Author: LFN

ඊ (21) දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බවත්, ඒ හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව උතුරු, උතුරු – මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. සෙසු ප්‍රදේශවලට ප.ව. 1න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. එමෙන්ම මධ්‍යම, ඌව, සබරගමුව පළාත්වලත් මඩකළපුව, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි බලාපොරොත්තු වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය. තවද සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. මේ…

Read More

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඒකපාර්ශ්විකව පැනවූ ගෝලීය වෙළෙඳ තීරුබදු ෆෙඩරල් නීතිය උල්ලංඝනය කිරීමක් බව අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. මෙම අධිකරණ තීන්දුව ට්‍රම්ප් පාලන තන්ත්‍රය ලැබූ දරුණු පසුබෑමක් ලෙස සැලකෙයි. ඒ, අදාළ තීරුබදු පැනවීම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආර්ථික න්‍යාය පත්‍රයේ ප්‍රධාන අංගයක් වූ බැවිනි.

Read More

වීසා උපදේශනය ලබා දෙන බව පවසමින් ව්‍යාජ විදේශ රැකියා ආයතන පවත්වාගෙන ගිය පුද්ගලයින් තිදෙනෙකු ප්‍රදේශ කිහිපයකදී විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම කාර්යංශයට ලැබුණ තොරතුරු අනුව සිදුකළ වැටලීම්වලදී මෙම සැකකරුවන් අත්අඩංගුව ගෙන ඇති බව සඳහන් වේ. ජාඇල, කදාන ප්‍රදේශයේ රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 36ක මුදලක් වංචාකර තිබු බවට කාර්යංශය වෙත පැමිණිලි දෙකක් ලැබී තිබුණි. ඒ අනුව අදාළ ආයතනයේ හිමිකරු විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර එහිදී සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. එමෙන්ම මෙම ජාවාරමට සහය වූ තවත්…

Read More

දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම සඳහා ආරම්භ කර ඇති “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 99,000 ඉක්මවා ඇතැයි පොලීසිය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ මෙම මෙහෙයුම යටතේ මේ දක්වා සැකකරුවන් 99,540ක් අත්අඩංගුවට ගෙන ඇති බවය. තවද අදාළ මෙහෙයුම් මගින් සැකකරුවන් 137කට එරෙහිව නීති විරෝධී වත්කම් විමර්ශනද ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය. තවද සැකකරුවන් 1,973කට එරෙහිව රැඳවුම් නියෝග ලබා ගැනීමටද, පුනරුත්තාපනය සඳහා පුද්ගලයින් 1,639 යොමු කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. එමෙන්ම මෙම වැටලීම් මගින් හෙරොයින් කිලෝ 524යි ග්‍රෑම් 906ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1,416 ග්‍රෑම් 41ක්ද පොලිස් භාරයට ගැනීමටද පොලීසිය කටයුතු…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ. නවදිල්ලි නුවර පැවැත්වෙන ‘AI Impact 2026’ සමුළුවට සමගාමීව නායකයින් අතර මෙම් සාකච්ඡා පවත්වා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙහිදී අගමැති මෝදි ස්ලෝවැකියානු ජනාධිපති පීටර් පෙලෙග්‍රිනි, නෙදර්ලන්ත අගමැති ඩික් ෂූෆ්, අබුඩාබි ඔටුන්න හිමි කුමරු ෂෙයික් කලීඩ් බින් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇත. එමෙන්ම ස්විට්සර්ලන්ත ජනාධිපති ගයි පර්මලින්, ග්‍රීසියේ අගමැති කිරියාකොස් මිට්සෝටකිස් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සමගින්ද එම සාකච්ඡා පැවැත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

