Close Menu
Lanka Focus News
    What's Hot

    විසි ලක්ෂයේ සංචාරකයා අද දිවයිනට

    November 20, 2026

    ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා සහ අගමැති හරිනි අතර සාකච්ඡාවක්

    November 19, 2026

    81 වැනි ජන්ම දිනයට මහින්දට නාමල්ගෙන් සුබ පැතුම්

    November 18, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බස්නාහිර ක්ෂය රෝගීන් සියයට 45ක් – අවදානම් තැන් මෙන්න
    Featured

    බස්නාහිර ක්ෂය රෝගීන් සියයට 45ක් – අවදානම් තැන් මෙන්න

    By LFNMarch 19, 2026No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරටින් වසරකට ක්ෂය රෝගීන් 8,500ත් 9,500ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසයි.

    එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ මිසායා කාදර් මහත්මිය පැවසුවේ, බස්නාහිර පළාතෙන් සියයට 45ක් පමණ ක්ෂය රෝගින් වාර්තා වන බවය.

    ලබන 24 දිනට යෙදී ඇති ලෝක ක්ෂය රෝග දිනයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ මිසායා කාදර් මහත්මිය මෙම අදහස් පළ කළේය.

    “ලෝක ජනගහනයෙන් හතරෙන් එකකට ක්ෂය රෝගය ආසාදනය වෙලා තියෙනවා. ලංකාව ගත්තහම සමාන්‍යයෙන් වසරකට රෝගීන් 8,500ත් 9,500ත් අතර සොයා ගන්නවා. පසුගිය වසර 25 ගත්තත් මේ සංඛ්‍යාවේ කිසිම වෙනසක් නෑ. ලබන වසරට යද්දි රෝගීන් 500ක විතර අඩුවක් විතරයි අපි බලාපොරොත්තු වෙන්නේ. ගියවසරේ 8,726ක් රෝගීන් අපි සොයාගත්තා. ඒ අයගෙන් 93%ක්ම පළමු වතාවට ක්ෂය රෝගය වැලඳුන රෝගීන්. 75%ක්ම පෙනහලුගත ක්ෂය රෝගීන්. එයින් 5,500ක් පමණ පෙනහලුවල විෂබීජ සහිත ක්ෂය රෝගීන්. ඒ කියන්නේ තවත් කෙනෙකුට ක්ෂය රෝගය බෝකළ හැකි රෝගීන් තමා වැඩිපුරම ඉන්නේ. අපි භූගෝලීය ව්‍යප්තිය ගත්තහම ලංකාවේ 45%ක්ම ක්ෂය රෝගීන් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතේ. මේ අවදානම් තැන් තමා මෝදර, මට්ටක්කුලිය, බොරැල්ල, වනාතමුල්ල සහ ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශ.”

    එම මාධ්‍ය හමුවට එක්වු ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා මහත්මිය පළ කළේ මෙවන් අදහසක්.

    “ක්ෂය රෝගය බෝවන්නේ ප්‍රධාන වශයෙන්ම ස්වසන මාර්ගය හරහා. ක්ෂය රෝගය තිබෙන අයෙකු කහිනවිට, කිවිසුම් යවන විට, හයියෙන් හිනාවෙද්දි රෝගකාරක බැක්ටීරියාව පරිසරයට නිරාවරණය වෙනවා. රෝගය ආසාදනය වෙලා නැති කෙනෙකුට මේ රෝගය බෝවීමට හැකියාව තියෙනවා. ඒ හරහා පෙනහලු ආශ්‍රිතව ක්ෂය රෝගය හැදිලා ඒ හරහා ශරීරයේ අනෙකුත් කොටස්වලටත් මෙය බෝවිය හැකියි. උත්සන්න වෙන්න කලින් රෝගීන් හඳුනාගන්න ලැබීම තුළින් රෝගය පාලනය කළ හැකියි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විසි ලක්ෂයේ සංචාරකයා අද දිවයිනට

    November 20, 2026

    ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා සහ අගමැති හරිනි අතර සාකච්ඡාවක්

    November 19, 2026

    81 වැනි ජන්ම දිනයට මහින්දට නාමල්ගෙන් සුබ පැතුම්

    November 18, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,485 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,434 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,633 Views
    Don't Miss

    විසි ලක්ෂයේ සංචාරකයා අද දිවයිනට

    November 20, 202606 Views

    මේ වසරේ මෙරටට පැමිණි සංචාරකයින් අතුරින් විසි ලක්ෂයේ සංචාරකයා අද (20) දිවයිනට පැමිණ තිබේ. රුසියානු…

    ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා සහ අගමැති හරිනි අතර සාකච්ඡාවක්

    November 19, 2026

    81 වැනි ජන්ම දිනයට මහින්දට නාමල්ගෙන් සුබ පැතුම්

    November 18, 2026

    අලි-මිනිස් ගැටුම අවම කිරීමට සහ අලි සංරක්ෂණයට නව තාක්ෂණික හා ප්‍රායෝගික විසඳුම් සෙවීමට අවධානය

    November 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.