Author: LFN

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින නීතිඥ තමරා අබේරත්න විසින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ආරම්භ කළ බැංකු ගිණුම් 08ක් ගැන විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ. මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදුකළේය. පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ එම නීතිඥවරිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අදාල බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු අනාවරණය වූ බවය. වැඩිදුර විමර්ශන සිදු කිරීමේදී මෙම බැංකු ගිණුම් ව්‍යජ ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කර මෙම බැංකු ගිණුම් විවෘත කර තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පොලීසිය…

Read More

2026 වසරේ පෙබරවාරි 15 වනදා දක්වා ගතවූ කාලය තුළ සංචාරකයින් 436,000ක් පමණ දිවයිනට පැමිණ ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසයි. කොළඹ අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මේ වසරේදී රටවල් 15ක් ඉලක්ක කරගනිමින් ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය. “ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ලෝක මට්ටමින් ඉතාම හොඳ තැනකට ගෙන ඒමට අපි සමත්වෙලා තියෙනවා. ඒ අනුව සංචාරකයින්ගේ පැමිණීම ප්‍රමාණාත්මකව ඉහළ මට්ටමක පවතිනවා. පෙබරවාරි මාසේ 15 වනාද වන විට 436,000ක් පමණ සංචාරකයින් පැමිණිලා තියෙනවා. පෙර වසර සමඟ සංසන්දනය කරන විට එය ඉතාම විශාල අගයක්. ” “අපේ ගෝලිය ප්‍රචාරණ වැඩපිළිවෙලේ රුපියල් බිලියන 2ක්…

Read More

අනාගතයේදී කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බවත් ප්‍රමාණවත් පරිදි තොග පවතින බවත් ලිට්‍රෝ සමාගම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, ප්‍රමාණවත් පරිදි තොග සමාගම සතුව පවතින බවය. ඒ හේතුවෙන් අනවශ්‍ය කලබලයක් ඇති නොකරගන්නා ලෙසට එම සමාගම ඉල්ලා සිටියි. පෙබරවාරි 17 සහ 18 යන දිනවල දැනටමත් ගෘහස්ථ පිරවුම් සිලින්ඩර 284,000ක් නිකුත් කර ඇති බව එම නිවේදනයේ සඳහන්. අද (19) සිට සෙනසුරාදා දක්වා තවත් ගෘහස්ථ පිරවුම් සිලින්ඩර 351,000 ක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව ද ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරයි.

Read More

පසුගිය දින කිහිපය තුළ මඩකලපුව දිස්ත්‍රික්කයට තද වැසි ඇදහැලෙන අතර අද (19) උදෑසන සිට මුහුදු ප්‍රදේශවල තද සුළං හමා යන බව වාර්තාවේ . අධික වර්ෂාව හේතුවෙන් කාත්තන්කුඩි, එතුගාල පූනොච්චිමුනෛ නාවලඩි, කල්ලඩි ඇතුළු බොහෝ ප්‍රදේශවල දෛනික කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති අතර සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇතැයි වාර්තා වේ. ධීවර කටයුතුවලට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇත මුහුද ඉතා කැලඹිලි සහිතයි. මේ නිසාවෙන් ධීවර කටයුතුවලට බාධා ඇතිව ඇති බවද අද දෙරණ වාර්තාකරුවන් පැවසීය. අඛණ්ඩව පවතින අධික වර්ෂාව හේතුවෙන් ළමා උද්‍යාන රැසක් ජලයෙන් යටවී ඇති අතර ක්‍රීඩා පිටි රැසක් ජලයෙන් යටවී ඇත.

Read More

දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් ඊයේ (18) දින වාර්තාවට අනුව අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 26ක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙහෙයුම් මගින් බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 309ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. මේ අතර, සැකපිට පුද්ගලයින් 549 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් විවෘත වරෙන්තුකරුවන් ගණන 185ක් බව වාර්තාවේ සඳහන් වෙයි. මෙහි සම්පූර්ණ වාර්තාව පහතින්,

