Author: LFN

ආපදාවෙන් බලපෑමට ලක් වූ ගම්මිරිස්, කෝපි සහ කරදමුංගු වගාවන් සඳහා සහන සැලසීමේ වැඩසටහනක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අයහපත් කාලගුණික තත්ත්වය නිසා පැන නැගුණු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් කෙටිකාලීන වගාවන් සඳහා ගොවීන්ට සහන සැලසීම පිණිස අවශ්‍ය අයවැය චක්‍රලේඛ අංක 08/2025 සහ 08/2025 (i) මගින් මේ වන විට නිකුත් කර ඇත. එමෙන්ම අපනයන කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ආර්ථිකමය වැදගත්කම සැලකිල්ලට ගෙන ආපදාවෙන් හානි වූ දිගුකාලීන අපනයන කෘෂි බෝග නැවත වගා කිරීම සඳහාද සහන සැලසීම සඳහාද රජයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව ආපදාවෙන් හානි වූ ගම්මිරිස්, කෝපි සහ කරදමුංගු වගාවන් නැවත ආරම්භ කිරීම සඳහා හෙක්ටයාරයකට රුපියල් 425,000ක දීමනාවක් එම වගාවන්හී නිතර ගොවීන්ට…

Read More

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකිය. අද (06) සවස 2ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ළඟාවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන අනාවැකි සහ නිවේදන පිළිබඳව, ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටින ලෙසද දැනුම්දෙයි. කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වෙන අතර, දිවයිනවටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී…

Read More

නීතිවිරෝධී ලෙස අල්ලා ගත් මෝර මසුන් කිලෝග්‍රෑම් 850 කට අධික ප්‍රමාණයක් සමඟ ධීවරයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වෙන්නප්පුව, වැල්ලමන්කර ධීවර වරායේ අද (06) අලුයම ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකාය විසින් සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී, බහුදින ධීවර යාත්‍රාව තුළ සඟවා තිබිය දී මෙම මෝර මසුන් සොයාගෙන ඇත. වෙරළාරක්ෂක බළකා නිලධාරීන් භාරයට ගත් මෝර මසුන් සහ ධීවර යාත්‍රාව සමඟ සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සහ නීතිමය කටයුතු සඳහා වැල්ලමන්කර ධීවර පරීක්ෂක කාර්යාලයට භාර දී තිබේ

Read More

දිට්වා සුළි කුණාටුවට මුහුණදීමට පූර්ව සූදානමක් නොමැතිකම සම්බන්ධව අධ්‍යයන කර වාර්තාවක් සකස් කිරීම සඳහා විපක්ෂය යෝජනා කළ විශේෂ කාරක සභාවේ සභාපතිත්වය විපක්ෂයට ලබාදෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා අද(06) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය. එමෙන්ම විශේෂ කාරක සභාවේ සංයුතිය වෙනස් කරන ලෙසද ඔහු ඉල්ලීමක් කළේය. මන්ත්‍රීවරයා සඳහන් කළේ, අදාළ කාරක සභාව පත්කරන ලෙස ලිඛිත ඉල්ලීමක් මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව පසුගිය දෙසැම්බර් 18 වෙනිදා කථානායකවරයාට භාරදුන් බවය. කෙසේවෙතත් කථානායකවරයා සඳහන් කළේ ඒ සම්බන්ධ ක්‍රියාවලියක් මේ වනවිට සිදුකෙරෙමින් පවතින බවය.

Read More

ගාල්ල ප්‍රදේශයට අද (06) ඇදහැලුණු වර්ෂාපතනය හේතුවෙන් එම නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වෙයි. අප වාර්තාකරු පවසා සිටියේ, ගාල්ල – වක්වැල්ල මාර්ගය ගාල්ල පොලිස් ස්ථානය අසලින් ජලයෙන් යටවී ඇති බවය. මේ අතර ගාල්ල පොලීසිය පවසන්නේ, ගාල්ල – වක්වැල්ල මාර්ගයේ ගමනා ගමනයටද බාධා එල්ල වී ඇති බවය. ගාල්ල ප්‍රදේශයට තවමත් වාර්ෂාව ලැබෙමින් පවතින බව වාර්තාවේ.

