Author: LFN

රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවල යටතේ ඌව පළාත තුළත් බස් ගාස්තු බැංකු කාඩ්පත් මඟින් ගෙවීමේ ක්‍රමවේදය හඳුන්වා දී තිබේ. හඳුන්වාදීමේ වැඩසටහන ඊයේ (09) බදුල්ල ඌව පළාත් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම වැඩසටහනේදී, ඌව පළාත් මඟී ප්‍රවාහන අධිකාරිය හා සම්බන්ධ සියලුම බස් හිමියන් සහ බැංකු නියෝජිතයින් දැනුවත් කෙරුණි. එමෙන්ම බැංකු කාඩ්පත් මඟින් ඩිජිටල් ගෙවීම් ලබාගැනීමේ පහසුකම සහ එයින් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ විස්තරාත්මක දැනුවත් කිරීම සිදුකළ බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි. මාස කිහිපයක් තුළ ඌව පළාත් මඟී ප්‍රවාහන අධිකාරියට අයත් සියලුම බස් රථ සඳහා මෙම ඩිජිටල් ගෙවීම් පහසුකම ලබාදීම සඳහා බස් හිමියන් එකඟ වී ඇත. මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික අමාත්‍යංශ උපදේශක සුමුදු රත්නාකය මහතා ඇතුළු නිළධාරීන්…

Read More

කුලී පදනම මත කාමරයක රැඳීසිටි පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් බියගමින් වාර්තා වෙයි. පොලීසිය සඳහන් කළේ, බියගම පොලිස් වසමේ ගැමුණු මාවත ප්‍රදේශයේදී ඊයේ (09) රාත්‍රී කාලයේ මෙම සිදුවීම ඇතිවී තිබෙන අතර ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයාව මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බවය. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක් වූ හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මරණකරු කුලී පදනම මත බියගම පොලිස් වසමේ පදිංචිව සිට ඇති අතර ඔහුට අයත් ත්‍රීරෝද රථය නවාතැන් ගෙන සිටි කාමරය ඉදිරිපිට ගිනි ගැනීමට ලක්වී ඇති බව දැක කාමරයෙන් ඉවතට පැමිණීමේදී මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් තියුණු…

Read More

ඉදිකිරීමක් හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ රථවාහන ගමනාගමනය කඩවත ප්‍රදේශයෙන් සීමා කරන බව පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ කොළඹ – මහනුවර මාර්ගයේ බණ්ඩාර වත්ත පුවක්පිටිය ප්‍රදේශයේ මාර්ගය එක් මංතීරුවක් වසා තැබෙන බවය. මාර්තු 15 දක්වා මෙම මාර්ගය වසා තැබෙන බව සඳහන් ය. කඩවත – මීරීගම අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරුවේ ඉදිකිරීම් හේතුවෙන් මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බවද පොලිසිය පැවසීය. විකල්ප මාර්ග ලෙස කඩවත නගර මධ්‍යයේ ආලෝක සංඥා මංසන්ධියේ සිට අධිවේගී පිවිසුම් මාර්ගය ඔස්සේ ඇල්දෙණිය ආලෝක සංඥා මංසන්ධිය දක්වා මාර්ගය භාවිත කළ හැකි බවද පොලිසිය පැවසීය.

Read More

අද (10) අලුයම A9 ප්‍රධාන මාර්ගයේ මිහින්තලය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් පස්දෙනකු තුවාල ලබා ඇත. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ක්‍රිකට් තරගය නැරඹීමෙන් අනතුරුව වෑන් රථයකින් නිවස බලා යමින් සිටි තරුණයින් පිරිසක් මෙම අනතුරට ලක්වී ඇති බව වාර්තා වෙයි. අදාළ වෑන් රථය මාර්ග අසල තිබූ ගඩොල් බැම්මක ගැටී මෙලෙස අනතුරට ලක්ව ඇත. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් මිහින්තලය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් පවතී.

Read More

දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක හිමිකරුවකු ඝාතනය කිරීම, අපරාධ කල්ලි සාමාජිකයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් බව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඊයේ (09) රාත්‍රී 9.10ට පමණ දෙහිවල ප්‍රදේශයේ හෝටල් හිමිකරුවකුට නාඳුන තුවක්කරුවන් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා තිබූ අතර, දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත. ඝාතනයට ලක්වූ පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේම පදිංචි 55 හැවිරිදි ඒ.ඩී. සනත් බාලසූරි ආරච්චි නමැති, “සනා මාමා” ලෙස හඳුන්වන පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය. සිද්ධිය සිදුවන අවස්ථාවේ හෝටලය තුළ මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයින් අතරින් එක් අයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට විමර්ශනවලදී…

