Author: LFN

ඉන්දියාවේ ජාර්කන්ඩ් ප්‍රාන්තයේ චත්‍රා දිස්ත්‍රික්කයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. රෙඩ්බර්ඩ් එයාර්වේස් (Redbird Airways) සමාගමට අයත් ගුවන් ගිලන් යානයක් මෙලෙස අනතුරට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මෙම යානය ඊයේ (23) පස්වරු 7:11ට රාංචි ගුවන්තොටුපළෙන් නව දිල්ලිය බලා ගමන් ආරම්භ කර ඇති අතර, පස්වරු 7:30ට පමණ එය රේඩාර් පද්ධතියෙන් අතුරුදන් වී ඇත. පසුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ යානය, ඝන වනාන්තර ප්‍රදේශයකට කඩා වැටී ඇති බවය.

Read More

හයිලෙවල් මාර්ගයේ, පන්නිපිටිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ආසන්නයේ අද (24) උදෑසන සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය. ඉන්ධන පිරවුම්හලේ සිට එක්වරම අපරික්ෂාකාරී ලෙස මාර්ගයට පිවිසීමට උත්සාහ කළ ත්‍රිරෝද රථයක් බේරීමට ගිය බස් රථයක් මාර්ගයේ නවතා තිබූ ලොරියක ගැටී අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ අය අතරින් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වෙන අතර අනෙක් දෙදෙනාට සුළු තුවාල සිදුව ඇතැයි පොලීසිය පැවසීය.

Read More

2023 දී වැලිගම W15 හෝටලය අසල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සිද්ධියෙන් පසුව ඔහු විදේශගත සිට ඇති අතර නැවත ඊයේ (23) දිනයේ දිවයිනට පැමිණි අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Read More

වසර 6ක් පුරා ප්‍රමාද කර ඇති රේගු නිලධාරීන්ගේ උසස්වීම් හා වැටුප් මෙන්ම තවත් ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් වහාම ලිඛිත, සාධාරණ විසඳුම් ලබා නොදෙන්නේ නම් අකමැත්තෙන් වුවද දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව රේගු වෘත්තීය සමිති සන්ධානය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සන්ධානය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, වසර 6ක් පුරා අසාධාරණව අහිමි කළ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට අවශ්‍ය සියලුම වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බවය. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජාතික ආර්ථිකයට, ව්‍යාපාරික ප්‍රජාවට හා මහජනතාවට ඇති විය හැකි බලපෑම් සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම සිය වගකීම් පැහැර හරින ලද බලධාරීන් විසින් භාරගත යුතු බවද අදාළ නිවේදනයේ සඳහන් වේ. වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීරණය වීමට අදාළ සඳහන් ලිපිය පහතින්…

Read More

උණවටුන, පිල්ලගොඩ ප්‍රදේශයේ පිහිටි සංචාරක නවාතැන්පොළක ලැගුම්ගෙන සිටි රුසියානු ජාතික සංචාරකයෙකුට අයත් රුපියල් 6,20,000ක මුදලක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව එම නවාතැන්පොළෙහි හිමිකාරියගේ දියණිය උණවටුන සංචාරක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සොරකම සම්බන්ධයෙන් උණවටුන සංචාරක පොලීසිය වෙත පැමිණිල්ලක් ලැබී පැය කිහිපයක් ඇතුළත කඩිනමින් ක්‍රියාත්මක වූ නිලධාරීන් විසින් සැකකාරියව මෙලෙස අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. සංචාරකයින් විසින් සිය කාමරයේ සඟවා තිබූ කැමරාවක සටහන් වූ දර්ශන ඔස්සේ සිදුකළ පුළුල් විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. අදාළ සැකකාරිය අවස්ථා කිහිපයකදීම රහසිගතව මෙම සංචාරකයින් රැඳී සිටි කාමරයට ඇතුළු වන ආකාරය එම කැමරා දර්ශන මඟින් පැහැදිලිව නිරීක්ෂණය වී තිබේ. මීට පෙරද කිහිප වතාවකදීම මෙම නවාතැන්පොළේ…

Read More

උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය දුම්රිය පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනවිට නවතා දමා ඇති බවත් රඹුක්කන සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කිරීම සඳහා කිසිදු සැලසුමක් නොමැති බවටත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය චෝදනා කරයි. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ දිට්වා නිසා හානියට පත්වූ උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය දුම්රිය පාලම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජය මැදිහත්වී නව ද්විත්ව පාලමක් සකස් කිරීමට ප්‍රථමයෙන් යෝජනා වුවද පසුව පැරණි පාලම නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සැලසුම් සකස් කර තිබු බවය. එසේම රජය විසින් 2026 අප්‍රේල් මාසයේදී මහනුවර බලා දුම්රිය ධාවනය කරන බවට ප්‍රකාශ කළේය. නමුත් ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ…

