Author: LFN

බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට අද (09) පෙ.ව. 11 වනවිට නිවාඩු ලබාදී දරුවන් සහ ගුරුවරුන් පිටත්කර හැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා දැනුම්දීමක් සිදුකර තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන නවතම අනාවැකිය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනයට අනුව මෙම පියවර ගත් බව සඳහන්.

Read More

අමෙරිකාවේ මිනියාපොලිස් හි පැවති සෝදිසි කිරීමක් අතරතුරදී ආගමන විගමන නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකින් මියගිය කාන්තාව ගැන කරුණු කිහිපයක් එරට මාධ්‍ය විසින් හෙළිකර තිබේ. එලෙස මරණයට පත්ව ඇත්තේ රෙනී නිකොල් ගුඩ් නම් 37 හැවිරිදි තිදරු මවක්ය. ඇය මෑතකදී මිනියාපොලිස් නගරයට සංක්‍රමණය වී ඇත. ඇය සම්මානලාභී ගීත රචකාවියක් මෙන්ම ගිටාර් වාදනයේ ප්‍රවීණයෙකු බව සඳහන්. මේ වනවිට එම කාන්තාවගේ මරණට එරෙහිව මිනියාපෝලිස්හි දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. අදාළ කාන්තාව පැමිණි මෝටර් රථය පරීක්ෂා කිරීමට යාමේදී ඇය විසින් එම රථය එකවර ධාවනය කිරීමත් සමග මෙම වෙඩි තැබීම සිදුව ඇති බව සඳහන් වේ. කෙසේවෙතත් අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් බලධාරීන් වගකීම භාරගත යුතු බව පවසමින්…

Read More

ආපදා තත්ත්වයකදී භාවිතා කිරීම සඳහා අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට හෙලිකොප්ටර් යානා 10ක් ප්‍රධානය කිරීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් මේ බව තහවුරු කර ඇත. ‘දිට්වා’ සුළි කුණාටුව වැනි ස්වාභාවික ආපදාවලදී පුද්ගල සෙවීම් සහ ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා මෙම හෙලිකොප්ටර් යානා භාවිතා කළ හැකි බව ඇය පවසයි. ඒ අනුව මෙම යානා වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවත්, ඒවා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබාදීමට නියමිත බවත් සිය ‘X’ ගිණුමේ දක්වා ඇත.

Read More

ශ්‍රේණිවල මොඩියුල සඳහා වෙබ් අඩවි ඇතුළත් නොකරන්නැයි උපදෙස් ලබා දී තිබියදී එවැන්නක් සිදුවීම ගැන විමර්ශනයක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි. එමෙන්ම එහිදී අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ ඉදිරියේ දී පෙළපොත් මුද්‍රණය කිරීමේ වගකීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට ලබා දෙන බවය. 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ මතුවු ගැටලුකාරී තත්වය පිළිබද කරුණු පැහැදිලි කිරීම සදහා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහා නාහිමි ඇතුලු මහා සංඝරත්නය බැහැදුටු අවස්ථාවේ අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියාය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ”පැහැදිලියි හාමුදුරුවනේ වැරැද්දක් වෙලා. ඒක අපිට නැහැ කියන්න බැහැ කිසිසේත්ම. දැන් ඔව් ක්‍රියාවලියේ දුර්වලතාවයක් තියෙනවා. එහෙම නැත්නම් මෙතන…

Read More

සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල වෙනුවට විශ්‍රාම වැටුපක් ගෙවීමට රජය සූදානම් බවට පළවන වාර්තා අසත්‍ය බව කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි. අද (09) මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ ආණ්ඩුව එවැනි තීන්දුවක් ගෙන නොමැති බවය. මෙම මුදල් මහජනතාවගේ මුදල්වන බවත්, ඔවුන්ට විශ්‍රාම ගිය පසු කිසිදු බාධාවකින් තොරව එම මුදල් ලබා ගත හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය. එමෙන්ම මෙම මුදලින් 30%ක පමණ ප්‍රමාණයක් හදිසි අවශ්‍යතාවයන් සඳහා ලබා ගැනීමේ හැකියාව පවතින බවද මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේය. එහිදී ඔහු සඳහන් කළේ සිය ආණ්ඩුව කිසිදු පුද්ගලයෙකුගේ ප්‍රතිලාභයක් කප්පාදු කිරීමට ක්‍රියා නොකරන බවත්, තව තවත් ප්‍රතිලාභ ලබා…

