Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
දැරණියගල, මාලිබොඩවත්ත තේ කර්මාන්ත ශාලාව කොටසේදී මාමණ්ඩිය විසින් එල්ල කළ පිහි ප්‍රහාරයකින්, බෑණා ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (20) පස්වරුවේ දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිගයාම හේතුවෙන් මාමණ්ඩිය විසින් මෙසේ තියුණු ආයුධයකින් බෑනාට පහර දී ඇති බව වාර්තා වේ. ඉන් බරපතළ තුවාල ලැබූ බෑනා, ප්‍රදේශවාසීන් විසින් එක්ව දැරණියගල දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළ ද, ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇත. මෙලෙස මියගොස් ඇත්තේ 33 හැවිරිදි එක්දරු පියෙක් වන අතර ඔහුගේ බිරිඳ මේ වනවිට රැකියා සඳහා විදේශගතව සිටින බව ද සඳහන්. ඝාතනය සිදු කිරීමෙන් පසු මාමණ්ඩිය ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා දැරණියගල පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
මෙරට රත්‍රං මිල ගණන් රුපියල් 4,000කින් පමණ ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (21) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 366,300 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (20) දිනයේ දී එය දැක්වුණේ රු. 362,600ක් ලෙසය. මේ අතර සිකුරාදා රු. 392,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 396,000ක් දක්වා ඉහළ ගොස්ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෝටර් රථයක් බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් 3 හැවිරිදි දැරියක් මියගොස් තිබේ. අනතුර සිදුවී තිබුණේ ඊයේ (20) දහවල් කාලයේදී ඇත්ගාල පොලිස් වසමේ ගම්පොල නාවලපිටිය මාර්ගයේ නාගොල්ල ප්‍රදේශයේදීය. එම අනතුරින් යතුරුපැදිකාරිය, දරු දෙදෙනා තුවාල ලබා ගම්පොල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දියණිය මෙලෙස මියගොස් ඇත. අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇත්ගාල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
දිස්ත්‍රික්ක දෙකක් සඳහා නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබේ. එම ආයතනය පැවසුවේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (21) පෙරවරු 08.00 සිට හෙට (22) පෙරවරු 08.00 දක්වා ක්‍රියාත්මක බවය. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස දෙක සඳහා අවධානයෙන් සිටින ලෙස දන්වා තිබේ. මීට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, හඟුරක්කෙත, බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල සහ කන්දෙකැටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් බවින් සිටින ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දන්වා තිබේ.
රුපියල් ලක්ෂ 08කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු ගල්කිස්ස, සොයිසාපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කරන රුපියල් 44,000ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතාට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත. සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන, දැනට විදේශගතව සිටින සුධාරක දේවප්‍රිය පීරිස් නමැති පුද්ගලයා මෙම සැකකරුගේ මස්සිනා බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. එම පුද්ගලයා සතු මත්ද්‍රව්‍ය මෙරට තුළ බෙදාහැරීම මෙම…
එළැඹෙන මාර්තු 12 වනිදා සිට ලිට්‍රෝ ගෑස් සිලින්ඩර වැඩි ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. කෙසේවෙතත් ඉකුත් දින කිහිපයේ මෙන්ම අදත් ප්‍රදේශ ගණනාවක ගෑස් හිඟයක් දක්නට ලැබුණි. ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් හිඟයක් පවතින බවට දිවයිනේ ප්‍රදේශ කිහිපයකම පාරිභෝගිකයින් මැසිවිලි නැගූ අතර ඇතැම් ස්ථානවල ගෑස් මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන් පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණි. කෙසේ වෙතත් අවශ්‍ය පරිදි ප්‍රමාණවත් තොග පවත්වා ගැනීම සඳහා නව ඇණවුම් සිදුකර ඇති බවත්, ඒ අනුව පෙබරවාරි මාසය අවසන්වීමට පෙර ගෑස් නෞකා තුනක් පැමිණීමට නියමිතව ඇති බවත් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කළේය. මෙවන් පසුබිමක ඊ උදෑසන වන විට ප්‍රදේශ කිහිපයකට…
ගැටලු සහගත මොඩියුලය පිළිබඳ සිදුකෙරන විමර්ශන කඩිනම් කර එයට අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නැයි ගංගොඩවිල මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (20) නියෝග කර තිබේ. ඒ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල 6වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලය තුළ දරුවන්ට නුසුදුසු වෙබ් අඩවියක නමක් සඳහන් වීම සම්බන්ධයෙන් වූ නිතී කෘත්‍යය අද (20) කැඳවනු ලැබූ අවස්ථාවේදීය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් පවත්වමින් සිටී.
අකුරේගොඩදී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආයුධ ප්‍රවාහනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් ‘පොල්ගස්ඕවිට ඩිලා’ නැමැත්තාව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය ඊයේ (20) අවසර ලබා ගෙන ඇත. 28 හැවිරිදි පුද්ගලයෙකු වන මොහු පසුගිය 17වනදා පස්වරුවේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. තලංගම, අකුරේගොඩදී ඉකුත් සිකුරාදා පස්වරුවේ නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කර තිබුණි. පසුව පොලිස්පතිවරයාගේ උපදෙස්මත සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා පොලිස් කණ්ඩායම් 12ක් පත්කරනු ලැබීය. ඒ අනුව, සිදුකළ විමර්ශනවලදී බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් ඉකුත් 16වනදා පස්වරුවේ ඝාතනය සඳහා වෙඩික්කරුවන් භාවිත කළ ගිනිඅවි ප්‍රවාහනය කළ සොහොයුරන් දෙදෙනකු කොට්ටාවේදී අත්අඩංගුවට…
නවදිල්ලි නුවර පැවැති ‘AI Impact 2026’ සමුළුවට සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය සංචාරය නිමවා ඊයේ (20) රාත්‍රියේ දිවයිනට පැමිණියේය. ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නියෝජිත පිරිස ඊයේ රාත්‍රී 10.04ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. – 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
කළුතර දොඩන්ගොඩ පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළුවන හා පිටවන වාහන ඊයේ රාත්‍රියේ (20) විශේෂ පරීක්ෂාවකට ලක් කෙරුණි. ඒ, සංවිධානාත්මක අපරාධ සහ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් අවම කිරීමේ අරමුණින් ය. මෙහිදී එම වාහනවල ගමන් ගන්නා පුද්ගලයන් පිළිබඳවද විශේෂ නිරීක්‍ෂණයක් සිදුකිරීම දොඩන්ගොඩ පොලිසියේ සහ දක්‍ෂිණ අධිවේගී මාර්ග රථවාහන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව සිදුකර තිබුණි.