Author: LFN
2022 වසරේ අරගලය පැවති සමයේ රඹුක්කන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසල පැවති සාමකාමී විරෝධතාවකට එල්ල වූ පොලිස් වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබීමේ සිද්ධියට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ ප්‍රති විරෝධතා ගොනු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (27) පෙත්සම්කාර පාර්ශවයට කල් ලබා දුන්නේය. මෙම පෙත්සම අද ජනක් ද සිල්වා, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ට පෙන්වා දුන්නේ මෙම නඩුකරවලට අදාළ ප්‍රති විරෝධතා ගොනු කර නොමැති බවය. එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු සදහන් කළේ මෙම සිද්ධියෙන් තුවාල ලැබූ ඇතැම් පෙත්සම්කරුවන් තුවාල ලබා…
2009/2010 වසරවල බඳවා ගත් ග්‍රාම නිලධාරී කණ්ඩායමේ ශ්‍රේණි ගැටළු සම්බන්ධයෙන්, මාර්තු 03වනදා රාජ්‍ය පරිපාලන හා පලාත් පාලන අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වීමට නියමිතව තිබූ නිහඬ විරෝධතාව තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබේ. ඒ 2009/2010 කණ්ඩායමේ ග්‍රාම නිලධාරින් සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යංශ ලේකම්, අතිරේක ලේකම් (ස්වදේශ කටයුතු), අතිරේක ලේකම් (ග්‍රාම නිලධාරි පාලන), ආයතන අධ්‍යක්ෂ හා අමාත්‍යංශ නිලධාරින් සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුවය. 2009/2010 ග්‍රාම නිලධාරින්ගේ ශ්‍රේණි ගැටලුව සඳහා විෂයභාර අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ඉදිරි සතිය ඇතුළත නිශ්චිත විසඳුමක් ලිඛිතව ලබාදෙන බව අමාත්‍යංශ ලේකම්වරයා අදාළ සාකච්ඡාවේදී දැනුවත් කළ බව මෙම එකමුතුවේ මාධ්‍ය ලේකම් කුමුදු වඩුමුල්ල මහතා පැවසීය. මෙම එකඟතාව හේතුවෙන් මාර්තු…
බාල ගල්අඟුරු වංචාවේ මහමොළකරු සම්බන්ධයෙන් රජය රටට සත්‍යය අනාවරණ කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (27) කෑගල්ල අරනායක ශ්‍රී හේවාසිංහාරාමයේදී පූජ්‍ය විලානගම චන්ද්‍රරතන හිමියන් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. අද වන විට ගල් අඟුරු ක්ෂේත්‍රයේ ප්‍රමිතියේ ගැටලුවක් ඇති බවත් ගල් අඟුරු ගෙන ඒම, ප්‍රමාණය සහ ප්‍රමාදයේ ද ගැටලු ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. එහිදී සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ මෙම ගැටලු නිර්මාණය වී ඇත්තේ ගල් අඟුරු මිලදී ගැනීමේ දී ක්‍රියාත්මක වූ අකාර්යක්ෂම, අවිධිමත්, අසාර්ථක, ප්‍රසම්පාදන ක්‍රමවේදය හේතුවෙන් වන අතර ගල් අගුරු වංචාවක් තුළ බාල…
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පහසුවෙන්ම සුදුසුකම් ලැබීමට නවසීලන්ත කණ්ඩායමට තිබූ අවස්ථාව අහිමි කරමින් සුපිරි 8 වටයේ ඊයේ (27) රාත්‍රියේ අවසන් වූ තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට එංගලන්තය සමත් විය. පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ නවසීලන්ත කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 160ක ඉලක්කය තරගයේ අවසන් පන්දුවාරයේදී පන්දු 3ක් ඉතිරිව තිබියදී (19.3) පසුකර යෑමට එංගලන්තයට හැකිවිය. මෙම තරගය නවසීලන්තය ජයගත්තා නම් ශ්‍රී ලංකාවට එරෙහිව හෙට (28) පැවැත්වෙන තරගයේ කුමන ප්‍රතිඵලය ලැබුවත්, පාකිස්තානයට අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවීමට තිබුණි. ඒ අනුව පාකිස්තානයට තවමත් අවසන් පූර්ව වටය විවෘතව ඇත. හෙට පැවැත්වෙන තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 64කින් හෝ ශ්‍රී ලංකාව ලබාදෙන…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (28) ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය. කෙසේ නමුත් කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයකට ප.ව. 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වලත් අනුරාධපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