Read More

ලොව සුප්‍රකට සංචාරක වෙබ් අඩවියක් වන Tripadvisor විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 වසරේ “Travelers’ Choice Awards Best of the Best” ශ්‍රේණිගත කිරීම් අනුව ආසියාවේ විශිෂ්ටතම වෙරළ තීරයන් 10 අතරට ශ්‍රී ලංකාවේ මිරිස්ස සහ බෙන්තොට වෙරළ තීරයන් තේරී පත්ව ඇත. මෙම ලැයිස්තුවේ මිරිස්ස වෙරළ තීරය 05 වන ස්ථානය දිනා ගැනීමට සමත්ව ඇති අතර, බෙන්තොට වෙරළ තීරය 07 වන ස්ථානය හිමිකරගෙන තිබේ. Tripadvisor ආයතනය සඳහන් කරන පරිදි “Best of the Best” සම්මානය පිරිනමනු ලබන්නේ සංචාරක ක්ෂේත්‍රයේ ඉහළම ගුණාත්මකභාවය අගය කරමිනි. පසුගිය මාස 12 ක කාලය තුළ ලොව පුරා සංචාරකයින් ලබාදුන් අතිවිශාල සමාලෝචන ප්‍රමාණය සහ ඔවුන්ගේ ප්‍රසාදය මෙහිදී සැලකිල්ලට ගෙන ඇති බව…

Read More

පියෙකුගේ පහරදීමෙන් රෝහල් ගතවු සිසුවියකට ඊයේ (23) පැවති සාමාන්‍ය පෙළ ගණිත ප්‍රශ්නපත්‍රය සඳහා පෙනී සිටීමට අලුත්ගම පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් අවස්ථාව සලසා දී තිබුණි. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දර්ගා නගරයේ පදිංචි සිසුවියක් පසුගිය සෙනසුරාදා පැවති විභාගයට මුහුණ දී නිවසට පැමිණ, දහය වසරේ ඉගෙනුම ලබන නැගණියද සමඟ අසල මිතුරිකගේ නිවසට ගොස් ආපසු පැමිණීමට ප්‍රමාදවී තිබුණි. පසුව දරුවන් දෙදෙනාට කලින් නිවසට පැමිණ සිටි පියා මේ සම්බන්ධයෙන් උරණ වී දියණියන් දෙදෙනාටම පහරදී ඇත. පහරකෑමට ලක් වූ සාමාන්‍ය පෙළ විභාගය ලියන දියණිය හා දහය වසරේ ඉගෙනුම ලබන දියණිය මෙම පියාගේ පහරදීම ඉවසාගත නොහැකිව අලුත්ගම පොලීසියට සිය පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි. පසුව පොලිස් ළමා…

Read More

යාපනය මණ්ඩතිව් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් වහාම නතර කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිඛිතව දැනුම් දී තිබේ. ඒ එහි ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට අදාළව පාරිසරික වාර්තාවක් ලබාගෙන නොමැති බවට හෙළිවීමත් සමඟය. යාපනය මණ්ඩතිව් දූපතෙහි ඉදිකෙරෙන යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 සැප්තැම්බර් මස (01) වනදා ආරම්භ වුණි. දිගු කාලීන සැලැස්මක් යටතේ මණ්ඩතිව් දූපත ජාත්‍යන්තර මට්ටමේ පහසුකම්වලින් සමන්විත ‘ක්‍රීඩා නගරයක්’ බවට පත්කිරීම පිළිබඳ සැලසුමද එම අවස්ථාවේදී ප්‍රකාශයට පත් කරන ලදී. මෙම ක්‍රීඩා නගරය පිහිනුම් තටාකාංගණයක්, අනෙකුත් ක්‍රීඩාවලින් සමන්විත අංග සම්පූර්ණ ගෘහස්ථ ක්‍රීඩාගාරයක්, තරු පන්තියේ හෝටල් හා අවන්හල්, සුඛෝපභෝගී මහල්…

Read More

අසාධාරණ ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරගත කිරීමට ආණ්ඩුව දරණ උත්සහාය සම්බන්ධයෙන් ඉදිරියේදී ජාත්‍යන්තරය දැනුවත් කිරීමට පියවර ගන්නා බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ඉදිරියේදී දිවයිනම ආවරණය වන පරිදි ජනතාව දැනුවත් කිරීමට ද පියවර ගන්නා බවය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් සංචාරයට අදාළ විමර්ශන කටයුතු මාසයක් තුළ අවසන් කර මාර්තු මස නඩු පැවරීමට කටයුතු කරන බව පසුගියදා නීතිපතිවරයා විසින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී තිබුණි. මේ සම්බන්ධයෙන් ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වු හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ, “ආණ්ඩුව මේ වනවිට නාගනිමින් ඉන්නවා…අපි මේක මෙතනින් අතහරින්නේ…

Read More