Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සේවකයන්ගේ දිනක වැටුප සහ සුභසාධනය සඳහා වෙන්කරන ලද මුදල් සේවක ඉල්ලීම පරිදි, ‘Rebuilding Sri Lanka’ අරමුදලට පරිත්‍යාග කර තිබේ. ඒ් අනුව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් රුපියල් 12,803,174.35ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී. ඊට අදාළ චෙක්පත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් (විශ්‍රාමික) සහ අධ්‍යක්ෂ (පරිපාලන) විංග් කමාන්ඩර් සේනක රුවන්පතිරණ (විශ්‍රාමික ), අධ්‍යක්ෂ (මූල්‍ය) එම්.කේ ජයන්ත යන මහත්වරු විසින් ඊයේ (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය.
හෙළයේ ගීත කෝකිලාවිය වූ කලාසූරී ලතා වල්පොල මහත්මියගේ දේහය අද (31) උදෑසන කොළඹ නිදහස් චතුරස්‍රය වෙත රැගෙන ආවේය. දේහය පිළිබඳ අවසන් කටයුතු අද පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව කොළඹ නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේදී සිදුකර බොරැල්ල පොදු සුසාන භූමියේදී භූමදාන කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, දේහය අද පෙ.ව 10.00 සිට ප.ව 2.00 දක්වා කොළඹ නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇත. පස්වරු 2.00ට ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව දේහය බොරැල්ල පොදු සුසාන භූමියට රැගෙන ගොස් එහිදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය. රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ලතා වල්පොල මහත්මිය පසුගිය 27 වනදා පස්වරුවේ අභාවප්‍රාප්ත විය. මියයන…
කිරිබත්ගොඩ නගරයේ වෙළඳසැලක ඇති වූ ගින්නක් හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දමා ඇත. විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලීසිය එම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
දොඩංගොඩ මාලිමා පළාත් පාලන අපේක්ෂකයකුට පහරදුන් සමගි ජන බලවේගය දොඩංගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු දොඩංගොඩ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (29) සවස 4.45ට පමණ දොඩංගොඩ, නෑහින්න ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයක ඇති වූ ගැටලුවක් හේතුවෙන් මෙලෙස ජාතික ජන බලවේග පක්ෂයේ ලැයිස්තු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ කෙ.ජී. විජයරත්න බණ්ඩා නැමති අයට සමගි ජන බලවේග පක්ෂයේ දොඩංගොඩ ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී කුමාරසිරි ජයසිංහ නැමැත්තා විසින් පුටුවකින් පහර දී ඇත. පහරකෑමට ලක්වූ විජයරත්න බණ්ඩා මහතා මේ වනවිට නගොඩ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
හෙළයේ ගීත කෝකිලාවිය, කලාශූරී ලතා වල්පොල මහත්මියගේ අභාවය පිළිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශෝකය පළ කර තිබේ. හිටපු ජනාධිපතිවරයා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, ජ්‍යෙෂ්ඨයෝ නික්ම යන බවත් කාලයත් සමඟ එක් යුගයක් අවසන් වෙමින් පවතින බවත්ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්පූර්ණ ශෝක පණිවුඩය පහතින්, – උපුටා ගැනීම – “ජ්‍යෙෂ්ඨයෝ නික්ම යති. කාලයත් සමඟ එක් යුගයක් අවසන් වෙමින් පවතී. මාගේ ජීවිතය ගෙවුණේ දේශපාලනය තුළ ය. ඒ නිසාම අප කියන කරන දේ බොහෝ දෙනෙකු දකින්නේ දේශපාලනික කෝණයෙනි. එහෙත් සියල්ල දේශපාලනයම නොවේ. අප තබන සටහන් සාම්ප්‍රදායික දේශපාලනික සටහන් පමණක් ම නොවේ. අපගේ මතකයන්, අත්දැකීම්, හැඟීම් සහ විශේෂයෙන්ම…
නිමාවු අළුබදුන ටෙස්ට් තරගාවලියේ සිව්වන තරගය පැවති මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණ තීරුව සෑහීමකට පත්විය නොහැකි තත්ත්වයේ පැවති බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. මේ හේතුවෙන් එම තණ තීරුව සඳහා අසාදු ලකුණක් එක් කිරීමට සිව්වන ටෙස්ට් තරගයේ තරඟ තීරකවරයා පියවර ගෙන ඇති බව සඳහන් වේ. ඒ අනුව අවුරුදු 02ක් තුල මේ ආකාරයෙන් එම තණ තීරුව සඳහා තවත් අසාදු ලකුණක් එක් වූවහොත් එම ක්‍රීඩංගණයේ පැවැත්වීමට සැළසුම් කර ඇති ටෙස්ට් තරගයක් වෙනත් ක්‍රීඩාංගණයක් සඳහා යොමු කිරීමට සිදුවනු ඇති. මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පසුගියදා පැවති අළුබදුන ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය දින 02 ක් තුල නිමාවට පත් වුයේ තරගයේ ජය එංගලන්තයට හිමිකර දෙමිනි.
අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට යුද හමුදාව විසින් නිකුත් කර ඇති තවත් ගිනිඅවි සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ අනුව ඒ මහතා වෙත ලබා දී ඇති තවත් ගිනි අවි 19ක් සම්බන්ධව එම දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත. හිටපු අමාත්‍යවරයා පසුගිය 26 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ 2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ මාකඳුරේ මදූෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේදී සොයා ගැනීමේ සිද්ධියකට අදාළව විමර්ශනවලට අදාළවය. මදුෂ් නැමැත්තා සතුව තිබී සොයාගත් එම ගිනිඅවියේ අංක පරීක්ෂා කිරීමේදී එය දේවානන්දා මහතා…
ඉන්දියාවේ දිල්ලි හි වායු ගුණාත්මකභාවට ඉතා දුර්වල මට්ටමක් කරා ළඟා වී ඇතැයි ඉන්දීය මාධ්‍ය මේ වන විට වාර්තා කර තිබේ. ඒ අනුව එම වායු ගුණාත්මක දර්ශකය 418ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ජාත්‍යන්තර ගුණාත්මක තත්ත්ව වාර්තා දර්ශකවල මෙම අගය අනතුරුදායක ලෙස සඳහන් කර තිබේ. දිල්ලි වායු ගුණාත්මක පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය විසින් නිකුත් කර ඇති නිවේදනයට අනුව ඉදිරි දින කිහිපය තුළ දිල්ලියේ වායු ගුණාත්මකභාවය ඉතා දුර්වල කාණ්ඩයට අයත් වීමට ඉඩ ඇති බව දන්වා ඇති අතර එය ඉදිරි දින කිහිපය පුරා පවතිනු ඇතැයිද වාර්තා කර තිබේ. ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද මේ සම්බන්ධව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර ඝන මීදුම, සහ…
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික හවුල්කාරීත්ව වැඩ පිළිවෙල යටතේ පෞද්ගලික සමාගම් වලට පැවරීමට යෝජනාවක් සකස් කර ඇති බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පවසයි. මින් කිසිදු ලෙසකින් හෝ මත්තල ගුවන්තොටුපොළ පෞද්ගලීකකරණය කිරීමට කටයුතු නොකරන බව ද අමාත්‍යවරයා සදහන් කළේය. මෙම යෝජනාවලිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය. ඉන් අනතුරුව ගුවන්තොටුපොළ වෙනුවෙන් අභිලාෂ කැඳවීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය. එමෙන්ම මත්තල ගුවන්තොටුපොළ සමග ව්‍යාපාර පවත්වාගෙන යෑමට පෞද්ගලික සමාගම් තුනක් මේවන විටත් කැමැත්ත පලකර ඇත. මෙම වැඩපිළිවෙළ යටතේ ගුවන් යානා අලුත්වැඩියාව,පුහුණු කටයුතු සහ ඉන්ධන සැපයීම වැනි ක්ෂේත්‍ර කිහිපයක් වෙනුවෙන්…
අමෙරිකාවට බලපා ඇති ඩෙවින් හිම කුණාටුවේ බලපෑම හේතුවෙන් එරට ගුවන්ගමන් දහස් ගණනක් අවලංගු කර හා ප්‍රමාද වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලොව විශාලතම ගුවන්ගමන් නිරීක්ෂණ දත්ත සමාගම වන ‘FlightAware’ ගුවන් සේවා නිරීක්ෂණ වෙබ් අඩවියක් වාර්තා කර ඇති පරිදි අමෙරිකා වේලාවෙන් ප.ව. 4 වනවිට එරට තුළ හා ඉන් පිටතට ගුවන්ගමන් 1,581ක් අවලංගු කර තිබේ. එමෙන්ම තවත් ගුවන්ගමන් 6,883ක් ප්‍රමාද වී ඇත. මේ අතර නිව්යෝර්ක් නගරයේ ඊයේ (26) රාත්‍රියේ මිලිමීටර් 250 (අඟල් 10) දක්වා හිම පතනයකට ඇති වී ඇති අතර, එය වසර හතරකින් එම ප්‍රදේශයට බලපෑ වැඩිම හිමපතනය විය. ඒ අනුව මේ වනවිට මිලියන 40කට වැඩි පිරිසක් ශීත කුණාටු අනතුරු…