Author: LFN

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිත, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති Sergio Gor මහතාව හමුවී තිබේ. ඒ අද (18) පෙරවරුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුව ‘AI Impact Summit 2026’ සඳහා සහභාගිවීමට නවදිල්ලි නුවරට පැමිණ සිටින අතරතුරය. කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැවැත්වෙන “AI Impact Summit 2026” සමුළුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (19) ඇමතීමට නියමිතය. සමුළුවට සහභාගිවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (17) පස්වරුවේ නවදිල්ලි නුවර ඉන්ධිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ…

Read More

ඊයේ (17) දිනය තුළ මඩකලපුවට මි.මී 128.9ක උපරිම වාර්ෂාපතනයක් වාර්තා වූ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ අතර අවම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 13.4ක් නුවරඑළියෙන් වාර්තා වී තිබේ. ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් දකුණු බෙංගාල බොක්කේ මධ්‍යම මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත් පවතී. මේ සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටිනු ලැබේ. ගාල්ල සිට හම්බන්තොට සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී…

Read More

අකුරේගොඩදී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (18) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඝාතන සැකකරුවන් ඝාතනයෙන් පසුව සිය ජංගම දුරකථනවල දත්ත මකා ඇති බව පොලීසිය සඳහන් කරයි. තලංගම, අකුරේගොඩදී ඉකුත් සිකුරාදා පස්වරුවේ නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කර තිබුණි. පසුව පොලිස්පතිවරයාගේ උපදෙස්මත සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා පොලිස් කණ්ඩායම් 12ක් පත්කරනු ලැබීය. ඒ අනුව, සිදුකළ විමර්ශනවලදී බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් ඉකුත් 16වනදා පස්වරුවේ ඝාතනය සඳහා වෙඩික්කරුවන් භාවිත කළ ගිනිඅවි ප්‍රවාහනය කළ සොහොයුරන් දෙදෙනකු කොට්ටාවේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය. අනතුරුව ඔවුන් දෙදෙනා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ…

Read More

රුපියල් 5,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ චෝදනාව මත වාලච්චේන කෝරලයිපත්තු (මධ්‍යම) ක්වාසි අධිකරණයේ සහ පොළොන්නරුව (වැ.බ.) ක්වාසි විනිසුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (17) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ, ඕට්ටමාවඩි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය. පැමිණිලිකරුගේ නීත්‍යනුකූල බිරිඳ විසින් දරුවන්ට නඩත්තු මුදල් ගෙවීම සඳහා නඩුවක් පවරා තිබූ අතර, නඩත්තු මුදල් නොගෙවීම හේතුවෙන් මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පැමිණිලිකරුට විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබුණි. එම විවෘත වරෙන්තුව අවලංගු කරගැනීම සඳහා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද නඩත්තු නඩුවට අදාළ විස්තර වාර්තාවේ සහතික පිටපතක් ලබාදීමට රුපියල් 5,000ක මුදලක්…

Read More

උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවල ප. ව 1න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

Read More

නීතිඥයකු හා ඔහුගේ බිරිඳ වෙඩි තබා සාහසික ලෙස ඝාතනය කිරීමේ සිදුවීම තුළ පුරවැසියන්ගේ සහ වෘත්තීයවේදින්ගේ ආරක්ෂාව පිළිබඳ නැවත බරපතළ ප්‍රශ්නාර්ථයක් මතුකර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ, රාජ්‍ය තුළ පුරවැසියාගේ සහ වෘත්තීකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ඕනෑම රජයක ප්‍රමුඛතම වගකීම බවය. ඕනෑම වෘත්තීයවේදියෙකු හට බලපෑම් හෝ තර්ජනවලින් තොරව ස්වාධීනව සහ නිදහස්ව තම වෘත්තීමය සේවාවන් සැපයීමේ අයිතියක් ඇති බව එම නිවේදනයේ සඳහන්ය. මෙරට රෝහල් පද්ධතිය තුළද වෛද්‍යවරුන් ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ගැටලු ගණනාවකට මුහුණ දෙමින් සිටින බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. පුරවැසියන්ගේ ආරක්ෂාව සහ වෘත්තීයමය පරිසරය තුළ වෘත්තීයවේදින්ගේ ආරක්ෂාව…

Read More

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද (18) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා මුදල් අනුමත කිරීම තුළින් අදාළ වරදට ආධාර හා අනුබල ලබාදුන් බවට චෝදනා එල්ලවීමෙන් අනතුරුව, ඒකනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. පසුගිය 11 වනදා ඔහු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි. එම අවස්ථාවේදී ඔහුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද දින ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා දැනුම් දී තිබුණි.

Read More

නැගෙනහිර පැසිෆික් සහ කැරිබියන් කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට කියන බෝට්ටු තුනකට එල්ල කළ ප්‍රහාරවලින් 11 දෙනෙකු මිය ගොස් ඇති බව ඇමෙරිකානු හමුදාව පවසයි. විදෙස් වාර්තා සඳහන් කළේ නැගෙනහිර පැසිෆික් කලාපයේ යාත්‍රා දෙකක සිටි අටදෙනෙකු සහ කැරිබියන් කලාපයේ යාත්‍රාවක සිටි තිදෙනෙකු මෙලෙස මියගොස් ඇති බවය. සැප්තැම්බර් මාසයේ සිට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය කැරිබියන් මුහුදේ සහ පැසිෆික් සාගරයේ මත්ද්‍රව්‍ය යැයි සැකකරන බෝට්ටුවලට ප්‍රහාර 40 කට වඩා සිදුකර තිබේ. අමෙරිකානු බුද්ධි අංශ තොරතුරු මත මෙම ප්‍රහාර එල්ල කර ඇති බව අමෙරිකාව පවසයි. කෙසේවෙතත් ජනවාරි මස මුලදී අමෙරිකානු හමුදාව විසින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ අල්ලා ගැනීමෙන් පසු ප්‍රහාර එල්ල කිරීම සැලකිය යුතු ලෙස අඩු…

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ සාකච්ඡා පවත්වා තිබේ. මෙම හමුව ඊයේ (17) කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එහිදී, ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික ස්ථාවරත්වය සහ ඒ සඳහා වත්මන් රජය දැක්වූ කැපවීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සිය ප්‍රසාදය පළ කළාය. තවද, ස්වභාවික විපත්වලින් සිදුවූ හානි සහ පවතින ආර්ථික අභියෝග සාර්ථකව කළමනාකරණය කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරමින් පවතින වැඩපිළිවෙළ පිළිබඳවද එහිදී විශේෂ අවධානය යොමු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අතර ද හමුවක් සිදුව…

Read More

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි හා වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක යන මහත්වරුන්ගේ ඡායාරූප භාවිත කරමින් ව්‍යාජ වට්ස්ඇප් ගිණුම් සකසා කූඨ ලෙස මුදල් එකතු කළ චීවරධාරියෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබේ. 21 හැවිරිදි මෙම චීවරධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු වැඩවාසය කළ මුරුතලාව ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයකදීය. දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ පාසල් දරුදැරියන්ට අවශ්‍ය පාසල් උපකරණ මිලදී ගැනීමට බව පවසමින් කූඨ ලෙස සැකසූ ලිපි කිහිපයක් ද එම චීවරධාරියා සතුව තිබී විමර්ශන නිලධාරීන් සොයාගෙන තිබේ. එම ලිපි අදාළ අමාත්‍යාංශ දෙකෙහි ලේකම්වරුන්ගේ අත්සනින් යුතු ඒවා බව වාර්තා වේ. අදාළ…

Read More