Read More

නීතිවිරෝධී මත්පැන් පානය කිරීමෙන් පසු පුද්ගලයින් 06 දෙනෙකු මියයෑමේ සිද්ධිය පිළිබඳ විමර්ශනවලදී අත්අඩංගුවට ගත් නීතිවිරෝධී මත්පැන් ජාවාරමේ ප්‍රධාන සැකකරුට දින 02ක රැඳවුම් නියෝග ලබාගෙන තිබේ. වයස අවුරුදු 47ක් වන ගාලවත්ත, නැගෙනහිර බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ පදිංචි අදාළ ප්‍රධාන සැකකරු ඉකුත් 7 වනදා අත්අඩංගුවට ගෙන ඊයේ (08) මාරවිල ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රැඳවුම් නියෝග ලබාගෙන ඇත. නීතිවිරෝධී මත්පැන් පානය කළ පුද්ගලයන් 06 දෙනෙකු මියයාම හා තවත් පුද්ගලයන් 08 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය විමර්ශන සිදුකරයි. විමර්ශන නිලධාරින් විසින් සිද්ධියට සම්බන්ධ නීතිවිරෝධී මත්පැන් ජාවාරම් කළ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන පසුගිය 7 වනදා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු…

Read More

ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වූ බවත්, එය මි.මී. 38ක අගයක් බවත් වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා අද (9) පෙරවරුවේ පැවසීය. එමෙන්ම අනෙකුත් බොහෝ ස්ථානවල වර්ෂාපතය මි.මි. 10ට අඩු මට්ටමක පැවති බවත්, ඒ හේතුවෙන් ගංගාවල ජල මට්ටම වැඩිවීමක් වාර්තා නොවන බව හෙතෙම සඳහන් කළේය. කෙසේ නමුත් ප්‍රධාන ජලාශ 73න් 28ක් මෙන්ම මධ්‍ය ප්‍රමාණයේ වැව් 22ක් තවවමත් වාන් දැමීම සිදුවන බව ඔහු පැවසීය. යාන්ඔය හා දැදරු ඔය ජලාශයන්හි ජලය නිදහස්කිරීම සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි කර ඇති වුවත්, කිසිදු ගංගා ද්‍රෝණියක අනතුරුදායක ලෙස ජලය නිදහස් කිරීමක් සිදු නොවන බවත් ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර…

Read More

T56 වර්ගයේ ගිනි අවියක් සහ පතරොම් 16ක් සමග අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකිරීමට අධිකරණය මීටියාගොඩ පොලිසියට අවසර ලබාදී තිබේ. අදාළ සැකකරු ඊයේ (08) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 13 වනදා දක්වා රැඳවුම් නියෝග ලබාගෙන ඇත. ඒ අනුව සැකකරු මීටියාගොඩ පොලිස් ස්ථානයේ රඳවා තබා ගනිමින් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි. ඉකුත් 07 වනදා රාත්‍රී කාලයේ මීටියාගොඩ පොලිස් වසමේ හරන්නාගොඩ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර ටී56 වර්ගයේ ගිනි අවියක්, එම මැගසිනයක්, ටී56 වර්ගයේ පතරොම් 16ක්, 9mm වර්ගයේ උණ්ඩ යෙදිය හැකි පතරොම් ගැබක් හා හෙරොයින්…

Read More

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) අලුයම 4 පමණ වනවිට මඩකලපුව සිට කිලෝමීටර් 200ක් පමණ ගිනිකොණ දෙසින් පිහිටා තිබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එය තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කර අද සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ…

Read More

මත්පැන් සහ මත්ද්‍රව්‍යය භාවිතා කර මෝටර් රථවාහන පදවන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. මෙතෙක් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට නොහැකිව තිබූ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කර රථවාහන භාවිතා කරන රියදුරන්ට එරෙහිව අද (08) දිනයේ සිට නීතිය ක්‍රියාමක කරන බව අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. රසායනාගාරයේ සිදුකෙරෙන පරීක්ෂණයකින් විනාඩි තුනකින් මත්ද්‍රව්‍ය 12ක් සම්බන්ධයෙන් පරීක්ෂා කර ගැනීමට හැකියාව පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය. අදාළ ප්‍රතිඵලය රියදුරුවරයාට මුද්‍රණය කර ලබා දිය හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More