Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දෙවන ඉරාන නෞකාව සම්බන්ධයෙන් සිදුකළ විශේෂ ප්‍රකාශය
    Featured

    දෙවන ඉරාන නෞකාව සම්බන්ධයෙන් සිදුකළ විශේෂ ප්‍රකාශය

    By LFNMarch 6, 2026No Comments7 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉරානයට අයත් ‘IRIS Bushehr’ නෞකාව ත්‍රිකුණාමලය වරාය වෙත ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී මාධ්‍ය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ එහි 208ක් වූ නෞකාවේ කාර්ය මණ්ඩලය මේ වනවිට කොළඹ වරාය වෙත රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවය.

    මෙහිදී ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ භූමිය, මුහුදු කලාපයන් සහ ගුවන් කලාපය කිසිදු රාජ්‍යයකට ගැටුම්වලදී පක්ෂපාති ආකාරයෙන් භාවිත කිරීමට හෝ වෙනත් රටකට පීඩාවක් ඇතිවන ආකාරයෙන් භාවිත කිරීමට ඉඩ නොදෙන බවය.

    “විශේෂයෙන්ම මෙම මැදපෙරදිග ගැටුමේදී සහ ඕනෑම ජාත්‍යන්තර ගැටුමකදී අපේ ස්ථාවරය සහ මධ්‍යස්ථභාවය වන්නේ අපේ භූමිය, මුහුදු කලාපය, ගුවන් කලාපය කිසිසේත්ම කවර හෝ රාජ්‍යයකට ගැටුමේදී පක්ෂපාති ආකාරයෙන් හෝ කවර හෝ රාජ්‍යයකට පීඩාවක් ගෙන දෙන ආකාරයෙන් කටයුතු කිරීමට ඉඩ නොතැබීමයි.

    ඒ නිසා ගැටුම ආරම්භ වූ මොහොතේ සිටම අපි විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග, කරනු ලැබු ප්‍රකාශ මේ සියල්ල මේ ස්ථාවරය මත පදනම්ව තිබෙනවා. ඒ අනුව තමයි ඉරානයේ නෞකා දෙකක් පිළිබඳ මේ ප්‍රශ්නය මතු වී තිබෙන්නේ. එහිදීත් අපි අනුගමනය කරමින් තිබෙන්නේ මධ්‍යස්ථභාවයයි. ඒ වගේම අපි ජාතියක් ලෙස, රාජ්‍යයක් ලෙස මධ්‍යස්ථභාවය ආරක්ෂා කරන ගමන් මනුෂ්‍යත්වය අංක එකට තබනවා. අපි මනුෂ්‍යත්වය ආරක්ෂා කර ගැනීම සඳහා කිසිසේත්ම පැකිළෙන්නේ නැහැ. මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග තිබෙනවා නම් ඒ ක්‍රියාමාර්ග ගැනීමට අපි කිසිසේත්ම පැකිළෙන්නේ නැහැ. මම හිතනවා එය තමයි රාජ්‍යයක් පවත්වා ගත යුතු හොඳම ප්‍රතිපත්තිය. අපි ඒ ප්‍රතිපත්තිය තුළ කටයුතු කරනවා.

    පසුගිය 26 වන දා ඉරානය විසින් නාවික යාත්‍රා 03ක් මාර්තු 09 සිට 13 දක්වා දින 04 තුළදී අපේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අපේ වරායට ප්‍රවිශ්ට වීම සඳහා අවසර ඉල්ලා සිටියා. එය හැඳින්වූයේ සහයෝගීතාව වර්ධනය කරන සංචාරයක් කියලා. අපි සොයා බලන විට ඔවුන් අපේ ජාතික ජල තීරයේ ආසන්නයේ, ඉන් ඔබ්බෙන් තමයි රැඳි සිටියේ. ඔබ කවුරුත් දන්නවා සහයෝගීතා සංචාරයක් ඒ අන්දමින් සිදු වන්නේ නැහැ. ඒකට අවශ්‍ය විශාල ක්‍රියාපරිපාටි තිබෙනවා. ඒ නිසා අපි එම ක්‍රියාපරිපාටි අධ්‍යයනය කරමින් සිටියා, ඒ අතරතුර 27 වන දා අපිට වාර්තා කළා අද දින අපේ භාරයට අරන් තිබෙන නෞකාවේ එක් නාවිකයෙකු යම් ආපදාවකට ලක් වී තිබෙන බව. ඒ නිසා අපෙන් ඉල්ලා සිටියා එම නාවිකයා සහ නිලධාරියෙක් මානුෂික අවශ්‍යතා සඳහා ගොඩබිමට රැගෙන එන ලෙස. ඒ අනුව, අපේ නාවික හමුදාව සහ ගුවන් හමුදාව මැදිහත් වී ආබාධයට ලක් වූ කෙනා සහ ඔහුට රැකවරණය දෙන නිලධාරියා යන දෙදෙනාම ගොඩබිමට ගෙනැවිත් අවශ්‍ය වෛද්‍ය කටයුතු සඳහා යොමු කළා.

