Close Menu
Lanka Focus News
    What's Hot

    විසි ලක්ෂයේ සංචාරකයා අද දිවයිනට

    November 20, 2026

    ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා සහ අගමැති හරිනි අතර සාකච්ඡාවක්

    November 19, 2026

    81 වැනි ජන්ම දිනයට මහින්දට නාමල්ගෙන් සුබ පැතුම්

    November 18, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගැන තීරණයක්
    Featured

    රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගැන තීරණයක්

    By LFNFebruary 28, 2026No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2022 වසරේ අරගලය පැවති සමයේ රඹුක්කන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසල පැවති සාමකාමී විරෝධතාවකට එල්ල වූ පොලිස් වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබීමේ සිද්ධියට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ ප්‍රති විරෝධතා ගොනු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (27) පෙත්සම්කාර පාර්ශවයට කල් ලබා දුන්නේය.

    මෙම පෙත්සම අද ජනක් ද සිල්වා, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

    එම අවස්ථාවේදී විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ට පෙන්වා දුන්නේ මෙම නඩුකරවලට අදාළ ප්‍රති විරෝධතා ගොනු කර නොමැති බවය.

    එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු සදහන් කළේ මෙම සිද්ධියෙන් තුවාල ලැබූ ඇතැම් පෙත්සම්කරුවන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි බැවින් ප්‍රති විරෝධතා ගොනු කිරීමට නොහැකි වූ බවය.

    ඒ අනුව ප්‍රති විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙසත් එම නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා සඳහන් කළේ මෙම පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන ගොනු කර තිබෙන බවත්ය.

    ඒ අනුව ප්‍රති විරෝධතා තිබේනම් ඒවා ජුලි 15 වනදාට පෙර ගොනු කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයට නියම කළ විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 08 වනදා කැඳවන ලෙසත් නියම කළේය.

    2022 වසරේ අරගලය පැවති සමයේ රඹුක්කන ඉන්ධන පිරවුම්හලක් අසල පැවති සාමකාමී විරෝධතාවයකට පොලිසිය විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් චමින්ද ලක්ෂාන් නමැති 41ක් හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබූ අතර මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ තුවාල ලැබූවන් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් 07 ක් ඉදිරිපත් කර ඇත.

    මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස මෙම වෙඩි තැබීම සිදු කිරීමට අණ දුන් බව කියන කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.කීර්තිරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් නම් කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විසි ලක්ෂයේ සංචාරකයා අද දිවයිනට

    November 20, 2026

    ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා සහ අගමැති හරිනි අතර සාකච්ඡාවක්

    November 19, 2026

    81 වැනි ජන්ම දිනයට මහින්දට නාමල්ගෙන් සුබ පැතුම්

    November 18, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,485 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,434 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,633 Views
    Don't Miss

    විසි ලක්ෂයේ සංචාරකයා අද දිවයිනට

    November 20, 202606 Views

    මේ වසරේ මෙරටට පැමිණි සංචාරකයින් අතුරින් විසි ලක්ෂයේ සංචාරකයා අද (20) දිවයිනට පැමිණ තිබේ. රුසියානු…

    ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා සහ අගමැති හරිනි අතර සාකච්ඡාවක්

    November 19, 2026

    81 වැනි ජන්ම දිනයට මහින්දට නාමල්ගෙන් සුබ පැතුම්

    November 18, 2026

    අලි-මිනිස් ගැටුම අවම කිරීමට සහ අලි සංරක්ෂණයට නව තාක්ෂණික හා ප්‍රායෝගික විසඳුම් සෙවීමට අවධානය

    November 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.