Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 2026

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    May 21, 2026

    වෙසක් සතිය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉදිරියේදී සාමදාන විනිශ්චයකාර තනතුරට පත්වීම් ලබා දීමේදී වෙනසක්
    Featured

    ඉදිරියේදී සාමදාන විනිශ්චයකාර තනතුරට පත්වීම් ලබා දීමේදී වෙනසක්

    By LFNMarch 6, 2026No Comments2 Mins Read131 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සාමදාන විනිශ්චයකාර තනතුර තවදුරටත් දේශපාලනික කරුණු මත ලබා නොදෙන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

    අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මේ වන විට සාමදාන විනිශ්චයකාරවරයෙකු සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහාද ක්‍රමවේදයක් සකසා ඇති බවය.

    එමෙන්ම මේ වන විට දිවයින පුරා සිටින සාමාදාන විනිශ්චයකාරවරුන්ගේ දත්ත ඇතුළත් පද්ධතියක් සකස් කරගෙන යන බවත් පැවසූ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ඒ අනුව යම් පිටපතක් සහතික කිරීමේදී ඔහු සාමදාන විනිෂ්චයකාරවරයෙකුද නැද්ද යන්න දැනගත හැකි වනු බවය.

    තවද ඉදිරියේදී මෙම තනතුර සඳහා පත්වීම් ලබා දීමේදී උපරිම වයස් සීමාව 75 දක්වා පමණක් ලබා දෙන බවද අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා,

    “මේක දේශපාලණිකව තවදුරටත් දෙන්නේ නැහැ. හැබැයි ඒ වගේම ජීවන දත්ත අවුරුදු දෙකකට වරක් අලුත්වැඩියා කරන්න නව ක්‍රමවේදයක් අපි දැන් හදලා තියෙනවා. එතකොට හැමෝම ඒ ග්‍රාම සේවා සහතික සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහතික කරන ක්‍රමයක් අපි හදලා තියෙනවා. ඒ වගේම අපි දැන් හදලා ඉවරයි වට්සප් අංකයකුයි, ඊමේල් එකකුයි, ටෙලිෆොන් නම්බරයකුයි. යම් සමාදාන විනිශ්චයකාරතුමෙක් වරදක් කරනවානම් පැමිණිලි කරන්න. තවම සාකච්ඡා කරලා නැහැ එක පාරටම කලින් හිටපු කට්ටියව කැන්සල් කරන්න. සමහරු අවුරුදු 5-10ක් මේක කරලා සුදුසුකම් අරන් තියෙන්නේ හැබැයි ඉතා ඉක්මනින් ඩේටා බේස් එකක් හැදීමේ වැඩේ කරනවා. එතකොට කොහේ සීල් එක ගැහුවත් අපි දන්නවා එයා සාමදාන විනිශ්චයකාරවරයෙක්ද නැද්ද කියලා. එකට දත්ත ඇතුළත් කිරීම තමයි මේ දවස්වල වෙන්නේ… මේක කමිටුවක් මගින් තීරණය කළේ. සාමාන්‍ය මතයක් වුණේ මේ ව්‍යාකූල ලේඛණ ආපුවාම කියවලා තේරුම් ගන්න නිසි මානසික තත්ත්වයක්, සෞඛ්‍ය තත්ත්වයක් තියෙන්න ඕනේ. ඉදිරියේදී දෙන ඒවා වයස 75 කියලා කමිටුව තීන්දු කළා. ඒක වෙනස් කරන්න තරම් සාදාරණ සහ යුක්තිසහගත කරුණු දැක්වීමක් මට මේ දක්වා ලැබිලා නෑ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 2026

    වෙසක් සතිය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක්

    May 21, 2026

    මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැන දැනුම්වත්භාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 202600 Views

    හපුතලේ, දඹේතැන්න මාර්ගයේ පිහිටි ෆාමසියකින් කල් ඉකුත් වූ ඖෂධ සහ මිල වෙනස් කළ ඖෂධ අලෙවි…

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    May 21, 2026

    වෙසක් සතිය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක්

    May 21, 2026

    මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැන දැනුම්වත්භාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.