Close Menu
Lanka Focus News
    What's Hot

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අකුරේගොඩ ද්විත්ව ඝාතනයට අනුබල දුන් තවත් දෙදෙනෙක් අත්අඩංගුවට
    Featured

    අකුරේගොඩ ද්විත්ව ඝාතනයට අනුබල දුන් තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

    By LFNMarch 7, 2026No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ දී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (6) අත්අඩංගුවට ගෙන තිබේ.

    අදාළ අපරාධයෙන් පසු එක් වෙඩික්කරුවෙකු මොනරාගල ප්‍රදේශය දක්වා බස් රථයකින් ප්‍රවාහනය කර අපරාධයට ආධාර අනුබල දිම සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ව අත්අඩංගුවට පත්ව ඇත.

    ඔවුන් අවුරුදු 39 හා 53 වයස්වල පසුවන ඉබ්බාගමුව හා මාකොළ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

    එක් සැකකරුවෙකු විසින් දැනට විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු විසින් ලබා දෙන ලද මුදලින් මිලට ගත් බස් රථයකින් වෙඩික්කරු ප්‍රවාහනය කර ඇති බවට අනාවරණ වී ඇති අතර, අදාළ බස් රථයද විමර්ශන නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇත.

    ඉකුත් පෙබරවාරි මස 13 වනදා සිදුවූ අදාළ ඝාතන සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් මඟින් මේ වනවිට විමර්ශන සිදුකරමින් සිටී.

    ඒ අනුව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය සහ හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් අපරාධයට සම්බන්ධ වෙඩික්කරුවන් දෙදෙනා ඇතුළු අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් 08 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

    බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 202603 Views

    2027 වසරේ සිට 6 ශ්‍රේණියේදී ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ නව විෂයක් හඳුන්වාදීමට කටයුතු කරන…

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 4, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.