Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
සති දෙකක කාලයක් පුරා ඉරාන රජයට එරෙහිව පැවැත්වෙන අඛණ්ඩ මහජන විරෝධතාවලින් මියගිය සංඛ්‍යාව අද (12) අලුයම වනවිට 500 ඉක්මවන විදෙස් වාර්තා සඳහන් කරයි. මියගිය පුද්ගලයන්ගෙන් 490ක්ම විරෝධතාකරුවන් වන අතර, ආරක්ෂක නිලධාරීන් 48කටද දිවි අහිමිවී ඇති බව එම වාර්තා පෙන්වා දේ. මේ වනවිට විරෝධතා පැවැත්වෙන ප්‍රදේශවල ඇතැම් රෝහල්, මියගිය හෝ තුවාල ලැබූ පිරිස්වලින් පිරි ගොස් ඇති බව රෝහල් බලධාරීන් පවසනවා. ටෙහෙරාන් හි රෝහල් ආරංචිමාර්ග BBC මාධ්‍ය වෙත පවසා ඇත්තේ, රෝහල් වෙත රැගෙන ආ බහුතරයක් අවුරුදු 20ත් 25ත් අතර වයසේ පසුවන තරුණයන් බවය. ඉන් බොහෝ දෙනෙකුගේ හිසට හෝ පපු ප්‍රදේශයට වෙඩි වැදී තිබූ බව එහි දැක්වේ. අධික රෝගී තදබදය හේතුවෙන් රැගෙන එන…
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් කර කැබිනට් සංශෝධනයක් සිදු කරන ලෙස දේශය සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි ජනාධිපතිවරයා වෙත සංදේශයක් යොමුකරමින් ඉල්ලීමක් කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සංදේශයක් යොමු කරමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ අග්‍රාමාත්‍යවරියගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත අත්තනෝමතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් තහවුරු වන්නේ ආණ්ඩුව යටතේ ද රටත්, ජනතාවත්, බුද්ධ ශාසනයත් බරපතළ අන්තරායක තත්ත්වයකට මුහුණ දී ඇති බවය. මේ ආකාර දුර්වල හා ජනතාව, රට පිළිබඳ තැකීමක් නොමැති ආණ්ඩුවක සෘජු හානිය සිදුවන්නේ රටට හා ජනතාවට බවද උන්වහන්සේ සංදේශය තුළින් පෙන්වා දී ඇත. උන්වහන්සේ වැඩිදුරටත් පවසන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා භික්‍ෂුන්ගෙන්, අන්‍යාගමික පුජකයින්ගෙන්,…
නඩත්තු කටයුත්තක් හේතුවෙන් තාවකාලිකව ක්‍රියාවිරහිත කර තිබු නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් යළි යථා තත්ත්වයට පත් කර තිබේ. කෙසේවෙතත් එම ජනන යන්ත්‍රය මගින් උත්පාදනය කරනු ලබන විදුලිය මෙතෙක් පද්ධතියට එක්කිරීමට කටයුතු කර නොමැති අතර ඉදිරි දින කිහිපයේ දී එය පද්ධතියට එක්කිරීමට කටයුතු කරන බව වාර්තා වේ. නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර 03ක් ඔස්සේ ජාතික විදුලි බල පද්ධතියට මෙගාවෝට් 900ක් එක්කරන අතර මේ වන විට එක් ජනන යන්ත්‍රයක් මගින් පමණක් ජාතික පද්ධතියට විදුලිය එක්කරනු ලැබේ. කෙසේවෙතත් තවත් එක් ජනන යන්ත්‍රයක් තවදුරටත් අක්‍රීය මට්ටමේ පවතින අතර එම ජනන යන්ත්‍රය ද යථා තත්ත්වට පත්කිරීමට කටයුතු කරමින් සිටින බවද සඳහන් වේ.
