිර දකුණ දිසාව අපරාධ කොට්ඨාසයේ ඒකක 2 බාර ස්ථානාධිපති, උපපොලිස් පරීක්ෂක අතුල බාලසූරිය මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ගෑන්ඩ්පාස් ප්‍රදේශයේ වැටලීමකට යමින් සිටියදී ලද සාර්ථක තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. අදාළ තොරතුරෙන් පවසා ඇත්තේ මත්පෙති රැගෙන පුද්ගලයකු තොටළඟ ප්‍රදේශයේ නිවසකට පැමිණෙන බවය. ඒ අනුව රැකවල්ලා සිටි පොලිස් නිලධාරීන් සැකකරු මත්පෙති තොගය සමග අත්අඩංගුවට ගැනීමට…

Read More

වෙළෙඳපොළේ ලාෆ්ස් සන්නාමය සහිත එල් පී ගෑස් සිලින්ඩරවල තාවකාලික හිඟයක් පවතින බවට සංසරණය වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් එම සමාගම නිවේනදයක් නිකුත් කර තිබේ. එම නිවේදනය අනුව, වර්තමානයේ ගෘහස්ත ගෑස් සිලින්ඩර හිඟයට ප්‍රධාන හේතුව වී ඇත්තේ හම්බන්තොට වරාය පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති මෙට්‍රික් ටොන් 30,000ක එල් පී ගෑස් ආනයන-අපනයන ගබඩා පර්යන්තය දේශීය සැපයුම සඳහා භාවිතා කිරීමට බලපා ඇති රෙගුලාසිමය සීමාවන් බවය. එම ගබඩා පර්යන්තය දේශීය මෙහෙයුම් සඳහා කඩිනමින් නිදහස් කරගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු වෙනුවෙන් අදාළ රජයේ බලධාරීන් සමඟ නිරන්තර සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බවද සමාගම සඳහන් කරයි. මේ අතර, දේශීය ගෘහස්ත එල් පී ගෑස් ඉල්ලුම සපුරාලීම සඳහා ජාත්‍යන්තර සැපයුම්කරුවන්ගෙන් ඍජුවම ගෑස් තොග…

Read More

සෞඛ්‍ය සේවාවේ පවතින ගැටලු විසඳීමට ආණ්ඩුව නිසි පියවර නොගන්නා බව තමාටද වැටහෙන්නේයැයි අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් සඳහන් කළේය. ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් ඊයේ (19) මල්වතු අස්ගිරි මහ විහාර වෙත පැමිණ උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදීය. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නියෝජිතයින් අද පෙරවරුවේ මල්වතු මහා විහාරය වෙත පැමිණ, නිදහස් සෞඛ්‍ය සේවය සහ වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු පිළිබඳ මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නා හිමියන් දැනුම්වත් කළේය. අනතුරුව ඔවුන් අස්ගිරි මහා විහාරයට වෙත පැමිණ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහ නා හිමියන්ද දැනුම්වත් කළේය.

Read More

බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමට හැකිවන නව පනතක් ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්නූ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, “උසාවි විනිසුරුවන්ට පඩි ගන්න, නීතිඥවරුන්ට හම්බකරන්න නෙමේ. උසාවි තියෙන්නේ කාලය, මුදල් නාස්ති නොකර නඩු අවසන් කරන්න. අධිකරණවල නඩු ලක්ෂ 11ක් පමණ තියෙනවා. ඉස්සර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවලට දිනය ලැබුණේ අවුරුද්ද පැනලා. අලුත් අගවිනිසුරු යටතේ නඩු ඉවරවෙන ප්‍රමාණය වැඩියි. අපි අලුතින් අධිකරණ හදනවා. පාස්කු නඩුවට සහ අල්ලස් නඩුවලට…

