Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු හේතුවෙන් මෙරටට විදුලිබල පද්ධතියට සිදුවූ ජනන පාඩුව පියවා ගැනීම සඳහා කැළණි තිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය ක්‍රියාත්මක කළ යුතු බව බලශත්කි විශේෂඥයෝ පවසති. කැළණි තිස්ස සංයුක්ත චක්‍රීය බලගාරය මගින් මෙගාවොටේ 165ක විදුලි ධාරිතාවක් උත්පාදනය කිරීමට හැකියාව තිබේ. මෙරටට ගෙන්වන ලද ගල්අඟුරු ප්‍රමිතියෙන් තොරවීම හේතුවෙන් මේ වන විට ජාතික විදුලි පද්ධතියට සැපයිය හැකි විදුලි ධාරිතාව සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව පැවසේ. දත්ත වාර්තා උපුටා දක්වමින් බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රලපනාව මහතා සඳහන් කරන්නේ, ගල්අඟුරු බලාගාර තුනම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන අවස්ථාවේදී මෙගාවොට් 810ක විදුලි ජනනයක් සිදුවිය යුතු නමුත්, ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතය හේතුවෙන් මේ වන විට උපරිම වශයෙන්…
2025 අංක 04 දරන මෝටර් වාහන (රියදුරු බලපත්‍ර වලංගු කාලය තාවකාලිකව දීර්ඝ කිරීමේ) නියෝගය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2025 වසරේ නොවැම්බර් මාසයේ දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයට බරපතල හානි සිදුවූ අතර, ඒ හේතුවෙන් නියමිත දිනට රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා මහජනතාවට දැඩි දුෂ්කරතාට මුහුණ දීමට සිදු විය. එමෙන්ම, එම කාලය තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම හා අලුත් කිරීම සම්බන්ධ පරිගණක පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂ හේතුවෙන් අදාළ සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි වූ බවද සඳහන් වේ. මෙම තත්ත්වය මත මාර්ග ආරක්ෂාවට හෝ මාර්ග භාවිත කරන්නන්ට…
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ වන විෂය පථයට අදාළව මෙම වසර තුළදී නව නීති කිහිපයක් හඳුන්වාදීමටත්, දැනට පවතින නීති කිහිපයක් සංශෝධනය කිරීමටත් සැලසුම් කර තිබේ. මෙමගින් නව නීති කිහිපයක් හඳුන්වාදීම සහ පවත්නා නීති සංශෝධනය කිරීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත. එම කරුණු පහතින්, ළමයින්ට එරෙහි සයිබර් අපරාධ ආමන්ත්‍රණය කරන නව නීතියක් හඳුන්වාදීම. ‘ළමා අයිතිවාසිකම් පනත’ ලෙස එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අනුගතව නව පනතක් හඳුන්වාදීම. 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත ඉවත් කර ඒ වෙනුවට නව පනතක් හඳුන්වාදීම. කැපකරු මාපිය රැකවරණ සඳහා නව නීතියක් සම්පාදනය…
අස්වැසුම පළමු අදියර සහ දෙවන අදියරට සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජනවාරි මස දීමනාව මෙන්ම එම අදියර දෙකටම අදාළ ජනවාරි මස වැඩිහිටි දීමනාව හෙට (28) දිනයේ එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. ඒ අනුව අස්වැසුම පළමු අදියරට අදාළව රු. 11,234,713,750.00ක (එකොළොස් බිලියන දෙසිය තිස් හතර මිලියන හත්සිය දහතුන් දහස් හත්සිය පනහක) මුදලක් ප්‍රතිලාභී පවුල් 1,415,584ක් (දාහතර ලක්ෂ පහළොස් දහස් පන්සිය අසූ හතරක්) අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය. අස්වැසුම පළමු අදියරට අදාළ ජනවාරි මස වැඩිහිටි දීමනාව ලෙස රු. 3,092,200,000.00 (තුන් බිලියන අනූ දෙමිලියන දෙසීය…
මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරියක් බදුල්ල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අඹගස්දෝව පොලිසිය විසින් සිදු කළ වැටලීමකදී ඊයේ (26) පස්වරුවේ මෙම පොලිස් කොස්තාපල්වරිය අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකාරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 200ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. අදාළ පොලිස් කොස්තාපල්වරිය මෙම මත්ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා ළඟ තබාගත්තේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකාරිය අද දින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (27) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මේ වනවිට ඉන් පිටව ගොස් තිබේ. ඔහු සඳහන් කළේ මරණ තර්ජනයක් පිළිබඳ සිද්ධියකට අදාළව තමන්ගෙන්ද ප්‍රකාශයක් ලබාගැනීමට ඇති බවට සිදුකළ දැනුම්දීමක් මත තමා මෙලෙස CIDය හමුවේ පෙනීසිටි බවය. කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට ද පසුගියදා පියවර ගැනුණි. ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකරන ලද මූලික විමර්ශනයන්ට අනුව ඒ මහතා වගකිවයුතු තනතුරක් දරණ රජයේ වෛද්‍ය නිලධාරියෙකු වශයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වන ආකාරයෙන් සහ මහජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇති වන ආකාරයෙන්…
පාසල් ළමුන් අතරේ ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලිසිය දැඩි අවධානයෙන් පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසයි. අද (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ විශේෂයෙන් පාසල් ආශ්‍රිතව අයිස් පලම්, බොම්බයිමොටයි, ටොෆි, බිස්කට් සහ සාරවිට ආශ්‍රයෙන් මාවා සහ බාබුල් විකිණීමේ ක්‍රමයක් පවතින බවය. එවැනි ව්‍යාපාරික තැනැත්තන් පිළිබඳව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් මේ වනවිට ඒ හා සම්බන්ධයෙන් සැකකරුවන් 11දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය. එමෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන අතර ඒ සම්බන්ධයෙන් කිසිඳු…
ගිනිගත්හේන නගරය හරහා ධාවන වන රථවාහන පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් ඊයේ (26) රාත්‍රියේ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂකවරයා ඇතුළු පොලීසියේ මැදිහත්වීමෙන් සිදුකෙරුණි. ලංගම බස් රථ, පෞද්ගලික බස් රථ ඇතුලු වාහන 65ක් එහිදී පරීක්ෂාවට ලක්කර ඇත. එහිදී හඳුනාගත් වාහන 12ක් දින 14කට තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගත් බව ගිනිගත්හේන පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් පැවසීය. නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂකවරයා ඇතුළු ගිනිගත්හේන පොලිස් රථවාහන අංශයේ නිලධාරින් සහ හැටන් පොලිස් කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරින් එක්ව මෙම මෙහෙයුම දියත් කර තිබුණි. පරීක්ෂා කළ වාහන අතරින් වාහනවල මුල් ආකෘතිය වෙනස් කිරීම, අනතුරුදායක ලෙස වාහනවල අමතර කොටස් සවි කිරීම සහ වාහනවල තිරිංග පද්ධති නිසි…
තියුණු ආයුධයකින් කාන්තාවකගේ ගෙල කපා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය කර සිටින සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතයි. 2025.04.18 වන දින මතුගම පොලිස් වසමේ දොළහේන ප්‍රදේශයේදී වයස අවුරුදු 34ක් වන කාන්තාවකගේ ගෙළ තියුණු ආයුධයකින් කපා මෙම ඝාතනය සිදුකර තිබුණි. මෙම අපරාධය සම්බන්ධයෙන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර ඊට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටින බවට කරුණු අනාවරණය වී ඇති බව පොලිසිය පැවසීය. ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි. සැකකරුගේ විස්තර නම – බ්‍රහ්මනගේ දොන් සනත් රවීන්ද්‍ර නිලන්ත ලිපිනය – නො.78/01, ඉහලකන්ද, අගලවත්ත ජා.හැ.අංකය :- 840321401V සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත…
කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් 6 දෙනාගේ වැඩ තහනමට ලක් කර තිබේ. සැකකරුවන් ඊයේ (26) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. ඒ අනුව ලබන 29 වැනිදා හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සිදු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.