Author: LFN

එළැඹෙන 17 වැනි දින පැවැත්වීමට නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබා නොගත් පාර්ශ්වයන් සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ එම පුද්ගලයින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.drp.gov.lk දරන වෙබ් අඩවියට පිවිස එම තොරතුරු තහවුරු කිරීමේ ලිපි බාගත කිරීමේ පහසුව සලසා දී ඇති බවය. යම් විභාග අපේක්ෂකයෙකු වේ නම් ඔවුන් සඳහා ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපි නිකුත් කිරීම සඳා පමණක් හෙට (14) වැනි සෙනසුරාදා දින පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල සහ ගාල්ල, කුරුණෑගල, වව්නියාව, මඩකලපුව සහ…

Read More

වින්ච් යන්ත්‍ර යොදාගනිමින් මාදැල් ධීවර කර්මාන්තය සිදුකරගෙන යාමට අවස්ථාව ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයේ නිරත ධීවරයින්ට අද (13) පස්වරුවේ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දී තිබේ. සත්‍යග්‍රහය අද 09වැනි දිනටත් ක්‍රියාත්මකය. ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර යොදාගනිමින් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට වත්මන් ආණ්ඩුව පනවා ඇති තහනම ඉවත් කරන්නැයි ඉල්ලා ධීවරයින් සත්‍යග්‍රහයක් ආරම්භ කළේ පසුගිය පෙබරවාරි 5 වැනිදාය. වර්ෂාව මධ්‍යයේ ඊයේ රාත්‍රියෙත් ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැය පහන් කළේය. එම අවස්ථාවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා ද එම ස්ථානයට පැමිණ සිටි බව වාර්තා වෙයි. ගැටලුව සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදී බලධාරින් සමග මාදැල් ධීවරයින් සාකච්ඡා කළද ඒ සියල්ල…

Read More

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගෙන් වූ නෞකා පහේම අන්තර්ගතව තිබුණේ බාල ගල්අඟුරු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (13) රැස්වූ යටිතල පහසුකම් හා උපාය මාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේය. යටිතල පහසුකම් හා උපාය මාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඊයේ රැස්වූ අතර ඊට ලංකා විදුලිබල මණ්ඩලය , මහජන උපයෝගීතා කොමිසම සහ ලංකා ගල්අඟුරු සමාගම යන රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන් ඊට කැඳවා තිබුණි. එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරුණේ නොරොච්චෝලේ “ලක්විජය” බලාගාරය සඳහා ගෙන්වූ ප්‍රශ්නගත ගල්අඟුරු සම්බන්ධවය.

Read More

පළෙයි පොලිස් වසමේ මාසාර් ප්‍රදේශයේ තිබී හිමිකරුවෙකු නොමැති ගංජා කිලෝග්‍රෑම් 30ක් යුද්ධ හමුදා භාරයට ගෙන තිබේ. ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත, ඊයේ (12) මෙම කේරල ගංජා තොගය සොයාගෙන ඇත. හමුදා භාරයට ගත් ගංජා තොගයේ වටිනාකම ලක්ෂ 105ක් බව යුද්ධ හමුදාව පවසයි. මෙම වැටලීමේදී යුද්ධ හමුදා බුද්ධි අංශය සහ පළෙයි පොලීසිය එක්ව ක්‍රියාත්මක විය. අත්අඩංගුවට ගත් කේරල ගංජා පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සහ නඩු විමර්ශන පලෙයි පොලීසිය විසින් සිදු කෙරෙනු ඇත.

Read More

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක සහ මාධ්‍ය ප්‍රකාශක මහේෂ් කරුණාදාස මහතා පැවසුවේ මේ හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ දෙපාර්තමේන්තුවේ කටයුතු නැවත ආරම්භ කළ බවය. ඒ අනුව ගුවන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් යථා තත්ත්වයට පත් කර ඇති බවත් ගමන් බලපත්‍ර, එක්දින ගමන් බලපත්‍ර සහ වීසා නිකුත් කිරීමේ කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි සිදුකරමින් පවතින බවත් ඒ මහතා සඳහන් කළේය. එමෙන්ම මේ වන විට කඩිනමින් නිකුත් කළ යුතු සහ ඉතාම අත්‍යවශ්‍ය සැපයීම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයිද පැවසූ ඒ මහතා සඳහන් කර…