Read More

විශ්වවිද්‍යාල සිසුන්ගේ සියලු ක්‍රියාකාරකම් අධීක්ෂණය සඳහා ආචාර්යවරුන් මැදිහත්විය යුතු බව පවසමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම නිකුත් කළ චක්‍රලේඛයට සිසුන්ගේ මෙන්ම ආචාර්යවරුන්ගේද දැඩි විරෝධය එල්ල වෙමින් තිබේ. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පෙන්වා දෙන්නේ, චක්‍රලේඛයේ අරමුණ නවකවදය වැළැක්වීම වුවත් මේ හරහා එම අරමුණ කිසිසේත් ඉටුනොවන බවය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉකුත් පෙබරවාරි 6 වැනිදා 2026/02 චක්‍රලේඛය නිකුත් කළේ විශ්වවිද්‍යාල සිසුන් සංවිධාන කරන විෂය බාහිර කටයුතු ඇතුළු සියලු ක්‍රියාකාරකම් ආචාර්යවරුන් සහ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදුවිය යුතු බව පවසමින්ය. ඒ, නවකවදය වැළැක්වීම අරමුණ කරගනිමින්ය. ඊට සමගාමීව කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරකම් රාත්‍රී 10ට අවසන් කළ යුතු බවට පරිපාලනය ගත් තීරණයකට එරෙහිව ඉකුත් අඟහරුවාදා එම විශ්වවිද්‍යාලයේ සිසුන්…

Read More

එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කේලර් මහතා, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා හමු වී තිබේ. ආරක්ෂක අමාත්‍යාංශයේදී ඊයේ (19) මෙම හමුව සිදුව ඇත. එහිදී දීස්වෛරීභාවය ආරක්ෂා කරන හා කලාපීය ආරක්ෂාව ශක්තිමත් කරන අපගේ විවෘත හා විනිවිද පෙනෙන හවුල්කාරිත්වය නැවත තහවුරු කරන ලදී. ඉන්දු-පැසිෆික් කලාපය පුරා ස්ථාවරත්වයට සහාය වීම සඳහා අවැසි ප්‍රායෝගික සහයෝගීතාව පුළුල් කිරීම සහ සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම පිළිබඳව ඔව්හු සාකච්ඡා කළහ. ඔවුන්ගේ සාකච්ඡාවලදී පහත සඳහන් කරුණුවලට ප්‍රමුඛත්වය හිමි විය: වෘත්තීයභාවය සහ හැකියාව: අපගේ වෘත්තීය බලවේග අතර බැඳීම් ශක්තිමත් කිරීම. ආරක්ෂක සහයෝගීතාව: අන්තර්ජාතික තර්ජනවලට මුහුණ දීම සඳහා අන්තර්ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම. සමුද්‍රීය…

Read More

වර්තමානයේ බුදුදහමට හා මහා සංඝරත්නයට එල්ලවෙමින් පවතින බලපෑම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් මහා සඟ සමුළුවක් අද (20) පැවැත්වීමට නියමිතව තිබේ. එම සමුළුව අද පස්වරු 2.00ට බෞද්ධ මහා සම්මේලනය මූලස්ථානයේදී ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. මෙම සඟ සමුළුව කිසිදු දේශපාලන අරමුණක් මත සංවිධානය කරන ලද්දක් නොවන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් කළහ. උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වර්තමානයේ භික්ෂූන් වහන්සේලාට එල්ලවී ඇති විවිධ බලපෑම්වලට විරෝධය පළ කිරීම සහ ඒ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ බවය. මේ අතර, බෙදුම්වාදයට සහ බෙදුම්වාදී බලවේගවලට එරෙහිව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා මහජන පෙත්සමකට අත්සන් ලබා ගැනීමේ වැඩසටහන ඊයේ (19) ආරම්භ විය.…

Read More

නවදිල්ලි නුවර පැවැත්වෙන “AI Impact 2026” සමුළුවට සහභාගි වී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා සිදුකර තිබේ. ඊයේ (19) පස්වරුවේ මෙම ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඒ අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පස්වරුවේ බ්‍රසීලයේ ජනාධිපති ලූලා ද සිල්වා, භූතානයේ අගමැති Tshering Tobgay යන මහත්වරුන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇත. එමෙන්ම අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු වන Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ බවද ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

Read More

9th Pakistan Army Team Spirit Competition – 2026, තරඟාවලියේදී මෙරටට ගෞරවයක් ගෙන දුන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා රන් පදක්කම්ලාභී කණ්ඩායම, 2026 පෙබරවාරි මස 19 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා හමුවිය. එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් මෙම තරඟ ඉතිහාසයේ දෙවන වරටත් රන් පදක්කම් ලබා ගනිමින් ලද කැපී පෙනෙන ජයග්‍රහණය වෙනුවෙන් එම කණ්ඩායමට සිය සුබ පැතුම් එක් කළ අතර, හමුව අවසානයේදී එතුමන් විසින් ජයග්‍රාහකයින් සඳහා සහතිකපත් සහ සමරු තිළිණ ප්‍රදානය කරන ලදී.

Read More