Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
තවලම අකුරැස්ස මාර්ගයේ, තවලම හන්දිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් 17 හැවිරිදි අයෙකු මියගොස් තිබේ. අකුරැස්ස දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කාර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකරු තුවාල ලබා හිනිදුම රෝහලට ඇතුළත් කර, වැඩිදුර ප්‍රතිකාර සඳහා උඩුගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පැදිකරු මියගොස් තිබේ. පසුපැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත. අනතුර සම්බන්ධයෙන් කාර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හිනිදුම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 03ක් නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. ඒ අනුව අද (23) සිට අදාළ ගෑස් සිලින්ඩර වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කරන බව එම සමාගම සඳහන් කළේය. ගෑස් මෙට්‍රික්ටොන් 3,900ක් රැගත් නෞකාවක් කොළඹ වරායට ඊයේ පැමිණි අතර ගෑස් ගොඩබෑමේ කටයුතු ඊයේ දිනයේම ආරම්භ කළ බවද එම සමාගම සදහන් කළේය. මේ අතර තවත් ගෑස් නෞකා 02ක් ලබන 25 සහ 28 යන දිනවලදී දිවයිනට පැමිණීමට නියමිතව ඇත. පසුගිය දිනවල ගෑස් ඉල්ලුමේ අනපේක්ෂිත ඉහළ යාමක් හේතුවෙන් මෙරට ගෑස් වෙෙළඳපොළ තුළ ලිට්රෝ ගෑස් සැපයුමට බාධා එල්ලවිය. කෙසේ වෙතත් අද දිනයේ සිට දෛනිකව ගෑස් සිලින්ඩර් ලක්ෂයක් වෙළඳපොලට නිකුත්…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් ෆ්ලොරිඩා හි පිහිටි ‘මාර්-අ-ලාගෝ’ (Mar-a-Lago) නිකේතනයේ අධි ආරක්ෂිත කලාපයට අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ සන්නද්ධ පුද්ගලයෙකු ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්ව ඇත. ඊයේ (22) එරට වෙලාවෙන් අලුයම 1:30 ට පමණ මෙම සිදුවීම වාර්තා වූ බව විදෙස් මාධ්‍ය පවසයි. මියගිය පුද්ගලයා උතුරු කැරොලිනා ප්‍රාන්තයේ පදිංචි 21 හැවිරිදි ඔස්ටින් ටකර් මාර්ටින් ලෙස හඳුනාගෙන ඇත. ඔහු මීට දින කිහිපයකට පෙර අතුරුදහන් වී ඇති බවට පවුලේ අය විසින් වාර්තා කර තිබු බවද සඳහන් වේ. පරීක්ෂකයින් පවසන පරිදි, නිකේතනයේ උතුරු දොරටුවෙන් වාහනයක් පිටතට යන අවස්ථාවේදී සැකකරු විසින් සිය රිය ධාවනය කරමින් අධි ආරක්ෂිත කලාපයට තුළට ඇතුළු…
ඉන්දියාව පරාජය කර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ අද (22) රාත්‍රියේ පැවති තරගයෙන් ලකුණු 76ක විශිෂ්ට ජයක් ලැබීමට දකුණු අප්‍රිකාව සමත් විය. අහ්මදාබාද්හිදී පැවති මෙම තරගයේ දකුණු අප්‍රිකාවෙන් හිමිවූ ලකුණු 188ක ඉලක්කයට පිළිතුරු ලෙස ඉන්දියාවට පන්දුවාර 18.5කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුනු 111ක් පමණි. මෙම පරාජයත් සමග 2024 ලෝක කුසලාන තරගාවලියේ සිට මේ දක්වා විස්සයි20 ලෝක කුසලාන තරග 12ක් ජයගෙන වෙනත් කිසිදු කණ්ඩායමක් පිහිටුවා නොතිබූ වාර්තාවකට හිමිකම් කියා සිටි ඉන්දියාව එම අපරාජිත ගමනද නැවතුණි. අවසන්වරට 2022 විස්සයි20 ලෝක කුසලානයේ ඇඩිලේඩ් හි එංගලන්තයට එරෙහිව පැවති අවසන් පූර්ව තරගයෙන් පසු විස්සයි20 ලෝක කුසලාන තරගවලදී ලැබූ පළමු පරාජය මෙය…
2026 වසර සඳහා වන 'International Living' වාර්ෂික ගෝලීය විශ්‍රාම දර්ශකයට (Annual Global Retirement Index) අනුව, විදේශිකයන් සඳහා විශ්‍රාමික දිවිය ගතකිරීමට ලොව වඩාත්ම දැරියහැකි (Most Affordable) ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව තේරී පත්වී ඇත. ජීවන වියදම, සෞඛ්‍ය පහසුකම්, දේශගුණය සහ පදිංචිය සඳහා ඇති විකල්ප යන නිර්ණායක පදනම් කර ගනිමින් 'International Living' සඟරාව විසින් 35 වැනි වරටත් නිකුත් කරන ලද මෙම දර්ශකයට අනුව ග්‍රීසිය ලොව හොඳම විශ්‍රාමික ගමනාන්තය ලෙස ප්‍රථම ස්ථානය දිනාගෙන තිබේ. ග්‍රීසිය සමස්ත දර්ශකයේ පෙරමුණ ගත්තද, අවම වියදමකින් උසස් ජීවන රටාවක් ගත කළ හැකි රටවල් අතර ප්‍රමුඛයා බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවයි. විශ්‍රාමිකයන් සඳහා වන දැරියහැකි මිල (Affordability) අංශයෙන් ශ්‍රී ලංකාව…
