Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
තාවකාලික රියදුරු බලපත්‍ර ලබා දී ඇති රියදුරන් සදහා ස්ථිර රියදුරු බලපත්‍ර ලක්ෂ 4ක ප්‍රමාණයක් මේ වන විට නිකුත් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. ස්ථිර රියදුරු බලපත්‍ර කාඩ්පත් නොමැති වීම හේතුවෙන් පසුගිය කාලය තුළ රියදුරු පරීක්ෂණය සමත් වූ රියදුරන් හට තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර තිබුණි. එලෙස තාවකාලික රියදුරු බලපත්‍ර ලබා ගත් රියදුරන් හට මෙසේ ස්ථිර රියදුරු බලපත්‍ර නිතුක් කර ඇති බව ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පැවසුවේය. තවත් ස්ථිර රියදුරු බලපත්‍ර ලක්ෂයක් මුද්‍රණය කර ඇති අතර ඉදිරි දිනවලදී එම බලපත්‍ර ද තාවකාලික රියදුරු බලපත් ලබාගත් රියදුරන් වෙත යොමු කිරීමට පියවර ගන්නා බව ද…
වසරේ මේ දක්වා කාලය තුළ වනඅලි මරණ 44ක් වාර්තා වී ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ජනවාරි 01වනදා සිට පෙබරවාරි 20වනදා දක්වා කාලය තුළ මෙම මරණ සිදුව ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. වෙඩි තැබීම්, අනවසර විදුලි රැහැන් පද්ධති සවි කිරීම්, දුම්රිය අනතුරුවලට ලක්වීම්, විෂ ශරීරගත වීම් සහ දියේ ගිලීම් හේතුවෙන් මෙම වනඅලි මරණ වාර්තා වී ඇත. මේ අතර, අදාළ කාලය තුළ වනඅලි පහරදීම් හේතුවෙන් පුද්ගල මරණ 10ක් වාර්තා වී ඇති බව ද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන ධීවරයින්ට හා නාවික ප්‍රජාවන්ට අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක් කර තිබේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (24) දහවල් 2ට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය නැගෙනහිර දෙසට ගමන් කරමින්, ඉදිරි පැය 24 තුළ තවදුරටත් දුර්වල වනු ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් පහත සිතියමේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි මෙන්ම පැ.කි.මී 50 – 60 තද සුළං ද ඇති විය හැකි අතර මුහුද රළු විය හැකි බවද සඳහන්.
මහාපරිමාණ මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගැනීමට ඔත්තුව ලබාදුන් ඔත්තුකරුවෙකු ඝාතනය කර හිස කොටස අදාළ විමර්ශන සිදුකළ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ නිවස ඉදිරිපිට තැබීමේ කොන්ත්‍රාත්තුවක් භාරගත් කුලී ඝාතකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසිනි. කිරින්ද මුහුදු වෙරළේදී ඉකුත් වසරේ නොවැම්බර් 12 වෙනිදා අයිස් කිලෝගෑම් 350ක පමණ ප්‍රමාණයක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අතඅඩංගුවට ගනු ලැබීය. ඒ එහි හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාට ලද තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකදීය. එහිදී සැකකරුවන් 7 දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අදාළ මත්ද්‍රව්‍ය තොගය මේවන විට ඩුබායිහී සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘අංගොඩ ප්‍රියන්ත’ නැමැත්තාට අයත්…
මිනුවන්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ගත් 22 හැවිරිදි තරුණියක් අසාධ්‍යවීමෙන් පසු ගම්පහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වී තිබේ. මව්පියන් චෝදනා කරන්නේ මිනුවන්ගොඩ මූලික රෝහලේදී සිය දියණියට නිසි අයුරින් ප්‍රතිකාර නොලැබීම සහ වෛද්‍යවරයාගේ නොසැලකිල්ල හේතුවෙන් ඇයගේ මරණය සිදුවූ බවය. මිනුවන්ගොඩ ජාපාල වත්ත ප්‍රදේශයේ පදිංචි සෙනුරි තක්ෂිලා නමැති 22 හැවිරිදි විවාහක කාන්තාවක් අසනීප තත්ත්වයක් හේතුවෙන් ඉකුත් 18 වනදා මිනුවන්ගොඩ රෝහල්ට ඇතුළත් කර තිබුණි. දින 4ක් මිනුවන්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇයව ඉකුත් 22 වනදා අලුයම 1ට පමණ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් විනාඩි 20කට පමණ පසු අවාසනාවන්ත ලෙස මියගිය බවද මව්පියන් චෝදනා කරයි. මියගිය සෙනුරිගේ මව්පියන්…
වාද්දූව, මොරන්තුඩුව මාර්ගයේ මැලෑගම ප්‍රදේශයේ දී සිදු වූ අනතුරින් තුවාල ලබා සිටි එක් බස් රථ රියදුරෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (24) උදෑසන මෙම අනතුර සිදු වූ අතර ඉන් බස් රියදුරන් දෙදෙනාම තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කෙරිණි. එක් බස් රථයක් වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැකපල කරයි. කෙසේවෙතත් මෙම අනතුර හේතුවෙන් පානදුර – මොරොන්තුඩුව මාර්ගය, මැලෑගම ප්‍රදේශයෙන් අවහිර වී තිබූ අතර ගමනාගමනයට ද බාධා එල්ල විය. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වාද්දූව පොලීසිය මඟින් මෙහෙයවයි.
