Author: LFN

ශ්‍රී ලංකාවේ ප්‍රංශ රජයේ තානාපති Remi Lambert මහතා සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා, නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා හමුවක් සිදුව තිබේ. එම හමුවේදී කලාපීය සම්බන්ධතා ශක්තිමත් කිරීම, ගුවන් සේවා යටිතල පහසුකම් සංවර්ධනය, වරාය සංවර්ධන ව්‍යාපෘති සහ ආයෝජන ආකර්ශණය වැනි කරුණු සම්බන්ධයෙන් සවිස්තරාත්මකව අදහස් හුවමාරු කරගත් බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි. ප්‍රංශ තානාපති රෙමී ලැම්බර්ට් මහතා අදහස් දක්වමින්, ඉන්දියන් සාගර කලාපයේ මූලික මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රංශයට විශේෂ වැදගත්කමක් දරන බව සඳහන් කළ අතර, ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශවික සබඳතා තවදුරටත් පුළුල් කිරීමට ප්‍රංශය සූදානම් බවද අවධාරණය කළේය. ඒ අනුව, අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ශ්‍රී…

Read More

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (22) පැවති තරගයෙන් ලකුණු 19ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග 3කින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 272ක ඉලක්කයට පිළිතුරු ලෙස එංගලන්තයට පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 252ක් පමණි. එංගලන්ත ඉනිම ඔසවා තැබූ බෙන් ඩකට් (62) හා ජෝ රූට් (61) රැස්කළ අර්ධ ශතක රැස්කළහ. අවසන් පන්දුවාර කිහිපයේ දී එංගලන්තයට බලාපොරොත්තුවක් රැගෙන ආ ජෙමී ඔවර්ටන් පන්දු 17කින් ලකුණු 34ක් රැස්කිරීමට සමත් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ජෙෆ්රි වැන්ඩර්සේ (2/39),…

Read More

අද (23) සවස් කාලයේ සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Read More

ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු ඊයේ (22) වෙරළබඩ 95 වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. අදාළ සැකකරු මෙම අපරාධයට ආධාර අනුබල දිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 24යි මිලිග්‍රෑම් 300ක් ද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු බව පොලීසිය පවසයි. සැකකරු අද (23) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වෙරළබඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

අද (23) උදෑසන 8 සිට පැය 48ක කාලයක් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. එම සංගමය සඳහන් කළේ නිදහස් සෞඛ්‍ය සේවාව සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් එකඟතාව ක්‍රියාත්මක කිරීමට අසමත්වීම හේතුවෙන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බවය. කෙසේ වෙතත් මාතෘ සහ ළමා රෝහල් වකුගඩු රෝහල් සහ පිළිකා රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක නොවන බව එම සංගමය සඳහන් කළේය.

Read More

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල් මිලදී ගැනීම තුළින් ඛනිජතෙල් නීතිගත සංස්ථාවට රු.මිලියන 800කට ආසන්න මුදලක් පාඩු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමති අර්ජුන රණතුංගට හා ඔහුගේ සොහොයුරෙකු වන ධම්මික රණතුංගට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළ බව එම කොමිසම විසින් අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ. මෙම නඩුව අද (22) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම මෙම දැනුම් දීම සිදු කළේය.

Read More

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ඊයේ (21) කොළඹදී පවත්වා තිබේ. අදාළ සාකච්ඡාව සඳහා ආණ්ඩු පාර්ශ්වයට ආරාධනා කළ ද ඔවුන් ඊට සහභාගී නොවූ බව සඳහන්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ දෙමළ පක්ෂ නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ සුමන්දිරන් මහතා ඇතුළු පිරිසක් අදාළ සාකච්ඡාවට එක්ව ඇත. මේ සම්බන්ධයෙන් වන තවත් සාකච්ඡාවක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ලෙස හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ පත් කර තිබේ. ඊට අදාළ පත්වීමේ ලිපිය පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ අතින් පක්ෂ කාර්යාලයේදී අද (22) ලබාගෙන ඇත. එමෙන්ම රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෞ සෞඛ්‍ය වෘත්තියකයන්ගේ සංගමයේ කැඳවුම්කරු ලෙසට ද පත්වීම් ලැබීය. පසුගිය ජනාධිපතිවරයේදී හිටපු අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමත් විශේෂත්වයකි. අද දින රමේෂ් පතිරණ සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන හිටපු සභාපතිවරුන් හා පළාත් පාලන ආයතනවල සභිකයින් පිරිසක්ද මෙලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්විය.

Read More

වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසක තිබී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි 165,200ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. යුද්ධ හමුදා බුද්ධි තොරතුරු අනුව රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ සහාය ඇතිව ඊයේ (21) සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. එම දුම්වැටිවල වටිනාකම රුපියල් මිලියන 16.52 ක් බව සඳහන් වේ. ඉදිරි විමර්ශන සඳහා දුම්වැටි සහ සැකකරු වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

Read More

අද (22) දිනය තුළ වාර්තා වු අවම උෂ්ණත්වය නුවරඑළියෙන් වාර්තා වී ඇති අතර, එය සෙල්සියස් අංශක 3.5ක් බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද අලුයම කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය දත්ත ලබාගන්නා මධ්‍යස්ථානවලින් වාර්තා වූ උෂ්ණත්ව අගයන් අනුව මෙය වාර්තා කර ඇති අතර මෑත කාලයේ වාර්තා වූ අවම උෂ්ණත්වය මෙය වේ. ඒ අනුව බණ්ඩාරවෙල උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.5ක් ලෙසත්, බදුල්ලේ 15.1ක් ලෙසත්, කටුගස්තොට 15.9ක් ලෙසත් උෂ්ණත්වය සටහන්ව තිබුණි. වැඩිම උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 25.3ක් මුලතිව්වලින් වාර්තා වී ඇති අතර, හම්බන්තොට සෙල්සියස් අංශක 22ක් හා කොළඹ සෙල්සියස් අංශක 22.1ක් ලෙස උෂ්ණත්වය වාර්තා වුණි.

Read More