Close Menu
Lanka Focus News
    What's Hot

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාරක අනතුරු කිහිපයක් – නෙදර්ලන්ත ජාතිකයෙකු ඇතුළු සිව්දෙනෙකුට දිවි අහිමි වෙයි
    Featured

    මාරක අනතුරු කිහිපයක් – නෙදර්ලන්ත ජාතිකයෙකු ඇතුළු සිව්දෙනෙකුට දිවි අහිමි වෙයි

    By LFNFebruary 20, 2026No Comments2 Mins Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු හතරකින් නෙදර්ලන්ත ජාතිකයෙකු ඇතුළු සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    ඊයේ (19) මෙම අනතුරු සිදුව තිබුණේ තෙල්දෙණිය, පදියතලාව, වෙරළබඩ සහ බණ්ඩාරගම යන පොලිස් වසම්වලදීය.

    මහනුවර පදියතලාව මාර්ගයේ මොරගහමුල ප්‍රදේශයේදී යතුරුපැදියක් එම දෙසටම ධාවනය වූ බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු තෙල්දෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

    එලෙස මියගොස් ඇත්තේ, 46 හැවිරිදි නෙදර්ලන්ත ජාතිකයෙකි.

    මේ අතර පදියතලාව පොලිස් වසමේ කෙහෙල්උල්ල ප්‍රදේශයේදී ටිපර් රථයක් රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ඇළකට පෙරළී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් තුවාල ලැබූ ටිපර් රථයේ රියැදුරු පදියතලාව රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රථිකාර සඳහා මහඔය රෝහලට මාරු කර යැවීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

    එලෙස මියගොස් ඇත්තේ, පදියතලාව ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි තරුණයෙකි.

    මේ අතර වෙරළබඩ පොලිස් වසමේ වරාය පරිශ්‍රයේ බර අඬු එසවුම් යන්ත්‍රයක් අදියර තුනේ සිට අධියර දෙක දෙසට ධාවනය කරන අවස්ථාවේ ඊට ඉදිරියෙන් එම දිශාවටම ධාවනය කල යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් යතුරුපැදියේ පසුපැදිකරු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

    එලෙස මියගොස් ඇත්තේ, රිදීගම ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙකි.

    මේ අතර බණ්ඩාරගම – පානදුර මාර්ගයේ බණ්ඩාරගම නගරයේදී හොරණ දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබේ.

    අනතුරින් තුවාල ලැබූ පදිකයා බණ්ඩාරගම රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රථිකාර සඳහා පානදුර රෝහලට මාරුකර යවා ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

    මරණකරු වයස අවුරුදු 65 ක් වූ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර බණ්ඩාරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 202605 Views

    ඊයේ (13) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට…

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.