Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වෘත්තීය අධ්‍යාපනය නංවාලීමට රජයේ අවධානය
    Featured

    වෘත්තීය අධ්‍යාපනය නංවාලීමට රජයේ අවධානය

    By LFNJanuary 28, 2026No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව වෘත්තීය අධ්‍යාපනය නංවාලීමට සහ ගුණාත්මක පුහුණු ආයතන ශක්තිමත් කිරීමට උපරිම අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

    බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) ඊයේ (27) පැවති කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ වාර්ෂික ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රදානෝත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසුවාය.

    මෙරට ශ්‍රම වෙළෙඳපොළට අවශ්‍ය ගුණාත්මක වෘත්තිකයින් බිහිකිරීම අරමුණු කරගනිමින් 2023 සහ 2024 වර්ෂයන්ට අදාළව, දිවයින පුරා පිහිටි තාක්ෂණික විද්‍යාල හරහා NVQ 5 සහ NVQ 6 මට්ටම් සම්පූර්ණ කළ සිසුන් සඳහා ඩිප්ලෝමා සහතිකපත් ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරුණි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

    “ශ්‍රී ලංකාවේ තාක්ෂණික අධ්‍යාපනයට සියවසකට අධික ඉතිහාසයක් තිබෙනවා. තරුණ රැකියා උත්පාදනය උදෙසා තාක්ෂණික විද්‍යාල ජාලය ඉටුකරන මෙහෙවර අපි අගය කරනවා.”

    “ලෝකය වෙනස් වන වේගයත් සමඟ ඇතිවන අනාගත අවිනිශ්චිතතාවන්ට මුහුණ දීමට නම් කුසලතා නිරන්තරයෙන් වැඩිදියුණු කරගත යුතුයි. අලුත් දේවල් ඉගෙනීමට ඇති කුතුහලය සහ උවමනාව කිසිදා අතහැර නොගත යුතු අතර, වෘත්තීය පුහුණු ආයතනයකින් ලැබෙන වැදගත්ම දායාදය වන්නේ ‘ඉගෙන ගන්නා ආකාරය’ ඉගෙන ගැනීමයි.”

    රටේ ආර්ථික හා සමාජීය දියුණුවට නායකත්වය දෙන කොටස්කරුවන් ලෙස, අද දවසේ ඩිප්ලෝමාධාරීන් ලෙස සහතිකපත් හිමි කරගන්නා ඔබ රටට සහ ලෝකයට ප්‍රයෝජනවත් පුරවැසියන් වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.