Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ලෙස කටයුතු කරමින් සිටින ජුලි චන්ග් මහත්මිය, ජනවාරි 16 වන දින ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිත බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි. ඇය, එක්සත් ජනපදය නියෝජනය කරන ඉහළම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනිය ලෙස වසර හතරකට ආසන්න කීර්තිමත් සේවා කාලය නිමා කරමින් මෙලෙස ශ්‍රී ලංකාවෙන් පිටත්ව යනු ඇත. ඇයගේ සේවා කාලය තුළ ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර ද්විපාර්ශවික සබඳතා වර්ධනය කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික ස්ථායීතාව සහ මානව හිමිකම් සම්බන්ධ කටයුතු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ බවද සඳහන් වේ. එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ පවතින හවුල්කාරිත්වයට කැපවී සිටින අතර චංග් තානාපතිවරියගේ වසර හතරකට ආසන්න ධුර කාලය තුළ ස්ථාපිත…
නුවරඑළිය, ග්‍රෙගරිවැවේ ගොඩබැස්වීමට සුදානම් වූ සී ප්ලේන් එකක් අද (07) දින දහවල් 12.30ට පමණ කඩා වැටී තිබේ. ගුවන් යානය කඩා වැටීමෙන් එහි සිටි ගුවන් නියමුවන් දෙදෙනා තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළ බවට වාර්.ාවේ. ගුවන් යානයේ නුවරඑළියට පැමිණ සිටින සංචාරකයින් පිරිසක් රැගෙන යෑමට පැමිණි අවස්ථාවේ දී මෙලෙසෙ අනතුරට ලක්ව ඇතැයි පොලීසිය පැවසීය. ගුවන් යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනා ජලාශයේ බෝට්ටු සංචාරයේ යෙදෙන පිරිස් විසින් මුදාගෙන තිබුණි.
රටේ භෞතික සංවර්ධනය මෙන්ම සමාජයේ යහ-පැවැත්ම සහ ස්ථාවරභාවයද ඉතා වැදගත් බවත්, ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂමත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කරමින් රටේ අනාගත පරපුර මෙම ව්‍යසනයෙන් මුදා ගැනීම සඳහා සියලුදෙනා වගකීම් ඉටු කළ යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීම සඳහා ගොඩනඟන ලද “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ තෙවන සැසිය ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවට එක් වෙමිනි. දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාළ කිරීම, වැටලීම් පුළුල් කිරීම, ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය, මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම අරමුණු…
මඩකලපුව, වාකරේ ප්‍රදේශයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුව තිබේ. ඊයේ (06) පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් එම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත. පොලිස් වාර්තාවට අනුව, සොයාගත් තොගය තුළ RPG 38ක්, චාර්ජස් 38ක් සහ අත්බෝම්බ 05ක් ඇතුළත් බව වාර්තා වෙයි. මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය අඹන්තනාවේලි ප්‍රදේශයේ කුඹුරක තිබී සොයාගෙන ඇත.
කොහුවල, බෝධියවත්ත ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණියකට තුවාල සිදුකර මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය දෙසැම්බර් මස 30 වනදා කොහුවල, බෝධියවත්ත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් 16 හැවිරිදි තරුණියක තුවාල ලැබීය. ඒ අනුව එම අපරාධය සිදු කිරීම සඳහා පැමිණි යතුරුපැදිය අපරාධකරුවන් වෙත ලබා දී ආධාර අනුබල දුන් සැකකරවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ බඩෝවිට 03 අදියර ප්‍රදේශයේදීය. සැකකරු ඊයේ (06) ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. . සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී අයිස්…