පසුගිය 2025 වසරේදී ද උද්භිද උද්‍යාන ආදායම රුපියල් බිලියනය ඉක්මවූ බව ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරනුයේ එම වසරේදී ද ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන ආදායමේ සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළ බවත් මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාවේ ඉහළ යෑම සහ සංචාරක අංශයේ වර්ධනය මේ සඳහා හේතුවී ඇති බවට පුරෝකතනය කරන බවය. 2025 වසරේදී ඇතිවූ දිට්වා සුළි කුණාටුවේ බලපෑම හමුවේ වුවද එම වර්ෂයේදී ජාතික උද්භිද උද්‍යානයන් හී උද්භිද විද්‍යාත්මක ආකර්ෂණයන්ගෙන් ලැබෙන ආදායම රුපියල් බිලියන ඉක්මවූ බවත් පෙන්වා දෙන එම දෙපාර්තමේන්තුව එය රුපියල් බිලියන 1.394ක් ලෙස වාර්තා වූ බවද සඳහන් කළේය. මෙම ආදායම 2024 වසර හා සැසඳීමේදී 07%ක ඉහළ යාමක් බවත්…

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. 1977 අංක 01 දරණ පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත, 1982 අංක 01 දරණ පනතේ 09 වන වගන්තිය හෝ 1990 අංක 47 දරන පනතේ 09 වන වගන්තිය ප්‍රාකාරව විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම ඇති සහ විශ්‍රාම වැටුපක් ලබන යම් තැනැත්තෙකුට මෙම පනත ක්‍රියාත්මකවීම ආරම්භ වන දින සහ එම දිනයට පසුව විශ්‍රාම වැටුප් ලැබීම නතර විය යුතු බවයි අදාල ගැසට් නිවේදනයේ දැක්වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පසුගිය 17 වනදා පැවැත්වුනු අතර එය වැඩි ඡන්දයෙන් සම්මත විය. අනතුරුව අදාළ පනත් කෙටුම්පත සදහා කතානායකවරයා අත්සන් තැබු…

Read More

ප්‍රබල අකුණු සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවල සවස 02.00න් පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. ඒ අනුව ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවත් පෙන්වාදෙන එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත්තේ අකුණු මගින් ඇතිවන අනතුරු අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

Read More

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව ඊයේ 19 වන දින නල්ලතන්නියේදී ‘සමනොල සිරි හරිත වන්දනා’ වැඩසටහන අරම්භ කරනු ලැබූ අතර, ඒ සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතාගේ මඟ පෙන්වීම යටතේ යුද්ධ හමුදා භටපිරිස් සිය සහාය ලබාදී ඇත.මෙම වැඩසටහනේ අරමුණ වූයේ බැතිමතුන් වන්දනා මාන කරනු ලබන ප්‍රදේශයන්හි පාරිසරික පිරිසිදුබව ආරක්‍ෂා කිරීම සහ ඒ සඳහා තිරසාර පිළිවෙත් ප්‍රවර්ධනය කිරීමයි. ඒ අනුව එම වැඩසටහනේදී ඊට සහභාගී වූවන් විසින් නිසි ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම, පිරිසිදු කිරීම සහ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව වීදි නාට්‍ය මගින් බැතිමතුන් දැනුවත් කර අවට පරිසරයට බැහැර කර තිබූ අපද්‍රව්‍යද ආරක්‍ෂිතව ඉවත් කර ඇති බවට වාර්තාවේ.

Read More

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු හතරකින් නෙදර්ලන්ත ජාතිකයෙකු ඇතුළු සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (19) මෙම අනතුරු සිදුව තිබුණේ තෙල්දෙණිය, පදියතලාව, වෙරළබඩ සහ බණ්ඩාරගම යන පොලිස් වසම්වලදීය. මහනුවර පදියතලාව මාර්ගයේ මොරගහමුල ප්‍රදේශයේදී යතුරුපැදියක් එම දෙසටම ධාවනය වූ බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු තෙල්දෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, 46 හැවිරිදි නෙදර්ලන්ත ජාතිකයෙකි. මේ අතර පදියතලාව පොලිස් වසමේ කෙහෙල්උල්ල ප්‍රදේශයේදී ටිපර් රථයක් රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ඇළකට පෙරළී අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ ටිපර් රථයේ රියැදුරු…

Read More