Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ජනතාවගෙන් ඉල්ලයි
    Local News

    ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ජනතාවගෙන් ඉල්ලයි

    By LFNMarch 26, 2026No Comments2 Mins Read35 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වර්තමානයේ පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

    එම මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා සඳහන් කළේ, වියළි කාලගුණය හේතුවෙන් ජලාශවල ජල මට්ටම් සීඝ්‍රයෙන් පහළ යමින් පවතින බවය.

    ජලය අපතේ යාම අවම කරමින්, අවශ්‍ය ප්‍රමාණයට පමණක් පරිභෝජනය කිරීම වැදගත් බවද ඔහු අවධාරණය කළේය.

    එසේ නොවුවහොත්, විශේෂයෙන් උස් ප්‍රදේශවල ජල පීඩනය අඩුවීමේ අවදානමක් ඇතිවිය හැකි බව සඳහන් කළේය.

    ඒ අනුව, සාමාන්‍ය ජල සැපයුම බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ජනතාවගේ සහය අත්‍යවශ්‍ය බවද, ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම මෙහි ප්‍රධාන විසඳුම බවද මණ්ඩලය අවධාරණය කරයි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති, චන්දන බණ්ඩාර මහතා,

    “ජලය අපතේ යන තැන් ඒ වගේම ජලය පාවිච්චි කිරීමේදී අරපිරිමැස්මක් නැතුව පාවිච්චි කරන තැන් පුළුවන් තරම් අවම කරගන්න. එහෙම අවම කරගෙන ජල පරිභෝජනය යම් අවම මට්ටමකට ගෙන එන්න පුළුවන් නම් අපිට ඉරිදියේදී ගැටලුවක් නැතුව ජල සම්පාධනය කරන්න ඉතාමත් පහසුවෙන් පුළුවන් වෙයි. එහෙම නැති වුණොත් අපිට සමහර ප්‍රදේශවල, තියෙන උස් ප්‍රදේශවලට ඇතැම් පයිප්ප ලයින්වල කෙළවරම ස්ථානවලට යනකොට පීඩනය අඩුවෙන්න පුළුවන්. අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සපයන්න සිදුවෙන්න පුළුවන් ඉතින් මේක නිසා. අපි ජනතාවගෙන් ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටින්නේ මෙම වියළි කාලගුණ තත්ත්වය එක්ක ජලය පරිහරණය කරද්දි ඉතාමත්ම අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න. මීට මාස කිහිපයකට කලින් දිට්වා සුළි කුණාටුවෙන් ඉතාමත් දැඩි වර්ෂාපතනයක් ඇති වුණත් මේ මොහොත වෙනකොට එ්ක නැවතත් වියළි කාලගුණ තත්ත්වයක් දක්වා පත්වෙලා තියෙන්නේ. අපේ ජලාශවල ජල මට්ටම් සීඝ්‍රෙයන් පහළ බසිමින් යන්නේ ඒ නිසා අපිට ජලය ලබාගැනීමේ තිබෙන අවස්ථාව තවදුරටත් පැවතුණත් ඉදිරි කාලයේදී මේ නියං තත්ත්වය තදුරටත් දරණු තත්ත්වයකට පත් වුණොත් යම් යම් සීමා කිරීම් සිදුකරන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි ඒ වගේ තත්ත්වයකට නොයා ජලය පුරුදු විදිහට සම්පාධනය කිරීමේ හැකියාව තියාගන්න පුළුවන් වෙයි යම් අරපිරිමැස්මකට යටත්ව අපි ජලය පරිභෝජනය කරනවානම්. ඒක තමයි අපි ජනතාවගෙන් මූලික විදිහට ඉල්ලනේ මේ වියලි කාලගුණක තත්ත්වය හමුවේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 202603 Views

    බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.