නීතිවිරෝධි ලෙස අලෙවි කිරීමට උත්සාහ කළ ඖෂධ පෙති තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය පොලිස් විශේෂ කාර්යය බළකාය හා එක්ව යාපනය මධ්‍යම බස් නැවතුම්පොළ සහ කයිට්ස් දූපතේ නයන්මාකට්ටු ප්‍රදේශයේ මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්ය. මෙහිදී නීතිවිරෝධි ලෙස අලෙවි කිරීමට උත්සාහ කළ ඖෂධ පෙති 860ක තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු සහ යතුරුපැදියක් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22 සහ 29 යන වයස් සීමාවල පසුවන යාපනය ඔට්ටාමඩම්, සංකානි, නල්ලූර් සහ කොයියතෝඩිමම් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති බව නාවික හමුදාව පැවසුවේය. සැකකරුවන්, ඖෂධ තොගය සහ යතුරුපැදිය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත…
කැලණිය රජමහා විහාරස්ථානයේ දුරුතු පෙරහැර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීමක් සිදුකර තිබේ. ඒ අනුව අද (07) දින කැලණිය රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වී කැලණි සිරිවටරවුම, පෑලියගොඩ මාර්ගය ඔස්සේ පිලපිටිය කනත්ත අසලින් ගෝනගම්පොළ මාර්ගයේ බෝධිරුක්ඛාරාම විහාරස්ථානය අසලින් වරාගොඩ මාර්ගයට පිවිස නුන්ගමුගොඩ හනදිය, ගල්බොරැල්ල, වලන්කඩේ හන්දියෙන් ඇතුළු වී විහාර මාවත ඔස්සේ බියගම මාර්ගයට පිවිස නවලෝක වාහල්කඩ ඔස්සේ ගෙවදීමට නියමිතය. ඒ අනුව අද සවස 3 සිට රාත්‍රී 8 දක්වා පෙරහැර ගමන් ගන්නා කාලය තුළ පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය මහජනතාවට දැනුම්දෙයි. විකල්ප මාර්ග * බත්තරමුල්ල දෙස සිට බියගම දෙසට ගමන් ගන්නා සියලූම රථවාහන කැලණිමුල්ල ආලෝක සංඥා අසලින් දකුණට හැරී අඹතලේ මාර්ගය ඔස්සේ…
අමෙරිකා එක්සත් ජනපද වෙළෙඳපොළ සඳහා වෙනිසියුලා රජය විසින් බොර තෙල් බැරල් මිලියන 30 සිට 50 දක්වා ප්‍රමාණයක් අලෙවි කිරීමට එකඟ වී ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. අමෙරිකානු ජනාධිපතිවරයා සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ඊයේ (06) රාත්‍රියේ මේ බව සටහන් කර ඇත. ට්‍රම්ප් මෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, වෙනිසියුලා අන්තර්වාර රජයේ බලධාරීන් විසින් සම්බාධක පනවා ඇති බොර තෙල් මෙලෙස අමෙරිකාවට භාරදෙන බවය. එම තෙල් අලෙවි කර ලැබෙන ආදායම අමෙරිකාව විසින් පාලනය කරනු ඇති අතර, එය වෙනිසියුලා ජනතාව සහ අමෙරිකාව යන දෙපාර්ශ්වයටම ප්‍රයෝජනවත් වන ලෙස භාවිත කරන බවද ඔහු සඳහන් කළේය. මෙම සැලැස්ම ක්ෂණිකව ක්‍රියාත්මක කරන ලෙස බලශක්ති අමාත්‍ය ක්‍රිස්…
තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – පාකිස්තාන විස්සයි20 තරගාවලිය දඹුල්ලේදී අද ආරම්භ වෙයි. පළමු තරගය අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා – පාකිස්තාන විස්සයි20 තරගාවලියට තරග 3ක් ඇතුළත් අතර සියලු තරග රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැත්වේ. විස්සයි20 තරගාවලියේ සියලු තරග රංගිරි දඹුල්ල ජාතන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ශුරයින්ට පිරිනැමෙන කුසලානය දඹුල්ල ක්‍රීඩාංගණයේදී දෙපිලේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ එළිදැක්වුණි. පාකිස්තාන විස්සයි20 කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී විස්සයි20 තරගාවලියක් සඳහා මෙලෙස එක්වන්නේ වසර 11කට පසුවයි. මෙම විස්සයි20 තරගාවලියට සඳහා දඟ පන්දුයවන ක්‍රීඩක ට්‍රැවින් මැතිව් පළමුවරට ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට කැඳවා ඇති අතර චරිත් අසලංක, ධනංජය ද සිල්වා සහ දුනිත් වෙල්ලාලගේද යළි විස්සයි20…
දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ළඟාවනු ඇතැයි අපේක්ෂ කෙරෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ජනවාරි 08 සිට දිවයිනේ, විශේෂයෙන් උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වේ. ඌව පළාතේත් මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකියි.…