Close Menu
Lanka Focus News
    What's Hot

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කෙරවලපිටිය කුණු කන්දේ ගින්නෙන් ඇතිවූ පාරිසරික බලපෑම විමර්ශනයට වාර්තාවක් කැඳවයි
    Featured

    කෙරවලපිටිය කුණු කන්දේ ගින්නෙන් ඇතිවූ පාරිසරික බලපෑම විමර්ශනයට වාර්තාවක් කැඳවයි

    By LFNFebruary 27, 2026No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කෙරවලපිටිය කුණු කන්දේ හටගත් ගින්න සහ ඒ ආශ්‍රිත පාරිසරික බලපෑම පිළිබඳ විමර්ශනය කිරීම සඳහා වාර්තාවක් කැඳවීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    කෙරවලපිටිය ප්‍රදේශයේ වගුරුබිම් ගොඩකර පවත්වාගෙන යනු ලබන අපද්‍රව්‍ය අංගනයේ පසුගිය (25) හටගත් ගින්න හේතුවෙන් ප්‍රදේශයේ පාරිසරික පද්ධතියට සහ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වූ බව නිරීක්ෂණය වී තිබේ.

    විශේෂයෙන් වගුරු බිමක අපද්‍රව්‍ය බැහැර කිරීමේදී ඇතිවන ස්වභාවික තෙරපුම සහ ජීව විද්‍යාත්මක ක්‍රියාවලීන් හේතුවෙන් මීතෙන් වැනි දහනය වන වායු සිරවීමේ තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුව ඇති බැවින් කරුණු කිහිපයක් සම්බන්ධව වැඩ බලන පරිසර අමාත්‍යවරයා ලෙස නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා විසින් මේ සම්බන්ධව වාර්තාවක් කැඳවා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර ඇත.

    ඒ අනුව,

    01. මීතේන් වායු විමෝචනය සහ පාලනය: වගුරුබිම තුළ සිරවී ඇති මීතේන් වායුව හේතුවෙන් ගින්න තවදුරටත් පැතිරීම සහ එමගින් ඕසෝන් ස්ථරයට හා වායුගෝලයට සිදුවන බලපෑම පිළිබඳව ඕසෝන් ඒකකය සහ මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කර ඔවුන්ගේ තාක්ෂණික දායකත්වය ලබා ගැනීම.

    02. ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙළ: නව රජය විසින් අපද්‍රව්‍ය විද්‍යානුකූලව ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතින පසුබිමක, මෙවැනි ආපදා තත්වයක් ඇතිවීමට බලපෑ හේතු සහ එහිදී සිදුවූ පරිපාලනමය හෝ තාක්ෂණික ලුහුඬුකම් තිබේද යන්න විමර්ශනය කිරීම.

    03. පාරිසරික හානිය: ගින්න හේතුවෙන් විනාශයට පත් වූ වගුරු බිම් පද්ධතිය යථා තත්වයට පත් කිරීම සඳහා ගත හැකි පියවර පිළිබඳ වාර්තාවක් ලබා ගැනීම.

    යන කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙසත් මේ පිළිබඳ මහජනතාව දැනුවත් කරන ලෙසත් පරිසර නියොජ්‍ය අමාත්‍යවරයා විසින් පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත වෙත දන්වා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 202605 Views

    ඊයේ (13) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට…

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.