2026 වර්ෂයේ තෝරා ගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන් වෙත රු 3000.00 ක වටිනාකමක් සහිත පාවහන් තිළිණපත් ලබාදීමේ වැඩසටහනේ කාලය දීර්ඝ කර තිබේ. ඒ අනුව එම තිළිණපත්වල වලංගු කාලය 2026.02.28 දිනෙන් අවසන් වීමට තිබුණ ද එහි වලංගු කාලය 2026.03.15 දින දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර ඇතුළු පිරිසකට එරෙහිව ගම්පහ මහාධිකරණය විසින් අධි චෝදනා භාර දී තිබේ. ඒ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකුණන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි. ඒ අනුව දැනට මහාධිකරණ ඇප මත නිදහස්ව සිටින හිටපු ඇමතිවරුන් දෙපළ ඇතුළු විත්තිකරුවන්ට අද එම චෝදනාවන්ට අදාළව අධි චෝදනා භාරදීම සිදුවිය. හිටපු අමාත්‍යවරුන්ට අමතරව මෙලෙස අධි චෝදනා භාර දී ඇති සෙසු විත්තිකරුවන් වනුයේ සරත් එදිරිසිංහ, අජිත් මිල්රෝයි, ජයන්ත කබ්බ්‍රාල්, නවීන් වීරකෝන් යන අයවලුන්ය. මෙහිදී සියලු විත්තිකරුවන් ඇප මත මුදා හැරි ගම්පහ මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය නඩුව නැවත මාර්තු මස 27 වැනි දින දක්වා කල් තැබීමටද නියෝග කළාය.
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා ව්‍යාපෘතියෙන් මාර්තු 2වෙනිදා සිට ඉවත්වීමට මධ්‍යම කාරක සභාව ඒකමතික තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා පවසයි. සිය ඉල්ලීම්වලට රජයෙන් මේ වන තෙක් යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කරන බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම රෝගී ජනතාව සමග මෙම ගැටලුව විසඳා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, ඔවුන්ට අවම හිරිහැරයක් වන අයුරින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සිදු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය. තම සංගමය මේ සම්බන්ධයෙන් උපරිම නම්‍යශීලී ලෙස කටයුතු කළ ද රජය සිය ඉල්ලීම් පිළිබඳව යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම කනගාටුවට…
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ ජනිත් මධුසංඛ නොහොත් ‘පොඩි ලැසී’ව දින 7ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබා දී තිබේ. ඔහු අද (27) බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී මෙම නියෝගය ලබා දී ඇත. ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ජනිත් මධුසංඛ නොහොත් ‘පොඩි ලැසී අද (27) අලුයම මෙරටට රැගෙන ආ අතර ඉදිරි විමර්ශන සඳහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට භාර දුන්නේය. රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස සිටි මනෝජ් මෙන්ඩිස් නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් 2016 වසරේදී පොඩි ලැසීව අත්අඩංගුවට පත් විය. අනතුරුව අවස්ථා කිහිපයකදීම මනුෂ්‍ය ඝාතන, ගිනිඅවි සන්තකයේ තබාගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ආදි සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පොඩි ලැසී…
ශ්‍රී ලංකාවට බලපෑ දරුණුතම ආපදාව ලෙස සැලකෙන දිට්වා සුළිකුණාටුවෙන් මෙරටට හානි සිදුවී අදට (27) තෙමසක් ගතවෙයි. මෙම දරුණු ආපදා තත්ත්වයෙන් මෙරට පුද්ගලයින් 650කට දිවි අහිමි වෙද්දී අතුරුදන් වු 173 දෙනෙකු සොයා ගැනීමට තවමත් හැකිවී නොමැත. 2025 වසරේ නොවැම්බර් 25 වනදා සිට ශ්‍රී ලංකාවට දකුණු මුහුදු කලාපයේ හටගත් අඩුපීඩන කලාපය පසුව පීඩන අවපාතයක් බවට පත්වෙමින් නොවැම්බර් මස 27 වැනිදා සුළි කුණාටුවක් බවට පරිවර්තනය වුණි. එම සුළි කුණාටුව නම් කෙරුණේ “දිට්වා” ලෙසය. මෙම දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් පැය 24ක් තුළ මිලිමීටර් 540ක් තරම් වු වැඩිම වර්ෂාපතනයක් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලට ඇඳහැලුණු අතර ඉන් දිස්ත්‍රික්ක 25න් 22කටම එල්ලවූයේ දැඩි බලපෑමකි. දිට්වා බලපෑමෙන් නිවාස…