Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින්, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන ධිවර සහ නාවික ප්‍රජාව සඳහා අවධානයෙන් සිටින ලෙස දැනුම් දී තිබේ. බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පහල වායුගෝලීය කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, පහත සිතියමේ සලකුණු කර ඇති මුහුදු ප්‍රදේශයේ තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ විටින් විට පැ.කි.මී (50-60) පමණ තද සුළං ඇතිවිය හැකි අතර මෙම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව සඳහන් වේ. ධීවර සහ නාවික ප්‍රජාව, මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ…
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 200ට වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, දිස්ත්‍රික්ක හතරකට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15කට ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇති බව එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේය. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, ගඟ ඉහළ කෝරළය, දොළුව, යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, යටියන්තොට, මාවනැල්ල, දෙහිඕවිට, අරණායක, මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම, අඹන්ගඟ කෝරළය, උකුවෙල, විල්ගමුව, රත්තොට, සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇත. දිස්ත්‍රික්ක හයකට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12කට අදියර දෙක යටතේ අවදානයෙන් සිටින ලෙසට පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන…
අකුරේගොඩ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථ ගාලේදී පසුගිය 13 වැනි දින නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් මේ වන විට තොරතුරු රැසක් ලැබී ඇතැයි පොලීසිය පවසයි. පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් 12කින් විමර්ශන ක්‍රියාත්මක කෙරුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙසට වෙඩික්කරුවෙක් ඇතුළු සැකකරුවන් 9දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ අනුව ඝාතනයේ ගිනිඅවි ප්‍රවාහනය කරමින් නීතිඥවරයාගේ වාහනය ගැන ඔත්තුව දුන් අතුරුගිරියේ පදිංචි එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙක් සහ එය සම්බන්ධීකරණය කළ ”පොල්ගස්ඕවිට ඩිලා” මූලික විමර්ශනවලදී අත්අඩංගුවට ගෙන තිබුණි. එමෙන්ම, පොලිස් විශේෂ කාර්ය බළකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකය මගින් කහදූව ඇත්කඳුර ප්‍රදේශයේදී මෙම සිද්ධියට…
ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ඇහැළියගොඩ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මි.මී 171ක් ලෙස සටහන් වූ බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පවසයි. එමෙන්ම කටුගස්තොට ප්‍රදේශයට මි.මී 120ක පමණ තද වැසි ඇඳ හැලී ඇති බවද සඳහන්. ඊයේ (21) දිනයේ දිවයිනේ ප්‍රදේශ රැසකට වර්ෂාව ලැබී ඇති අතර සබරගමුව, මධ්‍යම හා නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි වාර්තා වී ඇති බවද ඒ මහතා සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (22) පස්වරු 1.00න් පමණ පසුව, තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතින බවය. ඒ අතරින්…
මොනරාගල – පොතුවිල් ප්‍රධාන මාර්ගයේ, මොනරාගල නගරය ආසන්නයේදී කැබ් රථයක් පාලමකින් පහළට පෙරලීමෙන් අනතුරක් සිදු ව තිබේ. එම අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති බව වාර්තා වේ. කෙසේ වෙතත් මෙම අනතුරින් කැබ් රථයට, පාලමට සහ මොනරාගල නගරයට ජලය ගෙන එන ප්‍රධාන ජල නල පද්ධතියට දැඩිව අලාභ හානි සිදු වී ඇත. අනතුර සම්බන්ධයෙන් මොනරාගල පොලිසීය ඉදිරි විමර්ශන සිදු කරයි.
අද (22) උදෑසන 7.30ට පමණ ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වන ගාලු කුමාරි සීග්‍රාගාමී දුම්රියේ කැබ් රථයක් ගැටීමෙන් කැබ්රථ රියදුරා බලපතළ තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පයාගල පොලීසිය ප්‍රකාශ කරයි. මෙම දුම්රිය හරස් මාර්ගයේ වර්ණ සංඥා පද්ධතිය නිසියාකාරව ක්‍රියා නොකරන අතර දුම්රිය හරස් මඟට නිසි ආරක්ෂිත ගේට්ටුවක් ද සවිකොට නොමැති බව වාර්තා වේ. මෙසේ දුම්රියේ ගැටී ඇත්තේ යාබද ඉදිකිරීම් ව්‍යාපෘතියක සේවය කරන පුද්ගලයකුගේ කැබ් රථයක් බවට අනාවරණය වී ඇති අතර දුම්රිය ගැටීමෙන් අනතුරුව කැබ් රථය මීටර් පනහකට ආසන්න ප්‍රමාණයක් ඇදී ගොස් ඇත. අනතුරින් කැබ් රථයේ රියදුරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මාතර – දෙවුන්දරදී ඊයේ (21) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීම සිදුව ඇත්තේ අදාළ පුද්ගලයාට තිබෙන ජීවිත තර්ජන මැද බවට මේ වන විට අනාවරණය වී තිබේ. ඊයේ පස්වරු 1ට පමණ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර එම වෙඩි ප්‍රහාරයෙන් 55 හැවිරිදි සිරිල් හෙන්දවිතාරණ නොහොත් “ඩිලයිට්” නමින් හැඳින්වෙන මාළු ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත්විය. පොලීසිය පැවසුවේ මෙම වෙඩි තැබීම මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවියකින් සිදු කර ඇති බවට අනාවරණය වී ඇති බවය. ඔහුට අයත් හෝටලයකට 2023 වසරේදීද වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එහිදී ඔහුට කිසිදු හානියක් සිදුව නොමැත. එවැනි වාතාවරණයක් මත ඔහු විසින් වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කර ගැනීම…
පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක 4කට නායයෑම් රතු නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, දොළුව, උඩුදුම්බර, ගඟ ඉහළ කොරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, කෑගල්ල, දෙහිඕවිට, අරණායක, මාවනැල්ල, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත්, මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, අඹගමුවකොරළය, ලග්ගල පල්ලේගම, විල්ගමුව, උකුවෙල, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑම් රතු නිවේදන නිකුත් කර තිබේ. මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ හම්දුම්මුල්ල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩහින්න, වලපනේ, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, කිරිල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර දෙක යටතේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කිරීමටද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත. තවද බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල, කන්ඳකැටිය, හපුතලේ,…
පවතින අධික වර්ෂාපතනයත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඊයේ (21) පස්වරුවේ නිකුත් කරනු ලැබූ නායයෑම් රතු නිවේදන හමුවේ දිස්ත්‍රික්ක 3කට අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 3ක පවුල් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර බඹර බැද්ද ප්‍රදේශයේ පවුල් 40ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෝවිල් කන්ද ප්‍රදේශයේ පවුල් 02ක් සහ මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ කෝරලේ කළුගල්තැන්න ප්‍රදේශයේ පවුල් 05ක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කළ බවය. එමෙන්ම පවතින අධික වර්ෂාපතනය හමුවේ මහනුවර මාර්ග දෙකක්ද අවහිර වී ඇති බවත් පැවසූ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ ගුහාගොඩ හල්ඔළුව…
ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලීය පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 ඉක්මවූ වැඩි තද වැසි ඇති විය හැකි බවය. බස්නාහිර සහ වයඹ පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් උදැසන කාලයේදීද වැසි ඇති විය හැකිය. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එහි සඳහන් වේ.