    මේ අතරතුර, මාර්තු 04 වන දා අලුයම 5 පසු වී විනාඩි 08 සහ විනාඩි 30 අතර කාලය තුළ අපේ ජල තීරයෙන් ඔබ්බෙන්, ආසන්න වශයෙන් ගත් විට ගාලු වරායේ සිට මුහුදු සැතපුම් 19ක දුරින් යම් යාත්‍රාවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව සහ එම ප්‍රදේශයෙන් ආපදා අනතුරු සංඥාවන් නිකුත් කරන බව වාර්තා වුණා. ඒ අනුව ආපේ නාවික හමුදාව සහ විශේෂයෙන් ගුවන් හමුදාව විශාල මෙහෙයුමක නිරත වුණා. එම මෙහෙයුමේදී අපි මධ්‍යස්ථයි වගේම මානවවාදි බව කිව යුතුයි. ඒ අනුව, අපේ හමුදාව ක්ෂණිකව මැදිහත් වීමෙන් පුද්ගලයන් 32ක් මුදවා ගැනීමේ හැකියාව ලැබුණා. මළ සිරුරු 84ක්ද හමු වුණා. අපි මළ සිරුරු 84ත්, තුවාල ලැබූ පුද්ගලයන් තිස් දෙදෙනාත් ගොඩබිමට රැගෙන ආවා. දැන් එම තුවාලකරුවන් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

    දෙවනුව, මෙම සාකච්ඡාවට බඳුන් වන IRIS Bushehr නෞකාව මාර්තු 04 වන දින විදේශ කටයුතු අමාත්‍යාංශයට වාර්තා කළා මාර්තු 04 සහ 05 කියන දෙදින තුළ අපේ වරායට සේන්දු වීමට අවස්ථාව ලබා දෙන්න කියලා.

    අපි සාකච්ඡා කරමින් සිටියා කළ යුතු වන්නේ කුමක්ද කියලා, අපේ විදෙස් ඇමතිතුමා, ඉරාන විදෙස් ඇමතිතුමා සමඟ සාකච්ඡා කළා. ඒ වගේම, තානාපති කාර්යාලය අපේ විදෙස් කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටියා.

    අනතුරුව, ඔවුන් දන්වා සිටියා ඔවුන්ගේ එක් එංජිමකට ආපදාවක් සිදු වී තිබෙන බව. එහිදී අපි කටයුතු කළ යුත්තේ කොහොමද කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරමින් සිටියා. අපේ ජාතික ජල තීරය තුළ අපි අනුගමනය කළ යුතු සම්මුතීන් තිබෙනවා. එක පැත්තකින් එය නාවික යාත්‍රාවක්. යුද්ධයක එක් පාර්ශ්වයකට හිමි යාත්‍රාවක්. ඒ වගේම අපි මධ්‍යස්ථ රාජ්‍යයක්. මධ්‍යස්ථ රාජ්‍යයක් එවැනි නෞකාවක් පිළිබඳව කටයුතු කරන්නේ කවරාකාරයෙන්ද? ඒ සදහා එක්සත් ජාතීන්ගේ සාගර සම්මුතිය, 1907 හේග් සම්මුතිය. මේ ආදී සම්මුතිවලින් අපට පැවරී තිබෙන බලතල සහ අපේ ක්‍රියාමාර්ග පිළිබඳව අපි දිගින් දිගටම සාකච්ඡා කරමින් තිබුණා. මෙය සාමාන්‍ය තත්ත්වයක් නොවන බව හොඳින් තේරුම් ගත යුතුයි. මධ්‍යස්ථ රාජ්‍යයක්, එක් පාර්ශ්වයක නෞකාවක්, අපේ වරායන් සඳහා ඒමට කරන ඉල්ලීමක්. එය අප සැලකිල්ලට භාජනය කළ යුතු වන්නේ ජාත්‍යන්තර ප්‍රඥප්තීන් සහ ජාත්‍යන්තර බැඳීම් අනුවයි.