කුලී ගමනක් යන මුවාවෙන් කැඳවා ගෙන ගොස් රියදුරු ඝාතනය කර ත්‍රීරෝද රථයක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් පුත්තලම පොලීසිය ආරම්භ කර තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පුත්තලම – තිල්අඩිය, අල්කාසිම් ගම්මානයේ පදිංචිව සිටි 72 හැවිරිදි පස්දරු පියෙක් බව පොලීසිය සඳහන් කරයි. පසුගිය 21 වෙනිදා රාත්‍රීයේ මිය ගිය පුද්ගලයාගේ නිවසට පැමිණ ඇති අයෙකු කුලී ගමනක් යාම සඳහායැයි පවසා ඔහුව කැදවා ගෙන ගොස් ඇත. 22 වෙනිදා අළුයම පුත්තලම – අඩපනාවිල්ලුව ප්‍රාදේශයේ කාණුවක තිබී මිය ගොස් ඇති අයෙකුගේ සිරුරක් ප්‍රදේශවාසියෙකු විසින් දැක ඒ බව පොලීසියට දැනුම්දීමට කටයුතු කර තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ පෙර දින කුලී ගමනක් යාම සඳහා ගිය ත්‍රීරෝද රථයේ හිමිකරු බවට…
කුප්පි ලාම්පුවක් දල්වාගෙන කෙසෙල්වත්ත, සාංචිආරච්චි වත්ත ප්‍රදේශයේ පාළුවට ගිය අඳුරු සහිත ගොඩනැගිල්ලක් තුළ අයිස් මත්ද්‍රවය පානය කරමින් සිටි නීතිඥවරයෙකු කෙසෙල්වත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි 26 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. එම නීතිඥවරයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව‍්‍ය මිලිගෑම් 130ක්, කුඩා වීදුරු කැබැල්ලක්, බටයක් ආකාරයෙන් සකසාගත් රුපියල් 20ක මුදල් නෝට්ටුවක් මෙන්ම උපත් පාලන කොපු 06ක්, ළදරු තෙල් බෝතලයක්, නීතිඥ හැඳුනුම්පතක්ද හා පොලිස් භාරයට ගෙන ඇත. කෙසෙල්වත්ත පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමකට ලද තොරතුරකට අනුව පාළුවට ගිය අඳුරු සහිත ගොඩනැගිල්ල තුළට ගොස් පරීක්ෂා කිරීමේදී සැකකාර නීතිඥවරයා මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි බව…
අකුරේගොඩදී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් වෙඩික්කරුගෙන් කරුණු රැසක් හෙළිකර ගැනීමට පොලිසියට හැකිව තිබේ. හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ වෙඩික්කරු අම්බලන්ගොඩ දෙල්දූවේදී පසුගිය (21) ප.ව. 6.20ට පමණ අත්අඩංගුවට ගනු ලැබීය. නීතීඥවරයාට ටී-56 ගිනිඅවියෙන් වෙඩිතැබීම සිදුකර ඇත්තේ මොහු බවට සැකකරන අතර, 46 හැවිරිදි ඔහු සුනිල් රංජිත් නම් 2009 වසරේදී ලබාදුන් පොදු සමා කාලයේදී යුද හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වූ අයෙක් බව මේ වනවිට අනාවරණය වී තිබේ. ඔහු අම්බලන්ගොඩ, දෙල්දූව ප්‍රදේශයේ තම මිතුරෙකුගේ නිවසක නැවතී හිඳිමින් යාබද කුරුඳු ඉඩමක වැඩකටයුතු කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්විය. බස්නාහිර පළාත දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත…
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය, දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා, දැනට පවතින වැසි තත්ත්වයේ අඩු වීමක් අද(23) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. එමෙන්ම ගාල්ල, මාතර, රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික…
ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවක් අද (22) දින දිවයිනට පැමිණ තිබේ. ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කළේ, එමඟින් ගෘහස්ත ගෑස් සිලින්ඩර 300,000 නිකුත් කිරීමට නියමිත බවය. එමෙන්ම ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් සහ 3700ක් රැගත් නෞකා දෙකක් ලබන 24 සහ 28 යන දිනයන්හිදී මෙරටට ළඟාවීමට නියමිතව ඇත. කෙසේ වෙතත් අදත් (22) දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගෑස් හිඟයක් පැවති බවට තොරතුරු වාර්තා විය. පසුගිය දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් හිඟයක් පවතින බවට පාරිභෝගිකයින්ගෙන් තොරතුරු ලැබුණු අතර ඇතැම් ස්ථානවල ගෑස් මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන් පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබිණි. පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කළේ…