Author: LFN

පොලීසිය විසින් දෛනිකව සිදුකරන සෝදිසි මෙහෙයුම් අනුව ඊයේ (24) දිනයේදී පුද්ගලයින් 29,659ක් පරීක්ෂාවට ලක් කළ බව පොලීසිය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොලීසිය පැවසුවේ එම සෝදිසි මෙහෙයුම් මගින් පුද්ගලයින් 571 දෙනෙකු සැක පිට අත්අඩංගුවට ගත් බවය. එමෙන්ම අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 11 සිටින බවත් පොලීසිය සඳහන් කළේය. තවද වරෙන්තුකරුවන් 256ක්ද විවෘත වරෙන්තුකරුවන් 169ක්ද පොලීසිය විසින් මෙම සෝදිසි මෙහෙයුම් මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සොදිසි මෙහෙයුම් මගින් බීමත් රියදුරන් 443 දෙනෙකුද පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර අපරික්ෂාකාරීව රිය පැදවීම් යටතේ රියදුරන් 79ක්ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 4,524 දෙනෙකුට එරෙහිව නිතිමය ක්‍රියාමාර්ග ගැනීමටද පොලීසිය…

Read More

සතිඅන්ත නිවාඩුවත් සමග නුවරඑළියට දෙස් – විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණ තිබේ. නුවරඑළිය ප්‍රදේශයට මෙම දිනවලදී අලුයම් කාලයේ මල්තුහින පතිත වීම දැක බලා ගැනීම සඳහා මෙසේ විශාල වශයෙන් පිරිස් පැමිණෙන බව වාර්තා වේ. වසර 17කට පසුව පසුගිය 22වනදා නුවරඑළියට අවම උෂ්ණත්වයක් වාර්තා විය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැක්වූයේ එය සෙල්සියස් අංශක 3.5 ක් ලෙසින් සටහන් වූ බවය. මෙය 2009 වසරෙන් පසුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ අඩුම උෂ්ණත්වය ලෙස ඉතිහාසයට විය. මේ අතර අද (25) දිනයේ ද දිවයිනේ අවම උෂ්ණත්වය නුවරඑළියෙන් වාර්තා වූ අතර එය සෙල්සියස් අංශක 9.7 ක් ලෙස සටහන්ව තිබුණි.

Read More

අම්බලන්ගොඩ – වතුගෙදර ප්‍රදේශයේ නිවාසයක කාමරයක් තුළ සූක්ෂමව සඟවා තිබූ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ ජීව පතොරොමක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අක්මීමණ විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 33ක් වන වතුගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම අවිය සැකකරු විසින් වෙනත් පාර්ශවයකට විකිණීමට සුදානම්ව සිට ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. අම්බලන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

මෙම වසරේදී රට පුරා ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන 250ක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ මූලික රෝග පරීක්ෂණ රැසක් එකම උපකරණයකින් සිදුකළ හැකි උපකරණයක්ද හඳුන්වාදීමට කටයුතු කරන බවත්ය. දිවයින පුරා ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ නියමු වැඩසටහනේ නියමු ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ මධ්‍යස්ථාන 42ක් ජනතා අයිතියට පත් කිරීම ඊයේ (24) දිවයින පුරා දිස්ත්‍රික්ක 21දී සිදු කෙරිණි. කළුතර දිස්ත්‍රික්කයේ තණන්විල සහ හීනටියන්ගල හී පැවති එහි සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ රෝග හඳුනා ගැනීම, ප්‍රතිකාර සහ පාලනය ශක්තිමත් කිරීම සඳහා මෙම ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන…

Read More

මහඔය – බෙරගල රක්ෂිතයේ රක්ෂිතයේ දොල පාරක් අසල තිබී, ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල සහිත කාන්තා මළසිරුරක් හමු වී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 46ක් වූ වරාපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. අදාළ කාන්තාව පෙරේදා (23) දිනයේ ගවයින් බැඳීම සඳහා මෙම රක්ෂිතයට ගොස් ඇති අතර නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් හා ප්‍රදේශවාසීන් එක්ව සිදු කළ සෝයා බැලීමක දී මෙම මළසිරුර හමුවී ඇත. ඝාතනයට හේතුව හා ඝාතනය කවුරුන් විසින් සිදු කළේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. මහඔය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් එම මත්ද්‍රව්‍ය කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර යමින් සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් අද (25) අලුයමදී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 05 ක් තුළ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10යි ග්‍රෑම් 394ක් (පැකැට් 10) සහ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 912ක ප්‍රමාණයක් (පැකැට් 18ක්) සොයා ගෙන ඇත. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාරයට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් දහ තුන් කෝටි තිස් නව ලක්ෂ හතලිස් දහසක් පමණ වන බවද සඳහන් වේ. මොවුන් අද (25) අලුයම 04.00ට ඕමානයේ මස්කට් නුවර සිට සලාම් එයාර්…

Read More

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය සන්ධානගතවීමෙන් අනතුරුව එහි වැඩි වගකීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දරනු ඇති බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලය පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයෙන් අනතුරුව මාධ්‍ය වෙත එක්වෙමිනි. මේ වනවිට අදාළ සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

Read More

රතු නිවේදන නිකුත් කර තිබූ විදෙස්ගතව සැඟව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු ඉන්දියාවේ සිට ගුවන් මගින් ඊයේ (24) පස්වරුවේ මෙරටට රැගෙන විත් තිබේ. සැකකරු රැගෙන ඒමෙන් පසු කටුනායක ගුවන් තොටුපොලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති අතර ඉදිරි විමර්ශන සඳහා කෙසෙල්වත්ත පොලීසිය වෙත භාරදීමට පියවර ගෙන ඇත. මෙලෙස ගෙන්වා ඇත්තේ අවුරුදු 34ක් වූ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරුට එරෙහිව මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම පිළිබඳව චෝදනා එල්ල වී ඇති බව පොලීසිය සඳහන් කළේය. සැකකරු සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති යටතේ සිදුකෙරෙනු ඇත.

Read More

උදෑසන කාලයේ පවතින සීත කාලගුණ තත්ත්වය පෙබරවාරි අවසානය දක්වාම බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ඉන්දියාවේ සිට හමා එන සීත සුළං ධාරාවක් මෙම සීත කාලගුණයට හේතුවක් බවය. සීත කාලගුණය සමඟ නුවරඑළියේ මල්තුහින විශාල ලෙස ඇතිවී ඇති ආකාරයද දැකගන්නට ලැබේ. මේ දිනවල දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ උදෑසන කාලය තුළ සීත කාලගුණික තත්ත්වයක් පවතියි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 05කින් ජයගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.3ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 219කි. එහිදී චරිත් අසලංක ලකුණු 45ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 40ක් ලබාගත්තහ. පන්දුයැවීමේදී ජෙමී ඔවර්ටන්, ආදිල් රෂීඩ් සහ ජෝ රූට් කඩුලු දෙක බැගින් දවාගත්තහ. ජයග්‍රහණය සඳහා ලකුණු 220ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 46.2ක් තුළ කඩුලු 05ක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළහ. එහිදී ජෝ රූට් ලකුණු 75ක් රැස්කරගැනීමට සමත් විය. පන්දුයැවීමේදී ධනංජය ද සිල්වා සහ ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු දෙක බැගින්…

Read More