    එ’නිසා කලබලයට කළ හැකි දෙයක් නෙවෙයි, ජාත්‍යන්තර ප්‍රඥප්තීන් සහ ජාත්‍යන්තර බැඳීම් අනුව අප දෙපාර්ශ්වය අතර අවබෝධයකට පැමිණිය යුතුයි. අප දෙපාර්ශ්වය අතර එකගතාවකට ආ යුතුයි. එ’නිසා එම නෞකාවේ කපිතාන් සහ අපේ නාවික හමුදාවේ නිලධාරීන් සාකච්ඡාවල නිරත වුණා. තානාපති කාර්යාල සමඟ සාකච්ඡාවල නිරත වුණා. විශේෂයෙන්ම ඉරාන තානාපති කාර්යාලය දැනුවත් කරමින් මේ ක්‍රියාවලියට ප්‍රවිශ්ට වුණා. එම නිසා ඒ සාකච්ඡාවලින් අනතුරුව අපේ යෝජනාව වූයේ මෙම පිරිසත්, මෙම නෞකාවත් අපේ භාරයට ගැනීමට ලෑස්ති බවයි. ඒ සඳහා සාකච්ඡා කර ගත යුතු වන්නේ අප අතර ඇති එකඟතා සහ සම්මුතීන් පිළිබඳවයි. ඒ අනුව, නෞකාවේ සිටින පිරිස මුදා ගැනීම සඳහාත්, ඒ වගේම නෞකාව ස්ථානගත කරන්නේ කොතනද යන්න පිළිබදවත් පොදු එකඟතාවකට ආවා. කොළඹ වරාය ආසන්නයේ මෙම නෞකාව තිබුණත්, කොළඹ වරාය අපේ ප්‍රධානතම වාණිජ වරායයි. එවැනි නෞකාවක් ප්‍රධාන වාණිජ වරාය තුළ රඳවා තබා ගැනීම අපේ නාවික කර්මාන්තයට බලපෑමක් ඇති වීමේ අනතුරක් තිබෙනවා.

    එ’නිසා අපි තීරණය කළා එම නෞකාව කොළඹ වරායට රැගෙන එන්නේ නැතිව ත්‍රිකුණාමලය වරායට රැගෙන එනවා කියලා. හැබැයි, ත්‍රිකුණාමලය වරායට රැගෙන යන්න කලින්, එහි සිටින පිරිස අපි කොළඹ වරායට ළඟා කර ගන්න කැමතියි, ඒ අනුව අපේ නාවික යාත්‍රාව එම යාත්‍රාව සමීපයට ගොස් මේ වන විට ඔවුන් මුදවා ගැනීමේ කාර්යයේ නිරතව සිටිනවා. දැනට වාර්තා වී තිබෙන ආකාරයට 208 දෙනෙක් ගොඩබිමට රැගෙන ඒමට සූදානම් කර තිබෙනවා. ඒ අතර නිලධාරීන් 53 දෙනෙක් සිටිනවා. කැඩෙට් නිලධාරීන් 84ක් සිටිනවා. ජ්‍යෙෂ්ඨ නාවිකයන් 48ක් ඉන්නවා. නාවිකයන් 23ක් සිටිනවා. මේ පිරිස අපේ නෞකාවෙන් අපේ යාත්‍රා වෙත රැගෙන කොළඹ වරායට රැගෙන ඒමට කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ වගේම ඉන් අනතුරුව, එම නෞකාවට අවශ්‍ය කාර්ය මණ්ඩලයත්, අපේ නාවිකයන් සමඟ ඒකාබද්ධව එම නෞකාවත් ත්‍රිකාණාමලය වරායට රැගෙන යෑමට අපි සැලසුම් කර තිබෙනවා. එම නෞකාව ත්‍රිකුණාමලයට රැගෙන යෑමට අපි උත්සාහ කරන්නේ මෙම කණ්ඩායම ගොඩබිමට රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සූදානම් කිරීමෙන් පසුවයි. එනිසා අපි ඉතා පැහැදිලි ස්ථාවරයක් අනුගමනය කර තිබෙනවා. අපි කිසිදු රාජ්‍යයකට පක්ෂපාතීව හෝ කිසිදු රාජ්‍යයකට යටත් වීමට කටයුතු කරන්නේ නැහැ.

