Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»2026 ආසියාවේ හොඳම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොට එක්වෙයි
    Featured

    2026 ආසියාවේ හොඳම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොට එක්වෙයි

    By LFNFebruary 24, 2026No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලොව සුප්‍රකට සංචාරක වෙබ් අඩවියක් වන Tripadvisor විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 වසරේ “Travelers’ Choice Awards Best of the Best” ශ්‍රේණිගත කිරීම් අනුව ආසියාවේ විශිෂ්ටතම වෙරළ තීරයන් 10 අතරට ශ්‍රී ලංකාවේ මිරිස්ස සහ බෙන්තොට වෙරළ තීරයන් තේරී පත්ව ඇත.

    මෙම ලැයිස්තුවේ මිරිස්ස වෙරළ තීරය 05 වන ස්ථානය දිනා ගැනීමට සමත්ව ඇති අතර, බෙන්තොට වෙරළ තීරය 07 වන ස්ථානය හිමිකරගෙන තිබේ.

    Tripadvisor ආයතනය සඳහන් කරන පරිදි “Best of the Best” සම්මානය පිරිනමනු ලබන්නේ සංචාරක ක්ෂේත්‍රයේ ඉහළම ගුණාත්මකභාවය අගය කරමිනි.

    පසුගිය මාස 12 ක කාලය තුළ ලොව පුරා සංචාරකයින් ලබාදුන් අතිවිශාල සමාලෝචන ප්‍රමාණය සහ ඔවුන්ගේ ප්‍රසාදය මෙහිදී සැලකිල්ලට ගෙන ඇති බව සඳහන් වේ.

    දකුණු වෙරළ තීරයේ පිහිටි මිරිස්ස, එහි ඇති ස්වභාවික සුන්දරත්වය සහ නිසල ජලය හේතුවෙන් සංචාරක ආකර්ෂණය දිනා ඇත.

    මිරිස්ස වෙරළ තීරයේ, සර්ෆින් ක්‍රීඩාව සඳහා ප්‍රසිද්ධ ස්ථාන සහ Coconut Tree Hill ආශ්‍රිතව නැරඹිය හැකි හිරු බැස යන දර්ශනය Tripadvisor හි විශේෂ ඇගයීමට ලක්ව තිබේ.

    බෙන්තොට වෙරළ තීරය ජල ක්‍රීඩා සඳහා ලොව සුප්‍රකට ගමනාන්තයකි. සර්ෆින් සඳහා පවතින පහසුකම් මෙන්ම එහි ඇති සුදු වැලි තලාව සංචාරකයින්ගේ ඉහළම මනාපය දිනා ගැනීමට හේතු වී ඇත.

    2026 වසරේ ආසියාවේ හොඳම වෙරළ තීරයන් ලයිස්තුව පහතින් දැක්වේ.

    01. Banana Beach (Phuket)තායිලන්තය

    02. Kelingking Beach (Nusa Penida)ඉන්දුනීසියාව

    03. Radhanagar Beach (Havelock Island)ඉන්දියාව

    04. Palolem Beach (Canacona)ඉන්දියාව

    05. Mirissa Beach ශ්‍රී ලංකාව

    06. White Beach (Panay Island)පිලිපීනය

    07. Bentota Beach ශ්‍රී ලංකාව

    08. Railay Beach (Krabi)තායිලන්තය

    09. Nusa Dua Beach (Bali)ඉන්දුනීසියාව

    10. Cenang Beach (Langkawi)මැලේසියාව

    මෙම ජාත්‍යන්තර ඇගයීම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ඉදිරි ගමනට මහත් රුකුලක් වනු නොඅනුමානය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.