අද (12) උතුරු , උතුරු-මැද, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි. සෙසු ප්‍රදේශවල ප.ව. 1.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලද ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක් තද වැසි ඇති විය හැකිය. මේ අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දී සිටින්නේ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවය.…
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත මහා භාණ්ඩාගාරය විසින් ලබා දුන් ආදායම් ඉලක්කය පසුගිය වසරේ දී ඉක්මවා යාමට සමත්වු බව එම දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව රුපියල් මිලියන 13,100ක ආදායමක් උපයා ගැනීමට පසුගිය වසරේදී හැකියාව ලැබී ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කළේය. පසුගිය වසර තුළදී ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට අදාළ විවිධ වෘත්තීන් සඳහා නව බදවා ගැනීම් සහ ස්ථීර කිරීම් රාශියක් සිදුකළ බව ද තැපැල්පතිවරයා පැවසුවේය. 2025 ජුනි මාසයේදී ශ්‍රී ලංකා තැපැල් සේවාවේ උප තැපැල් ස්ථානාධිපතිවරුන් 378දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය අමාත්‍යංශය කටයුතු කර තිබේ. එම ස්ථීර කිරීම 2020 වර්ෂයෙන් පසුව සිදුවු පළමු උප තැපැල් ස්ථානාධිපතිවරුන් ස්ථීර…
දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම යටතේ ගතවූ දිනයේ දී අපරාධ සම්බන්ධයෙන් සෘජුව හදුනාගත් පුද්ගලයින් 14දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ ඊයේ දිනයේ දී දිවයින පුරා පුද්ගලයින් 30,322දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බවය. එහිදී සැකපිට පුද්ගලයින් 679දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊට අමතරව වරෙන්තුකරුවන් 275දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර විවෘත වරෙන්තුකරුවන් 150දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය. එමෙන්ම දිවයින පුරා සිදුකළ පරීක්ෂාකිරීම්වලදී බීමත් රියදුරන් 507දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරික්ෂාකාරී රිය ධාවනය ඇතුළු රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 5,283දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
වර්ථමානයේ පවතින අවධානම් තත්ත්වයන් කළමනාකරණය කරමින් බිත්තර වී නිෂ්පාදන ගොවිපොළවල් සාර්ථකව පවත්වාගෙන යාමට එම ගොවිපොළවල් රක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. මෙහිදී බිත්තර වී අක්කර එකක් සඳහා රුපියල් 13,600ක රක්ෂණ මුදලක් ගෙවිය යුතු අතර එවිට වගා හානියකදී අක්කර එකක් සඳහා රුපියල් 180,000ක මුදලක් වන්දි වශයෙන් ගොවියා වෙත ලැබෙනු ඇත. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පැවසුවේ මෙම රක්ෂණ ක්‍රමය මගින් ගංවතුර, නියඟය, පාලනය කළ නොහැකි රෝග, පලාභෝධ හා කෘමි උවදුරු හානි ඇතුළු සියලුම ස්වාභාවික තත්ත්වයන් හේතුවෙන් සිදුවන වගා හානි මෙන්ම වන අලින්ගෙන් සිදුවන වගා හානිද මෙමගින් ආවරණය වන බවය.
පවතින වර්ෂාපතනයේ යම්කිසි අඩුවීමක් නිරීක්ෂණය වුවද නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට පියවර ගත් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසයි. පසුගිය නොවැම්බර් මස අවසානයේ සහ දෙසැම්බර් මස මුල් සතිය තුළ ලැබුණු වර්ෂාපතනයත් සමඟ මේ වන විට බොහොමයක් ස්ථාන තවදුරටත් අනතුරුදායක තත්ත්වයක පවතින බවත් ඒ අනුව මෝසම් වර්ෂාවත් සමග සුළු වර්ෂාපතනයකදී වුවද යම් ආකාරයක අනතුරුදායක තත්ත්වයක් ඇති විය හැකි බවත් ඒ මහතා සඳහන් කළේය. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල, මීගහකිවුල, වැලිමඩ, කන්දකැටිය, හාලිඇල, බදුල්ල, ඌව පරණගම සහ පස්සර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට තවදුරටත් අදියර එක යටතේ නිකුත් කර තිබූ නායයෑමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර…
දිට්වා සුළි කුණාටුවෙන් පසු හානි වූ සහ ප්‍රතිස්ථාපනය ආරම්භ කෙරෙනු අලි වැටවල්වල ප්‍රතිස්ථාපන කටයුතුවල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පවත්වා තිබේ. සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් අලිවැටවල් විශාල ප්‍රමාණයක් හානි වූ අතර වැඩි වශයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල වනජීවි කලාපයේ අලි වැටවල පූර්ණ හා අර්ධ හානි සිදුව තිබුණි. එමෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හතකම අලි වැට හානියට පත්ව ඇත. අලිවැට නඩත්තු කටයුතු සිදු කිරීම ශ්‍රම මෙහෙයුමක් ලෙස ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඔස්සේ කටයුතු සිදු කිරීමට මෙම ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු ව තිබේ. ඒ අනුව මෙම සාමුහික ක්‍රියාදාමය සතියක් තුළ නිම කිරීමට පරිසර අමාත්‍යවරයා විසින්…
සංචාරක ක්ෂේත්‍රයේ දියුණුව සඳහා මෙරට අභ්‍යන්තර ගුවන් සේවා ශක්තිමත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙරටට ඉහළ පෙලේ සංචාරකයින් ගෙන්වා ගැනීමටනම් සංචාරකයින් සඳහා ලබාදෙන පහසුකම් වැඩිකළ යුතු බවය. ගාල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය අනුර කරුණාතිලක මහතා මේ බව සඳහන් කළේය.