Close Menu
Lanka Focus News
    What's Hot

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ධුරයෙන් සමු ගැනීම ගැන සනත් කතා කරයි
    Featured

    ධුරයෙන් සමු ගැනීම ගැන සනත් කතා කරයි

    By LFNMarch 1, 2026No Comments2 Mins Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව ඊයේ (28) පැවැති තරගයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සමුගන්නා ගැනීමට නියමිතද යන්න පිළිබඳව සනත් ජයසූරිය මහතා අදහස් දැක්වීමක් කළේය.

    ඒ ඊයේ පැවැති තරගයෙන් අනතුරුව මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

    එහිදී පිළිතුරු ලබා දෙමින් ඒ මහතා පැවසුවේ තමන් මින් පෙර පුහුණුකරු ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බවත් තමාගේ කාලසීමාව එළැඹෙන ජූනි මාසය දක්වා පවතින බවත්ය.

    කෙසේ වෙතත් මේ සම්බන්ධව තමන් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට නිල වශයෙන් දැනුම්දීමක් මෙතෙක් සිදුකර නොමැති බවත් පැවසූ ඒ මහතා පැවසුවේ ඒ සම්බන්ධව ක්‍රිකට් ආයතනය සමගද සාකච්ඡා කිරීමට තමන් බලාපොරොත්තු වන බවය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා,

    “මම හිතුවා තව කාට හරි දෙන්න ඕනේ කියන එක. ඒ හින්දා තමයි මම මාස දෙකකට කලින් එංගලන්ත සීරියස් එකේදී කිව්වේ මම මේකේ ඉන්න බලාපොරොත්තුවක් නෑ කියලා. මම ඒ තීරණය අරගෙන තමයි ඒක කිව්වේ. මම හිතුවා වර්ල්ඩ් කප් එක හොඳ නෝට් එකකින් පුහුණුකරු හැටියට යන්න පුළුවන් කියලා. මට හිතපු තරම් ඒක කරන්න බැරිවුණා. මට ඒ ගැන දුකයි. හැබැයි ඒ තිබිච්ච තැන ඉඳලා මේ ටීම් එක අවුරුදු එකහමාරක් ඇතුළත මට නම්බර් 4 එකට ගේන්න පුළුවන් වුණා. ටෙස්ට් ටීම් එක මම නම්බර් 6 එකට ගෙනාවා. මම තනියම කළේ නෑ මගේ සපෝට් ස්ටාෆ් එක මට මාර සපෝර්ට් එකක් දුන්නා පළවෙනි දවසේ ඉඳලාම. මම හිතනවා මම කරපු දේවල්වලින් මට සන්තෝෂ වෙන්න පුළුවන් කියලා. හැබැයි මට සන්තෝස වෙන්න බෑ වර්ල්ඩ් කප් එකක් ඉවර වෙච්ච විදිහ. ඒ ගැන හොඳටම දුකයි බලමු මගේ කන්ට්‍රැක්ට් එක ජූනි වෙනකන් තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් එකට මම තාම ඔෆිෂියලී දීලා නෑ කිසිම දෙයක්. ඉතිං ඒ අයත් එක්ක කතා කරන්න ඕනේ මොකක්ද කරන්නේ කියන එක.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 202603 Views

    2027 වසරේ සිට 6 ශ්‍රේණියේදී ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ නව විෂයක් හඳුන්වාදීමට කටයුතු කරන…

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 4, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.