    අපි ස්වෛරී රාජ්‍යයක්, ස්වාධීන රාජ්‍යයක්. ඒ වගේම අපිට රජයක් හැටියට අපේ මුහුද පිළිබදව වගකීමක් තිබෙනවා. අපේ රාජ්‍යය පිළිබඳව වගකීමක් තිබෙනවා. අපේ ජනතාව පිළිබඳව වගකීමක් අපිට තිබෙනවා. එයත් අපිට ප්‍රමුඛයි. අපේ ජනතාව, අපේ මුහුදු තීරය මුළුමනින්ම අවදානමකට ලක් කර තීන්දු තීරණ ගත යුතු නැහැ. ඒ නිසා අපි තීන්දු තීරණ ගන්නේ අපේ ජනතාව සහ මාතෘ භූමිය ප්‍රමුඛතාවයේ තබාගෙනයි. එ’නිසා මොන අඬහැරයන් එළියේ තිබුණත්, මොන බලපෑම් තිබුණත් ඒ කිසිවකට අපි කලබල වන්නේ නැහැ.

    අපේ ස්ථාවරය බවට පත් වුණේ අපේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කරගෙන, අපේ මානවවාදය ඉස්මතු කරන්නේ කොහොමද? කිසිදු පුරවැසියෙක් මෙවැනි අනවරත යුද්ධයකින් මිය යා යුතුයි කියා අපි විශ්වාස කරන්නේ නැහැ. රාජ්‍යයක් විදිහට අපේ ප්‍රවේශය බවට පත් වන්නේ සෑම පුරවැසියෙකුගේම ජීවිතය තමන්ගේ ජීවිතය හා සමාන කරමින් සැලකීමයි. අපි මේ තීන්දු තිරණ ගත්තේ ඒ අනුවයි. මේ යුද්ධයේදී අපි සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටීමට කැමතියි ලෝකයේ සාමය වෙනුවෙන් හැම කෙනාගේම කැපවීම මේ අවස්ථාවේ අවශ්‍යයි. සාමය වෙනුවෙන් කැපවීමක් අවශ්‍යයි. මිනිසුන් මිය යනවා, විශාල ආර්ථික කුණාටුවකට හඹා යෑමේ අනතුරක් තිබෙනවා. යුද්ධය නිසා මුළු සමාජ දේහයේ යම් ගැටලුකාරි තත්ත්වයක් මතු වීමේ තත්ත්වයක් ඇති වී තිබෙනවා. එ’නිසා අද ලෝකයට ක්ෂණිකව අවශ්‍ය වී තිබෙන්නේ සාමය. එ’නිසා අපි සියලු පාර්ශ්වයන්ගෙන් සාමය වෙනුවෙන් කැපවීම පෙන්නුම් කරන ලෙසට ඉල්ලා සිටිනවා. එහිදී ගන්නා සෑම පියවරකටම රාජ්‍යයක් ලෙස අපේ සහාය ලබා දෙන්න ලෑස්තියි. අප මේ ක්‍රියාමාර්ග ගනු ලැබුවේ ඒ අනුවයි. මා දැක්කා, අද දවස පුරාම ඉතාම අසත්‍ය, අතාර්කික කරුණු, ඇතැම් ඒවා චෝදනා මුඛයෙන්, ඇතැම් ඒවා විවේචනාත්මකව සහ බිය වැද්ද වීම වැනි විශාල සාකච්ඡාවක් තිබුණා. ඒ සියල්ල මධ්‍යයේ රජයක් වශයෙන් අපේ රටේ කීර්තිය සහ ගෞරවය ආරක්ෂා කරමින් මිනිස් ජීවිත ආරක්ෂා කරමින් ජාත්‍යන්තර සම්මුතින්වලට අපේ කැපවීම පෙන්නුම් කරන අන්දමින් අපේ මැදිහත් වීම කරනු ලැබුවා. ඒ මැදිහත් වීම අපි දැන් සිදු කරමින් සිටිනවා. රාජ්‍යයක් විදිහට අපි ගත යුතු ඉතාමත් නිර්භීත මෙන්ම මානවවාදී ක්‍රියාමාර්ගය එය බව අපි විශ්වාස කරනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    කුලී රථ රියදුරෙකුගෙන් කොල්ල කෑ පුද්ගලයාට දුන් තීන්දුව

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.