Read More

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ වලට සෘජුවම සම්බන්ධ වූ තවත් පුද්ගලයින් 27 දෙනෙකු හඳුනාගත් බව පොලීසිය පවසයි. මෙම අත්අඩංගුවට ගැනීම් ඊයේ (05) දිනයේ දී සිදුකර ඇති අතර එහිදී පුද්ගලයින් 28,636දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය. විවිධ සිද්ධීන්වලට සැකපිට පුද්ගලයින් 548 දෙනෙකු සහ වරෙන්තුකරුවන් 142දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන ඇත. ඊට අමතරව බීමත්ව රිය ධාවනය සම්බන්ධයෙන් පුද්ගලයින් 421දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය. එමෙන්ම අපරික්ෂාකාරි රිය පැදවීම් වලට අත්අඩංගුවට ගැනීම් 41ක් සිදු කර ඇති අතර රථවාහන වෙනත් වැරදී 4585ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

Read More

අනුරාධපුර, ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් නිවසක් ගිනිතැබීමෙන් සිදුවු අනතුරකින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබේ. පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු අද (06) අලුයම 2ට පමණ පෙට්‍රල් දමා සිය නිවසට ගිනි තබා තිබූ අතර, ගින්නට හසුවී 43 හැවිරිදි ගිනි තැබීම සිදුකළ පුද්ගලයා සහ ඔහුගේ 13 හැවිරිදි දියණිය එම ස්ථානයේ දීම මියගොස් තිබුණි. ගිනිගැනීමෙන් සිදුවූ අනතුරුවලින් මියගිය පුද්ගලයාගේ බිරිඳ, දරුවන් දෙදෙනෙකු සහ නැන්දණිය තුවාල ලබා රෝහල්ගත කර සිටිය දී 36 හැවිරිදි බිරිඳ මෙලෙස මීට සුළු වේලාවකට පෙර ජීවිතයෙන් සමුගත් බව ගලෙන්බිඳුණුවැව පොලීසිය පවසයි. ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ, නුවරගම් කොළනිය, පඩිකාරමඩුව ප්‍රදේශයේ නිවසක මෙම ඛේදවාචකය සිදුව තිබූ අතර ගින්නට හසුවු 15…

Read More

පසුගිය මහ මැතිවරණ සමයේ මැතිවරණ නීති උල්ලංඝනය කළේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු කටයුත්තක් සඳහා අද (06) උදෑසන හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය. එහිදි නඩුව කැඳවු බදුල්ල මහෙස්ත්‍රාත් උදිත් ගුණතිලක මහතා විසින් එම නඩුව මැයි මස 5 වනදා නැවත කැඳවන ලෙස නියෝග කළේය. මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් කිරීමට තිබු දින දහවල් බදුල්ල නගරයේ දී මැතිවරණ නීති උල්ලංඝනය වන ආකාරයෙන් පෙළපාලියකින් ගමන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට, පසුගිය වසරේ නොවැම්බර් මස 20 වන දින බදුල්ල මූලස්ථාන පොලීසිය වෙත පැමිණි අවස්ථාවේ දී අත්අඩංගුවට ගනු ලැබූ හරීන් ප්‍රනාන්දු මහතාව එදින බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්…

Read More

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝව අමෙරිකාව විසින් යටත්කර ගැනීමත් සමඟ ලෝක රන් මිල තවදුරටත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද (06) උදෑසන ආසියානු වෙළෙඳපොළේ රන් අවුන්සයක් ඩොලර් 4,461ක් ලෙස දැක්වුණි. මේ අතර ලෝක රන් මිලට සාපේක්ෂව මෙරට රන් මිල ද රු 3,000කින් ඉහළ ගොස් ඇතැයි වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 337,600ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජනවාරි මස 1 වනදා එය දැක්වුණේ රු. 327,500ක් ලෙසය. මේ අතර ජනවාරි මස 1 වනදා රු. 354,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 365,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව…

Read More

ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනාරච්චි මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් කාන්තාවන් 200 දෙනෙකු පමණ මේ වන විට සිය දිවි නසාගැනීමට පෙළඹී ඇති බවය. කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් ලක්ෂ්මන් නිපුනාරච්චි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළාය. මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළ නම සහ ලාංඡනය අනිසි ලෙස භාවිතා කරමින් රුපියල් මිලියන ගනණක මුදලක් තැන්පත්කරුවන්ට වංචා කර ඇති බව වාර්තා වේ. කොළඹ කොටස් වෙළෙඳපොළේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිරෝෂන් විජේසුන්දර මහතා සඳහන් කළේ ව්‍යාජ ජංගම යෙදුමක් හරහා මෙම වංචාව සිදුකර ඇති බවය.…

Read More