කැලණිවැලි දුම්රිය මාර්ගයේ පුවක්පිටිය හා අවිස්සාවේල්ල අතර සැතපුම් 35 දම්වැල් 30 කිරිවන්දල ස්ථානය අසල හයිලෙවල් මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය අළුත්වැඩියා කටයුතු සිදුකිරීම සඳහා තාවකාලිකව වසා තබන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි. අදාළ මාර්ගයේ අලුත්වැඩියා කටයුතු මාර්තු 05 සිට මාර්තු 08 අතර කාලයේ සිදුකිරීමට නියමිත අතර පහත සඳහන් අළුත්වැඩියාවන් හේතුවෙන් මහා මාර්ගයේ වාහන ගමනාගමනය අර්ධ හා සම්පූර්ණ වශයෙන් වසා තබන බව නිවේදනයේ සඳහන් වෙයි. 2026 මාර්තු 05 දින බ්‍රහස්පතින්දා පෙ.ව 8.30 සිට ප.ව 4.30 දක්වා අර්ධ වශයෙන් 2026 මාර්තු 06 සිකුරාදා පෙ.ව 8.30 සිට ප.ව 4.30 දක්වා අර්ධ වශයෙන් 2026 මාර්තු 07 සෙනසුරාදා පෙ.ව 8.30 සිට ප.ව 4.30 දක්වා අර්ධ…
දේශ සීමා නීති උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රාවක්, මන්නාරම මුහුදේදී නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ. එමෙන්ම එම ධීවර යාත්‍රාවේ සිටි ඉන්දීය ධීවරයින් 12දෙනෙකුද නාවික හමුදාව සිය භාරයට ගෙන ඇත. මන්නාරමට දකුණු දෙසින් වු මෙරට මුහුදු සීමාවේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් මෙම පිරිස සිය භාරයට ගත් බව නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය. මෙම ඉන්දීය ධීවර යාත්‍රාව සහ ධීවරයින් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා දික්ඕවිට ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර ඇත.
වාද්දූව, මොරන්තුඩුව මාර්ගයේ මැලෑගම ප්‍රදේශයේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇතැයි පොලීසිය පවසයි. අනතුර සිදුවන අවස්ථාවේ දී බස් රථ දෙකෙහිම මගීන් සිට නොමැති අතර, අනතුරින් බස් රියදුරන් දෙදෙනාම තුවාල ලබා පානදුර මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තාවේ. එක් බස් රථ රියදුරෙකුගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වේ. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වාද්දූව පොලීසිය මඟින් මෙහෙයවයි.
මෙම වසරේ නිවාස වැඩසටහන යටතේ නිවාස 31,000ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව නිවාස ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ “තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක්“ යන තේමාව යටතේ 2026 ජාතික නිවාස වැඩසටහන හෙට දිනයේ ආරම්භ කිරීමට නියමිත බවය. දිස්ත්‍රික් 13ක් ආවරණය වන පරිදි එම නිවාස ඉදිකිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද අමාත්‍ය සුසිල් රණසිංහ මහතා සදහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිවාස ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා, ”මේ අවුරුද්දේ අපි 2026 යටතේ නිවාස 31,000ක් ඉදිකිරීමට සැලසුම් කරලා තියෙනවා. මෙයින් නිවාස 25,000ක් පමණම වගේ ඍජු ආධාර යටතේ තමා ඉදිවෙන්නේ. නිවාස සංවර්ධන අධිකාරිය යටතේ අපි…