Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ත්‍රීරෝද රථ රියදුරු ඝාතනය කර රිය පැහැරගත් 16 හැවිරිදි සැකකරු අල්ලයි
    Featured

    ත්‍රීරෝද රථ රියදුරු ඝාතනය කර රිය පැහැරගත් 16 හැවිරිදි සැකකරු අල්ලයි

    By LFNFebruary 23, 2026No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පුත්තලම ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙකු ඝාතනය කර එම රථය කොල්ල කෑ බව කියන සැකකරුවෙකු පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම, තිල්අඩිය – රත්මල්යාය පදිංචි 16 හැවිරිදි අයෙකුය.

    ඊයේ (22) දින උදෑසන පුත්තලම අඩපනාවිල්ලුව ප්‍රදේශයේ කාණුවක් තුළ පුද්ගල මළ සිරුරක් ඇති බවට ලද ඇමතුමක් මත පොලීසිය විසින් විමර්ෂණයක් ආරම්භ කර තිබුණි.

    එහිදි අනාවරණය වි ඇත්තේ මෙලෙස ඝාතනය වී ඇත්තේ පසුගිය 21 වැනි දින සිය ත්‍රීරෝද රථයෙන් කුලී ගමනක් සඳහා පිටත්ව ගිය අබ්දුල් ලතීෆ් නම් 75 හැවිරිදි අයෙකු බවය.

    එදින රාත්‍රි 9.30ට පමණ සිය නිවසට පැමිණ ඇති මෙම සැකකරු සමග මරණකරු අදාළ කුලී ගමන පිටත්ව ගොස් ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    අදාළ ත්‍රීරෝද රථය කොල්ලකෑම සඳහා රියදුරුගේ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් සැකකරු විසින් පහරදී රියදුරු ඝාතනය කර ඇති අතර පසුව ඔහුව දමා ත්‍රීරෝද රථය පැහැරගෙන ගොස් ඇත.

    පසුව පුත්තලම මුල්ලෙයි නිවාස සංකීර්ණයේ දේවස්ථානයක් ආසන්නයේ සැකකරු විසින් ත්‍රීරෝද රථය අත්හැර දමා ගොස් ඇති අතර පොලීසිය විසින් රථය පොලිස් භාරයට ගෙන තිබුණි.

    ඒ අනුව සිදුකළ විමර්ශනයේදී සිද්ධිය සම්බන්ධව සැකකරු පොලීසිය විසින් ඔහුගේ නිවසේ සිටියදී ඊයේ දින අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අයෙකු අතර මුදල් සහ ත්‍රීරෝද රථය කොල්ලකෑම සඳහා මෙම ඝාතනය සිදුකළ බවද සැකකරු පොලීසිය හමුවේ පවසා ඇති බවද පොලීසිය සඳහන් කළේය.

    සිද්ධිය සම්බන්ධව පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.