Close Menu
Lanka Focus News
    What's Hot

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඇයට හිමි ගරුත්වය ලබා දෙමු – විපක්ෂ නායක
    Featured

    ඇයට හිමි ගරුත්වය ලබා දෙමු – විපක්ෂ නායක

    By LFNMarch 8, 2026No Comments2 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කාන්තාවන් මුහුණ දෙන අභියෝග සැලකිල්ලට ගෙන කාන්තා පරපුරට යුක්තිය, සාධාරණත්වය හා අයිතිවාසීකම් යන ක්ෂේත්‍ර තුළ සාධාරණත්වය ඉටුවන්නේද යන්න ගැටලු සහගත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙනුයේ ජාත්‍යන්තර කාන්තා දින තේමව අනුව සියලු කාන්තාවන් සඳහා අයිතිවාසිකම් යුක්තිය සහ ක්‍රියාමාර්ග සැලසීම බවත් එම තේමාව සැලකිල්ලට ගනිමින් කාන්තාවන් වෙනුවෙන් ඉටු කළ යුතු මෙහෙවර පිළිබඳ මග පෙන්වීම ලබා ගත හැකි බවත්ය.

    වර්තමානයේ කාන්තාවන් සිය ආරක්ෂාව පිළිබඳව බරපතළ ලෙස අභියෝගයකට ලක්ව සිටින බවත් සඳහන් කර ඇති විපක්ෂ නායකවරයා පෙන්වා දෙනුයේ කාන්තාවන් මුහුණ දෙන මෙම ගැටලු නිවැරදිව හඳුනාගනිමින් ඒ සඳහා වූ ප්‍රතිපත්ති, නීති රීති සම්පාදනය රටේ ව්‍යවස්ථාදායකයේ ප්‍රධාන වගකීමක්ද වන බවය.

    විපක්ෂ නායකවරයා යොමු කළ සම්පූර්ණ සුබපැතුම් පණිවිඩය පහතින්,

    ජාත්‍යන්තර කාන්තා දිනය මාර්තු මස 8 වැනිදා ලෝකය සමරන්නේ 104 වැනි වාරයට ය. ඒ අනුව මෙවර ජාත්‍යන්තර කාන්තා දින තේමාව වන්නේ සියලු කාන්තාවන් සඳහා අයිතිවාසිකම් යුක්තිය සහ ක්‍රියාමාර්ග සැලසීම යි. මෙම තේමාව සැලකිල්ලට ගැනීමේ දී කාන්තාවන් වෙනුවෙන් අප ඉටු කළ යුතු මෙහෙවර පිළිබඳ ව මඟ පෙන්වීමත් ලබා ගත හැකි ය.

    ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 52%ක් වන කාන්තාව තවමත් කටයුතු කරනුයේ ගෘහණියකගේ භූමිකාව සහ පවූලක ආර්ථිකය ශක්තිමත් කරන කාර්යයට උරදෙන අයකු ලෙස ය. මෙම කාර්යය තුළ කාන්තාව මුහුණ දෙන අභියෝග සැලකිල්ලට ගැනීමේ දී අපේ කාන්තා පරපුරට යුක්තිය, සාධාරණත්වය හා අයිතිවාසිකම් යන ක්ෂේත්‍ර තුළ සාධාරණත්වය ඉටුවෙන්නේද යන්න ගැටලු සහගත ය.

    වර්තමානයේ කාන්තාව සිය ආරක්ෂාව පිළිබඳ ව බරපතල ලෙස අභියෝගයකට ලක්ව සිටින බව නොරහසකි. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, රැකියාව කරනු ලබන ස්ථානයේ දී මුහුණ දෙන විවිධ මානසික හා ශාරීරික හිංසන පමණක් නොව ඉටුකරන සේවාවට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ ව ද ඇත්තේ තවමත් විෂම තත්ත්වයකි. එමෙන් ම දැරියක්, තරුණියක්, බිරිඳක්, මවක්, මිත්තනියක් ලෙස විවිධ භූමිකා තුළ මුහුණ දෙන සමාජ, ආර්ථික ගැටලු නිවැරදි ව හඳුනා ගනිමින් ඒ සඳහා වූ ප්‍රතිපත්ති, නීති-රීති සම්පාදනය රටේ ව්‍යවස්ථාදායකයේ ප්‍රධාන වගකීමක් බව අවධාරණය කරමු. එමනිසා කාන්තාව පිළිබඳ ව පුළුල් කියවීමක් සමාජය තුළ සිදුවිය යුතු බව පැහැදිලි ය.

    එවැනි නවමු ඇසකින් කරනු ලබන විචාරශීලි නිර්දේශ සහ වැඩපිළිවෙලක් තුළ කාන්තාවන්ට හිමි අයිතිවාසිකම්, යුක්තිය සහ ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග අපට හඳුනා ගත හැකි ය. කාන්තාවට දක්වන සැලකිල්ල පිළිබඳ ව විමසා බලන විට ඒ තුළින් රටක, දැයක ශිෂ්ටාචාරය දැකිය හැකි බවට කියවෙන ප්‍රකට කියමනක් දක්නට ලැබේ. ඕනෑ ම රටක දැයක් නිර්මාණය කරන කාන්තාවන් යනු එම රටේ ශිෂ්ටාචාරයේ නිර්මාපකයින් බව වටහා ගනිමින් ඇයට හිමි ගරුත්වය ලබාදිය හැකි පසුබිම නිර්මාණය කිරීමට අදිටනක් ඇති කර ගැනීම මේ කාන්තා දිනයේ ඇයට කළ හැකි සැබෑ උපහාරය යි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 202603 Views

    2027 වසරේ සිට 6 ශ්‍රේණියේදී ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ නව විෂයක් හඳුන්වාදීමට කටයුතු කරන…

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 4, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.