Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
දිට්වා සුළි කුණාටුවෙන් මියගිය පුද්ගලයන් 525 දෙනෙකුට මේ වනවිට මරණ සහතික නිකුත් කර ඇති බව පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පවසයි. තවත් මළසිරුරු කිහිපයක් මේ දක්වාත් හදුනාගෙන නොමැති බව ද ඔහු සඳහන් කළේය. අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඉන්දීය යුද හමුදාපති උපේන්ද්‍ර ද්ව්වේදි විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ප්‍රදානය කළ නව ජීප් රථ 20ක් භාවිතයට ගැනීමත් සමග ශ්‍රී ලංකා යුද හමුදාවට මසකට රුපියල් මිලියන 1.5ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකිවී තිබේ. මෙම ජීප් රථ තොගය ඉන්දීය යුද හමුදාපතිවරයාගේ මෙරට සංචාරය අතරතුර ශ්‍රී ලංකා යුද හමුදාව වෙත නිල වශයෙන් පිරිනමන ලද්දේ හමුදාපතිවරුන් දෙපළ අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතාවයේ සංකේතයක් වශයෙනි. යුද හමුදාවේ පරිපාලන සහ ක්ෂේත්‍ර රාජකාරි සඳහා මෙතෙක් පෞද්ගලික අංශයෙන් කුලී පදනම මත ලබාගෙන තිබූ වාහන වෙනුවෙන් මාසිකව රුපියල් මිලියන 1.5ක (ලක්ෂ 15ක) මුදලක් වැය කිරීමට සිදුව තිබුණි. මෙම නව ජීප් රථ සේවයට එක් කිරීමත් සමග එම කුලී පදනමේ වාහන…
පාසල් සිසුවියන්ට අවස්ථා කිහිපයකදී අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වීමේ චෝදනාව මත සැකකරුවෙකු නානුඔය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වයස අවුරුදු 11ත් 14ත් අතර පසුවන පාසල් සිසුවියන්ට සැකකරු විසින් මෙලෙස අසභ්‍ය දර්ශන පෙන්වා ඇති බවට නානුඔය ප්‍රදේශයේ පාසල් සිසුන් කළ පැමිණිල්ලක් මත ඔහුව අත්අඩංගුවට ගත් බව නානුඔය පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය. පැමිණිලි සිදුකළ දැරියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, නානුඔය ප්‍රදේශයේම පදිංචි 56 හැවිරිදි තිදරු පියෙකු වන සැකකරු අද (21) නුවරඑළිය දිසා විනිසුරු හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය නානුඔය පොලිස් කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් පී.එස්. සංජීවනී (2435) මහත්මිය ඇතුළු නිලධාරීන් විසින් නානුඔය ප්‍රදේශයේ ජනතාව, පාසල් ළමුන් සහ වතු කම්කරුවන් දැනුවත් කිරීම සඳහා ළමා…
ගණකාධිකාවරයෙකු කළුතර පාලමෙන් කළු ගඟට පැන ඇති බවට ලැබුණු සැකයක් මත කිමිඳුම්කරුවන් සහ නාවික හමුදා ජීවිත ආරක්ෂක නිලධාරීන් කළුගගේ මෙහෙයුමක් දියත් කර තිබේ. කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් කළුතර දකුණ පොලීසියට කළ දැනුම්දීමක් මත මෙසේ මෙහෙයුම් සිදුකරන බව කළුතර දකුණ පොලීසිය පවසයි . කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ගණකාධිකාරිවරයෙකු අතුරුදන් බවට තොරතුරු ලැබී ඇති බවත්, ඔහුගේ ජංගම දුරකථනය පාළම මත තිබී හමුව ඇති බවත් පොලීසිය සඳහන් කරයි. ගණකාධිකාරිවරයා පාලම දෙසට ගමන් කරන අයුරු අසල වෙළෙඳ සැලක් CCTV කැමරාවක සටහන්ව ඇති බවත් පොලීසිය පැවසීය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමේ ක්‍රියාවලිය සඳහා තම අඛණ්ඩ සහාය ලබාදෙන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යළි තහවුරු කර තිබේ. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර පැවැති හමුවකදීය. මෙම හමුව ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නගරයේ පැවැත්වෙන 2026 ලෝක ආර්ථික සමුළුවට සමගාමීව පැවත්විය. මෙම සාකච්ඡාවට කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාද එක්ව සිටියේය.
ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු තුනකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. ඊයේ (20) මෙම අනතුරු සිදුව තිබුණේ ලග්ගල, බදුල්ල සහ නවගමුව යන පොලිස් වසම්වලදීය. ලග්ගල පොලිස් වසමේ බකමූණ හෙට්ටිපොළ මාර්ගයේ දේවාලදෙනිය හන්දිය අසලදී ටිපර් රථයක් පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ පදිකයා ලග්ගල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, දේවාලදෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි පුද්ගලයෙකි. මේ අතර බදුල්ල පොලිස් වසමේ තල්දෙන පුස්සැල්ලාව ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනයකරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීගොස් අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු බදුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ, 06 කණුව, පුස්සැල්ලෑව…
ධීවරයින් සඳහා ඉහළ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ක්‍රමයක් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් හඳුන්වා දී තිබේ. මෙහි විශේෂත්වය වන්නේ ධීවරයින්ගේ ක්‍රය ශක්තිය අනුව ඔවුන්ගේ අභිමතය මත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම හඳුන්වා දී තිබීමය. ඒ අනුව නව ධිවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය යටතේ, ධීවරයින්ගේ ක්‍රය ශක්තිය හා කැමැත්ත අනුව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායකවීමට අවස්ථාව හිමි වේ. එහිදී රු 5,000, රු 10,000, රු 15,000, රු 20,000, රු 25,000 හෝ ඊට වැඩි ආදි වශයෙන් අභිමතය පරිදි වයස අවුරුදු 60න් පසුව මාසිකව ලබාගත හැකි ඕනෑම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයකට දායකවිය හැකිය. මෙම යෝජනා ක්‍රමය යටතේ තවත් විශේෂත්වයක්…
අද (21) අලුයම් කාලයේදී දිවයිනේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 7.4ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම බණ්ඩාරවෙල ප්‍රදේශයේ අද අලුයම සටහන් වූ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.5ක් බවද, බදුල්ල ප්‍රදේශයේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 15.2ක් ලෙස වාර්තා වී ඇති බවද සඳහන් කරයි. එමෙන්ම මහඉලුප්පල්ලම ප්‍රදේශයෙන් අද අලුයම වාර්තා වූ අවම උෂ්ණත්වය 17.4ක් ලෙස සටහන් විය. මේ අතර අනුරාධපුරය ප්‍රදේශයෙන් අද අලුයම වාර්තා වූ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 18.6ක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි. එසේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය දත්ත ලබාගන්නා මධ්‍යස්ථානවලින් වාර්තා වූ අවම උෂ්ණත්ව අගයන් සෙල්සියස් අංශකවලින් සිතියමක දැක්වෙන බවද සඳහන් කරයි.
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයකු නිට්ටඹුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිට්ටඹුව අරලිය පටුමග, පින්නගොල්ල වත්ත, ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බව සඳහන්ය. එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 ග්‍රෑම් 838 තොගයක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ආදළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. එහි වටිනාකම රුපියල් කෝටි 90කට අධික බව පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසීය. මෙම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට විදේශගතව සිටින ඩුබායි වරුණ සහ මොහොමඩ් සිද්ධික් සහ දැනට බන්ධනාගාරගතව සිටින දිලිඳු සංජීව නොහොත් “ලේනා” යන…
විදේශ සේවා නියුක්ති කාර්යාංශ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයෙහි නිලධාරීන් සහ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා අතර සාකච්ඡාවක් (20) පවත්වා තිබේ. ඒ ජනතාව කේන්ද්‍ර කරගත් නිති ක්‍රියාත්මක කිරීම තවදුරටත් ශක්තිමත් කරමින් විශේෂ විමර්ශන ඒකකයෙහි මෙතෙක් ලබා ගත් ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහාය. එහිදී පසුගිය 2025 ජනවාරි මාසයේ සිට දෙසැම්බර් දක්වා කාලය තුළ විශේෂ විමර්ශන අංශය විදේශ ශ්‍රමිකයින් සහ ඔවුන්ගේ පවුල් සඳහා ඉතා පැහැදිලි ප්‍රතිඵල ලබා දී ඇති බව ඔවුන් අමාත්‍යවරයා හමුවේ පෙන්වා දී ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ එම වසර තුළ මහජන පැමිණිලි 4,822ක් ලැබී ඇති බවත් ඉන් විමර්ශන මගින් පැමිණිලි 2,914ක් විසඳීමට කටයුතු කර ඇති…