Author: LFN

කොළඹ – මහනුවර මාර්ගයේ වේවැල්දෙනිය ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මහනුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඊට ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින්, යතුරුපැදිකරු හා පසුපැදිකාරිය තුවාල ලබා ඇති අතර යතුරුපැදිකරු වරකාපොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. පසුපැදිකාරිය වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බව වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 21ක් වූ දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර දංඕවිට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර, කාන්තාවකට තුවාල සිදු කිරීමක් සම්බන්ධයෙන් නෙළුව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 67ක් වූ මොරවක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඉඩම් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවටත් තුවාලකාරිය මියගිය පුද්ගලයාගේ බිරිඳ වන බවත් සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මොරවක රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඝාතනයට සම්බන්ධ වයස අවුරුදු 49ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ

Read More

මහවැලි ගඟ ද්‍රෝණියේ පහත්බිම් ආශ්‍රිත ප්‍රදේශ සඳහා ඉදිරි පැය 24ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ මහවැලි ගඟෙහි ඇතැම් ධාරා ප්‍රදේශවලට පසුගිය ඇද හැලෙන වර්ෂාපතනය හේතුවෙන් මහවැලි ගඟ ද්‍රෝණියේ කින්නියා, මුතූර්, සේරුවිල, වැලිකන්ද, ලංකාපුර තමන්කඩුව හා දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහවැලි ගඟ ආසන්නයේ පහත්බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 24ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවය. තවද මඩකලපුව – පොළොන්නරුව මාර්ගය ගල්ලෑල් ප්‍රදේශයෙන්ද, සෝමාවතිය රජමහා විහාර පිවිසුම් මාර්ගයද, සෝමාවති රජමහා විහාරය අවට ප්‍රදේශයටද සුළු ගංවතුර තත්ත්යක් ඇතිවීමේ අවධානමත් මතුව ඇති බැවින් ඉදිරි දින කිහිපය පසුවන තෙක්…

Read More

රුපියල් ලක්ෂ 45ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු හෝමාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත අතුරුගිරිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමඟ ඊයේ (20) සිදුකළ ඒකාබද්ධ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 44වන පුද්ගලයෙකු වේ. අදාළ සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සඳහා හෝමාගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

Read More

උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් හෙට (22) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය. එමෙන්ම සෙසු ප්‍රදේශවල ප.ව. 1.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (21) දහවල් 2ට නිකුත්කළ මෙම කාලගුණ අනාවැකිය අනුව හෙට ඇතැම් ස්ථාන වලට මි.මී. 75 වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. එමෙන්ම මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නිසිපරිදි ඉදිරියට ගෙනයෑම සඳහා ජනාධිපතිවරයා විසින් විද්වත් කමිටුවක් පත්කිරීමට නියමිත බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ (20) යාපනයේ පැවැති සම්මන්ත්‍රණයකදීය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවේ තවත් අදියරක් යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ඊයේ මෙලෙස පැවැත්වුණි. එය සංවිධාන කර තිබුණේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උදෙසා ජනතා ව්‍යාපාරය විසිනි. එහිදී අදහස් දැක්වූ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, ”මෙන්න මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වන 2026 අවුරුද්දේ වෙන් කරලා තියෙනවා රුපියල් බිලියන දාහතක්. ඒ පාසල් අතර තියෙන යටිතල පහසුකම් වර්ධනය කරන්න. ඒ වගේ උපාධිධාරී ගුරුවරුන් 23,304ක් බඳවා…

Read More

පොලීසිය සිදු කරගෙන යන අපරාධ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ ඊයේ (20) දිනයේ පමණක් පුද්ගලයන් 29,165ක් පරික්ෂාවට ලක් කර තිබේ. එහිදී සැකපිට පුද්ගලයන් 584 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් සැකකරුවන් 18දෙනෙකු අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පැවසීය. ඊට අමතරව, දින වරෙන්තුකරුවන් 249දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 130දෙනෙකු අත්අඩංගුවට ගත් බව සඳහන් වේ. පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ විශේෂ මෙහෙයුම යටතේ බීමත් රියදුරන් 286දෙනෙකු සහ අපරික්ෂාකාරීව රිය පැදවීම හේතුවෙන් 57දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවය.

Read More

ගන්දර පොලිස් වසමේ දෙවුන්දර ප්‍රදේශයේ, සුපිරි වෙළඳසැලක් අසලදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ ඉන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කර ඇති බවය. මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

Read More

2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිබඳව මහජන අදහස් විමසීමේ කටයුතු පෙබරවාරි මස 25වනදා ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාව පවසයි. පෙබරවාරි මස 25වනදා සිට මාර්තු මස 18වනදා දක්වා වාචිකව මෙන්ම ලිඛිතව ද මහජන අදහස් ලබා ගැනීමේ කටයුතු සිදු කරන බව එම කොමිසන් සභාව සඳහන් කර සිටී. පළාත් 09ම ආවරණය වන පරිදි එම කටයුතු සිදු කිරීමට නියමිත අතර ඉන් පසුව සෙසු කරුණු ද සලකා බලා විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව කොමිසන් සභාව විසින් තීරණය කිරීමට නියමිතය. 2026 වසරේ දෙවන කාර්තුව සඳහා එනම් අප්‍රේල් මස පළමුවන දින සිට ජුනි…

Read More

සෝමාවතිය – සුංගාවිල මාර්ගය අද (21) පෙරවරුවේ අඩියක් පමණ ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පොළොන්නරුව දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරයා දැනුම්දී තිබේ. අද පෙ.ව. 9.15ට වන තත්ත්වය සැලකිල්ලට ගෙන නිකුත්කළ අදාළ නිවේදනයට අනුව සුංගාවිල සිට සෝමාවතිය පුදබිම දක්වා වූ මාර්ගය අඩියකින් පමණ ජලයෙන් යටවී ඇත. ඒ හේතුවෙන් සැහැල්ලු වාහන සඳහා මාර්ගය තාවකාලිකව වසා ඇති බව පොළොන්නරුව සහකාර අධ්‍යක්ෂ විසින් දැනුම් දී තිබේ.

Read More