Read More

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ දෙවන “Harvest Centre” සේවා හා ආධාරක මධ්‍යස්ථානය රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේදී ඊයේ (12) විවෘත කෙරිණි. විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මධ්‍යස්ථානය විවෘත කරන ලදී. රුහුණු විශ්ව විද්‍යාලයීය කෘෂි විද්‍යා පීඨ පරිශ්‍රයේ පිහිටුවා ඇති මෙම මධ්‍යස්ථානය හරහා දකුණු පළාතේ ව්‍යවසායකත්වය, නව නිපැයුම්කරණය, පර්යේෂණ වාණිජකරණය සහ ආරම්භක ව්‍යාපාර සංවර්ධනය හා පෝෂණය කිරීම අරමුණු කර ඇත. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ප්‍රමුඛ ජාතික වැඩසටහනක් වන “විදතා” වැඩසටහන යටතේ ගමට තාක්ෂණය පැවරීමේ අරමුණින් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන දැනුම භාවිතා කර ග්‍රාමීය ස්වාභාවික සම්පත්වලට අගය එකතු කළ නිෂ්පාදන බිහිකිරීම, කුඩා හා…

Read More

ජංගම දුරකථන අස්ථානගතවීමකදී හෝ සොරකම් කිරීමකදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව පොලීසිය විසින් මහජනතාව වෙත දැනුම්දීමක් සිදුකර තිබේ. නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් මෙම දැනුම්දීම සිදුකර ඇත. පළමුව සිම්පත අක්‍රීය කිරීම. (සිම්පත ලබාගත් සේවා සපයන ආයතනය හරහා මෙම අක්‍රිය කර ගැනීම සිදුකළ හැක.) එහිදී තෙවන පාර්ශ්වයකට ජංගම දුරකථනය නීතිවිරෝධි, සමාජ විරෝධි සහ අනීතික කටයුතු සඳහා යොදා ගැනීමේ හැකියාව අහිමි වෙයි. සිම්පත අක්‍රීය කිරීම හරහා වෙනත් පාර්ශවයකට ලැබෙන්නා වූ එම ජංගම දුරකථනය නැවත සොයා ගැනීමටද පහසුවනු ඇත. ජංගම දුරකථනයක් නැති වූ හෝ අස්ථානගත වූ විටෙකදී සොරකමට භාජනය වූ ජංගම දුරකතනයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන විට IMEI අංකය සඳහන් කිරීම…

Read More

මෙරටට මත්ද්‍රව්‍ය සපයන ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේදී ඇප ලබාදීමකින් තොරව නඩු විභාගය අවසන් වනතෙක් රඳවා ගැනීමට අදාළ නීති සම්පාදනය කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළකළේ, මාතර පැවති වැඩසටහනකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා, “ලංකාවට මත්ද්‍රව්‍ය සපයන උදවිය අත්අඩංගුවට ගත්තට පස්සේ ඇප නොදී නඩු විභාගය අවසන් වනතුරු තබා ගත හැකිද යන කරණාය අපි ඉදිරිපිට සාකච්ඡා වෙමින් තියෙනවා. ඒකත් අපි සැලකිල්ලට අරගෙන තියෙනවා. එළැඹෙන 19 වනදා පාර්ලිමේන්තුවට ගෙන එන විෂ අභිං පනතට සංශෝධනයක් අරගෙන එනවා වඩා…

Read More

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව පළාතේත් අම්පාර, මඩකලපුව, නුවරඑළිය, මාතලේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවය. උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වේ. සෙසු ප්‍රදේශවල ප. ව 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ…

Read More

මුදල් වංචා කිරීම් දෙකකට සම්බන්ධ බවට සැකපිට සැකකාරියක් හා සැකකරුවෙකු වයඹ පළාත් පරිඝණක අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අන්තර්ජාල ව්‍යාපාරයක් මගින් මුදල් උපයා ගත හැකි බව පවසා කාන්තාවන් රවටා මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් ලද පැමිණිලි මත සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අන්තර්ජාල ව්‍යාපාරයක් මගින් මුදල් උපයාගත හැකි බව පවසා පැමිණිලිකාරියක් රවටා, වංචා කරන ලද මුදල් රුපියල් ලක්ෂ 31ක (3,141,967) මුදලින් සැකකාරියගේ නමින් ඇති ගිණුමකට රුපියල් ලක්ෂ 2ක මුදලක් වංචනිකව බැර කර, එකී ගිණුම නොදන්නා පාර්ශවයක් වෙත මුදලට අලෙවිකර වංචාවක් සිදු කර ඇති බවට එක් පැමිණිල්ලක මත සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත. අනෙක් පැමිණිල්ලේ අන්තර්ජාල ව්‍යාපාරයක්…

Read More