Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) අලුයම 4 පමණ වනවිට මඩකලපුව සිට කිලෝමීටර් 200ක් පමණ ගිනිකොණ දෙසින් පිහිටා තිබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එය තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කර අද සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ…
මත්පැන් සහ මත්ද්‍රව්‍යය භාවිතා කර මෝටර් රථවාහන පදවන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. මෙතෙක් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට නොහැකිව තිබූ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කර රථවාහන භාවිතා කරන රියදුරන්ට එරෙහිව අද (08) දිනයේ සිට නීතිය ක්‍රියාමක කරන බව අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. රසායනාගාරයේ සිදුකෙරෙන පරීක්ෂණයකින් විනාඩි තුනකින් මත්ද්‍රව්‍ය 12ක් සම්බන්ධයෙන් පරීක්ෂා කර ගැනීමට හැකියාව පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය. අදාළ ප්‍රතිඵලය රියදුරුවරයාට මුද්‍රණය කර ලබා දිය හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.
2024 වසරට සාපේක්ෂව 2025 වසරේ දී මාර්ගවල සිදුවන රිය අනතුරුවල වර්ධනයක් දක්නට ලැබෙන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්. සිදුව ඇති මාර්ග අනතුරු විශ්ලේෂණය කළ විට ප්‍රධාන වශයෙන් අනතුරට ලකව ඇත්තේ පදිකයන් සහ යතුරුපැදිකරුවන් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. මෙම අනතුරු වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට මුදල් වෙන්කර ඇති බවත් ඒ සඳහා අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි. එමෙන්ම දුම්රිය අනතුරු සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ ඒ සඳහා ද අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවයි. “2024 දී මාර්ග රිය අනතුරු…
ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්කෙහි පවතින ගැඹුරු පීඩන අවපාතය ප.ව. 2 පමණ වනවිට පොතුවිල් සිට කිලෝමීටර් 250ක් ගිනිකොන දෙසින් පිහිටා ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්කෙහි පවතින ගැඹුරු පීඩන අවපාතය ප.ව. 2 පමණ වනවිට පොතුවිල් සිට කිලෝමීටර් 250ක් ගිනිකොන දෙසින් පිහිටා ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නිරිතදිග බෙංගාල බොක්ක හරහා බටහිරට බරව වයඹ දෙසට ගමන් කර හෙට (09) දින පස්වරු 5.30 සිට රාත්‍රී 11.30 දක්වා කාලය තුළ හම්බන්තොට සහ කල්මුණේ අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත. අද (08) දින සිට නැවත දැනුම් දෙනතුරු දිවයින වටා වන…
අලුතින් මිලදී ගනු ලබන යතුරුපැදි අනාරක්ෂිත ලෙස පිරිසිදු කිරීමට යාමේ දී සිදුවන අනතුරුවල ඉහළයාමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පවසයි. වයස අවුරුදු 20 – 30ත් අතර තරුණයින් මෙම අනතුරුවලට වැඩි වශයෙන් ලක්ව ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් හා සැත්කම් අංශයේ වෛද්‍ය ගනිඳු මාධව මහතා සඳහන් කළේය. එහිදී වැඩිදුර අදහස් දැක්වු වෛද්‍ය ගනිඳු මාධව මහතා, “පසුගිය මාසයක් දෙකක් වගේ කාලයක් ඇතුළත අපි දැක්කා තරුණ 20 – 30 වයස් පරතරයේ ඉන්න පිරිමි පුද්ගලයින් තමන්ගේ හුරුඅතේ ඇගිලි තුඩුවලට අධික ලෙස හානි වෙලා. එහෙම නැත්තන් ඇගිලිවලට තුවාල වෙලා. නිතර නිතර අපිට හදිසි අනතුරු අංශයට එනවා. මේක…
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු අවපාතය පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (08) උදෑසන 10.30 නිකුත් කර ඇති මෙම නිවේදනය ඉදිරි පැය 24 දක්වා වලංගු වේ. ඒ අනුව ගොඩබිම් ප්‍රදේශ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පද්ධතිය නිරිතදිග බෙංගාල බොක්ක හරහා බටහිරට බරව වයඹ දෙසට ගමන් කර හෙට (09) සවස 5.30ත් රාත්‍රී 11.30ත් අතර කාලය තුළ හම්බන්තොට සහ කල්මුණේ අතරින් ශ්‍රී ලංකා වෙරළ තීරයට ඇතුළුවීමට බොහෝදුරට හැකියාව ඇති බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති රතු නිවේදනය අනුව,…
මහාචාර්ය චරිත හේරත් මහතා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කර තිබේ. ඔහු පසුගිය ජනාධිපතිවරණය සමයේදී සමගිජන බලවේගය සමග එක්ව සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් කටුගම්පල ආසනය සංවිධානය තනතුරේ කටයුතු කරමින් ජනාධිපතිවරණය සඳහා සහයෝගය ලබාදෙනු ලැබිය. මහාචාර්ය චරිත හේරත් මහතා කළ කැපවීම අගය කරමින් සමගිජන බලවේගයේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට හෙට (08) දිනයේ දී මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම උතුරු, උතුරු – මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව දැනුම් දී ඇත. කෙසේවෙතත් උතුරු පළාතෙත් අනුරාධපුරය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව සඳහන් වේ. සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව දැනුම් දී තිබේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්,…
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (07) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) රු. 310.02ක් ලෙස වාර්තා වී තිබේ. 2024 පෙබරවාරි 29 දිනෙන් පසු ඩොලරයේ මධ්‍ය අගය මෙලෙස රු. 310 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (07) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 306.28ක් හා විකුණුම් මිල රු. 313.81ක් ලෙසින් සටහන් වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව මීට පෙර සඳහන් කර සිටියේ පසුගිය 2025 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල,…
ශ්‍රී ලංකා රජය සහ යුරෝපා සංගමයඅතර යුරෝ මිලියන 8ක ප්‍රදාන ගිවිසුමක් අත්සන් කර තිබේ. “කෘෂි හරිත මුලපිරීම – තිරසාර කෘෂිකර්ම පිළිවෙත් තුළින් හරිත ආර්ථික වර්ධනය” යන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මෙම ගිවිසුම අත්සන් කළ බව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය සහ යුරෝපා සංගමය එක්ව මෙම ව්‍යාපෘතිය සකස් කර ඇත. එය ව්‍යාපෘතිය සඳහා සම්පූර්ණයෙන්ම යුරෝපා සංගමය විසින් සපයන යුරෝ මිලියන 8ක ප්‍රදානය මඟින් මූල්‍යනය කෙරේ. මෙම ව්‍යාපෘතිය මගින් තිරසාර පරිභෝජන හා නිෂ්පාදන පිළිවෙත් ප්‍රවර්ධනය කිරීමත්, ආහාර සුරක්ෂිතතාව සහතික කරන හරිත ආර්ථික වර්ධනයක් කරා ශ්‍රී ලංකාව පරිවර්තනය වීමට…