Read More

අධිකරණ නිලධාරීන්ගේ පත්වීම්, මාරුකිරීම් සහ උසස්වීම් විමර්ශනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස විපක්ෂය කළ ඉල්ලීමක් කථානායක ජගත් වික්‍රමරත්න ප්‍රතික්ෂේප කර තිබේ. ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් කථානායකවරයා මේ බව සඳහන් කර ඇත. තම තීන්දුවේදී කථානායකවරයා ප්‍රකාශ කළේ, අධිකරණයට ඇඟිලි ගැසීමට ව්‍යවස්ථාදායකයට බලයක් නොමැති බවය. එවැනි කමිටුවක් පිහිටුවීම බලතල බෙදීමේ ව්‍යවස්ථාමය මූලධර්මය උල්ලංඝනය කරන බව ඔහු තවදුරටත් පැවසීය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයින් පිරිසක් ඊයේ (09) මහනුවර සංචාරක නිරත විය. ඔවුන් ප්‍රථමයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත ගොස් වැඳපුදා ගෙන තිබේ. අනතුරුව ඔවුන් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් මෙන්ම අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමියන්ද බැහැ දැක ආශිර්වාද ලබා ගෙන තිබේ. එහිදී රටෙහි වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මහ නාහිමිවරු දැනුවත් කළ ජ්‍යේෂ්ඨ සාමාජිකයින් පිරිස සිය පක්ෂයේ ඉදිරි දේශපාලන ගමන් මග පිළිබඳව ද නාහිමිවරු දැනුවත් කර තිබේ. නව වසර සඳහා සිය පක්ෂයට ආශිර්වාදය ලබා ගැනීමේ අරමුණින් මෙම පිරිස මෙලෙස මහනුවර සංචාරයේ නිරත වී ඇත. මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමිවරුන් බැහැ…

Read More

විශේෂඥයින් මඟින් විධිමත් වාර්තාවක් ලබාගැනීමෙන් පසු අවදානම් තත්ත්වය පිළිබඳ තීරණයක් ගන්නා තුරු අම්බුළුවාව කන්දේ සියලු ඉදිකිරීම් නතර කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස පරිසර අමාත්‍යාංශ විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත දැනුම්දීමක් සිදුකර තිබේ. අම්බුළුවාව පාරිසරික කලාපයේ පාලනයට අදාළව මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය නියෝජනය කරමින් විශේෂඥ කමිටුවක් පත්කිරීමට ද යෝජනා වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි. මේ අතර, පරිසර අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්, වාර්තාකරණයේ යෙදුණු මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකරුවන් ඒකාබද්ධව අම්බුළුවාව පාරිසරික කලාපය පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා අදාළ ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක් සිදුකිරීමට ද ඉදිරියේ දී කටයුතු සිදුකරනු ලබන බව අදාළ…

Read More

දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදූවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර සිටි එහි හිමිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ. දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ හෝටලයක් තුළ වෙඩි තැබීමක් සිදුව තිබුණේ ඊයේ රාත්‍රි 7.54ට පමණය. හෝටලයට පැමිණ මත්පැන් පානය කරමින් සිටි දෙදෙනෙකු එම හෝටලයේ හිමිකරු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණි. එහිදි එම හිමිකරුගේ හිසට වෙඩි වැදී ඇති අතර වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ එහි හිමිකරු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණි. වෙඩිතැබීම සිදුකළ සැකකරුවන් යතුරුපැදියකින් පලාගොස් ඇති බවට පොලීසිය සැක පළ කරයි. මෙම වෙඩිතැබීම මේ වසරේ දෙවැනි වෙඩිතැබීම වන අතර, මේ වනවිට වෙඩිතැබීම්වලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු…

Read More

ව්‍යසනයට මුහුණදුන් ජන ජීවිතය පෙර පැවති තත්ත්වයටත් වඩා හොඳින් ගොඩනැඟීමේ ශක්තිය රජයට තිබෙන බවත්, එම කටයුතු වෙනුවෙන් මේ වසර සඳහා රුපියල් කෝටි 50,000ක් වෙන් කර තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාවතගම, මල්ලවපිටිය, ඉබ්බාගමුව, ගනේවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ආපදාවෙන් පූර්ණ හානි සිදු වූ නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදානය සඳහා ඊයේ (09) පස්වරුවේ රිදීගම, දොඩම්ගස්ලන්ද යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ පැවති වැඩසටහනට එක් වෙමිනි. ආපදාවෙන් පසු ජන ජීවිතය යළි ගොඩනැංවීම වෙනුවෙන් ආරම්භ කළ ‘Rebuilding Sri Lanka’ යටතේ වූ ප්‍රධානතම ව්‍යාපෘතියක් ලෙස මෙම නිවාස ඉදිකර දීමේ PROJECT 5M වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ආපදාවෙන් නිවාස අහිමි…

Read More