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මේ වනවිට ගෙවන වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් අද (19) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් විය. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙම හෙළිකිරීම සිදුකළේ, සමගි ජන බලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අසන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. ඒ අනුව මන්ත්‍රීවරයෙක්ට මාසිකව රුපියල් 54‍,285ක දීමනාවක් ගෙවනු ලබයි. මාසික සංග්‍රහ දීමනාව ලෙස ගෙවනු ලබන්නේ රුපියල් 1,000 මුදලකි.‍ මාසික රියදුරු දීමනාව ලෙස රුපියල් 3,500ක් ගෙවන අතර, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය මඟින් රියදුරෙකු ලබාගතහොත්, එම මන්ත්‍රීවරයාට රියදුරු දීමනාවක් නොගෙවන බව ද හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. දුරකථන දීමනාව ලෙස රුපියල් 50,000ක් ද ප්‍රවාහන දීමනාව ලෙස රුපියල් 15,000ක් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ගෙවනු ලබයි. කාර්යාල දීමනාව රුපියල් ලක්ෂයක් වන…

Read More

වැලන්ටයින් දවසෙත් කෝල් කරලා දැරිය ගෙන්වාගෙන අතවර කරලා 2025 වර්ෂයේ අවුරුදු 16යි මාස 06ක් වයසැති පාසල් ශිෂ්‍යාවක දූෂණය කර සැඟවී සිටි සැකකරුවකු මොනරාගල පොලිසිය මගින් 17 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු පොලිසිය මඟහරිමින් සිට ඇති අතර අතවරයට පත් වූ දැරිය පරිවාස දෙපාර්තමේන්තුව මගින් ළමා නිවාසයකට යොමු කර තිබිණි. දැරියගේ නිවස අසල පිහිටි 51 හැවිරිදි සැකකරුගේ නිවසට ඇය පැමිණි අවස්ථාවකදී මෙම දූෂණය සිදුකර තිබේ. ඒ පිළිබඳව පස්සර පොලිසියට දැරියගේ වැඩිහිටියන් පැමිණිලි කිරීමෙන් පසුව දැරිය පරිවාසයට යොමු කර නැවත පාසලට යොමු කර ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීමට පස්සර පොලිසිය පරීක්ෂණ ආරම්භ කළත් ඔහු මොනරාගලට පැමිණ සැඟවී සිට තිබේ. 14 වැනිදා පැවැති පෙම්වතුන්ගේ…

Read More

රුපියල් මිලියන 556ක වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය තාක්ෂණික උපකරණ තොගයක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් පොලීසිය ලබා දී තිබේ. අමාත්‍යවරයා විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේදී අදාළ උපකරණ තොගය සංකේතාත්මක පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලබාදුන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය. මෑත ඉතිහාසයේ පොලීසිය වෙත වැඩිම මුදලක් වැයකර ලබාදුන් උපකරණ තොගය මෙය වන බව සඳහන් වේ. ඒ අනුව රුපියල් මිලියන 365ක වටිනාකමින් යුත් පරිගණක 1,718, රුපියල් මිලියන 129ක වටිනාකමින් යුත් ඡායා පිටපත් යන්ත්‍ර 575ක්, රුපියල් මිලියන 45ක වටිනාකමින් යුත් වේගමාපක යන්ත්‍ර හා රුපියල් මිලියන 17ක වටිනාකමින් යුත් යු.පී.එස්. 1,750ක් පොලීසිය වෙත ප්‍රදානය කර තිබේ.…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අතර විශේෂ හමුවක් සිදුව තිබේ. ඊයේ (18) රාත්‍රී නවදීල්ලි නුවර භාරත් මණ්ඩපම්හිදී මෙම හමුව සිදුව ඇති බව වාර්තා වේ. “AI Impact Summit 2026” සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවට ගොස් සිටින අවස්ථාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර මෙම හමුව සිදුව ඇත. එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා විසින් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට ද ජනාධිපතිවරයා සහභාගී වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. “AI Impact Summit 2026” සමුළුව සඳහා සභගිවීමට ඉන්දියාවට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) එම සමුළුව ඇමතීමට නියමිතව තිබේ. ඉන්දීය…

Read More

සාධාරණ පරීක්ෂණයකින් තොරව තමා වැඩ තහනමකට ලක්කිරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ. එම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කතානායකවරයා, පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය බිමල් රත්නායක ඇතුළු 14 දෙනකු නම් කර ඇත. ජ්‍යෙෂ්ඨ නීතීඥ ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න මහතාගේ පත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වයක් මත ඉකුත් ජනවාරි 23වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මේ වනවිට වැඩතහනමකට ලක්ව සිටියි. ඒ මහතා 2023 සැප්තැම්බර් 15දා සිට මෙම ධුරයේ රාජකාරි කරනු ලැබීය.

Read More