Author: LFN

මෝටර් රථයක තිබී T-56 ගිනිඅවියක් හා ජීව උණ්ඩ සහිත පතුරම් ගැබ් 2ක් සොයාගැනීමේ සිද්ධියට අදාළව සැකකරුවකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. රාගම පහළවත්ත, ප්‍රදේශයේදී ඉකුත් 23 වනදා පස්වරුවේ අත්හැර දමා ගොස් තිබියදී අදාළ මෝටර් රථය සොයාගෙන තිබුණි. මේවන විට අදාළ සැකකරු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කරන අතර එහිදී අනාවරණ වී ඇත්තේ, ඔහු අදාළ මෝටර් රථයේ රියදුරු බවත්, බන්ධනාගාරගතව සිට පසුගියදා නිදහස්ව පැමිණි දික්පිටිගොඩ කල්ප නමැත්තා ඝාතනය සඳහා අදාළ ගිනිඅවිය රැගෙන ආ බවය. දික්පිටිගොඩ ළහිරු නැමැත්තාගේ මෙහෙයවීමෙන් අදාළ ඝාතනය සිදුකිරීමට සූදානමින් සිටි බවත් ඔහු විමර්ශන නිලධාරීන්ට පවසා තිබේ. එමෙන්ම වෙඩික්කරු දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීම නිසා මනෝ විකාරයෙන් හැසිරීම…

Read More

මතභේදාත්මක සිදුවීම් රැසක් වාර්තාවූ වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා තෝරාපත් කරගැනීමේ කටයුතු දෙවන වරටත් කල් දැමීමට සිදුවී තිබේ. සභාවේ ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් මෙලෙස නව සභාපතිවරයා තෝරාපත් කරගැනීමේ කටයුතු දෙවන වරටත් කල් දැමීමට සිදුවී ඇත. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයේ කටයුතු කළ සමගි ජන බලවේගය පක්ෂයේ ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනය හේතුවෙන් එම ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩුවී පැවතුණි. නව සභාපතිවරයෙකු තෝරාපත් කරගැනීම පසුගිය නොවැම්බර් මස 28 වනදා දකුණු පළාත් සභාවේ පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතව තිබුණ ද ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් එම කටයුතු අද දිනය දක්වා කල් දමා තිබුණි. ඒ අනුව සභිකයින් 45 දෙනෙකුගෙන් සමන්විත වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා…

Read More

අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මෙම අත්අඩංගුවට ගත් පිරිසෙන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින්ද, සිව්දෙනෙකු ගාල්ල අපරාධ අංශය විසින්ද අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම මෙම වැටලීම්වලදී හික්කඩුව ප්‍රදේශයෙන් පිස්තෝලයක් සහ රිවෝල්වරයක්ද සොයාගැනීමට හැකිව තිබේ. පසුගිය 22දා සිදු වූ මෙම වෙඩිතැබීමෙන් අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකුට එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්විය. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර පළා ගොස් තිබුණි. අපරාධ කල්ලි පාර්ශ්වයන් දෙකක් අතර ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය සැක කරයි. වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ තැනැත්තාද අපරාධ කල්ලි සාමාජිකයින්…

Read More

මිරිස්ස මුහුදේ දිය නාමින් සිටි වෛද්‍යවරයෙකු ඊයේ (25) පස්වරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මරණයට පත්ව ඇත්තේ වැලිගම වලාන ප්‍රදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා බව සඳහන්. ඔහු දියේ ගිලීමෙන් පසු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී මරණයට පත්ව තිබේ. 49 හැවිරියේ වියේ පසුවූ අදාළ වෛද්‍යවරයා මෙම රෝහලේ රාජකාරී ආරම්භකර ඇත්තේ මීට මසකට පමණ ඉහතදී බව වාර්තා වේ.

Read More

සුනාමි රළ හේතුවෙන් පැරෑලිය ප්‍රදේශයේදී අනතුරට ලක්වූ දුම්රිය එන්ජිම මෙවර පැරෑලිය අනතුර සිහි කරමින් සංකේතාත්මකව ධාවනය නොවූ බව වාර්තා වෙයි. කෙසේවෙතත් එම අවස්ථාව සිහි ගන්වමින් වෙනත් එන්ජිමක් යොදා ගනිමින් ‘සුනාමි දුම්රිය’ ලෙස විරුදාවලිය ලත් අනතුරට ලක්වූ දුම්රිය අද (26) දිනයේ මාතර බලා ධාවනය කරවීමට පියවර ගෙන තිබුණි. අනතුරට ලක්වූ එන්ජිම වසර කිහිපයක් අඛණ්ඩව ධාවනය කරවූ අතර එහි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙවර ධාවනය නොකෙරුණු බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. එම එන්ජිමේ ඇක්සලයේ හටගෙන ඇති දෝෂයක් හේතුවෙන් මෙලෙස අද උදෑසන ධාවනය කරවීමට හැකියාව නොතිබුණු බව සඳහන් වෙයි.

Read More

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝමබ බියක් හේතුවෙන් විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ. පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවා අදාළ සෝදිසි මෙහෙයුම සිදුකරන බව වාර්තාවේ. ඊ-මේල් පණිවුඩයක් මාර්ගයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝම්බයක් ඇති බවට නිර්ණාමික පණිවුඩයක් ලැබී ඇති බව සඳහන්ය.

Read More

හක්ගල ජාතික උද්භිද උද්‍යානය ඊ (25) සිට සංචාරකයන් සඳහා යළි විවෘත කර තිබේ. ඒ පරිසර අමාත්‍යාංශයේ උපදෙස් සහ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ කඩිනම් වැඩපිළිවෙල මත, ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය හා ආපදා කළමනාකරණය මධ්‍යස්ථානයේ නිර්දේශ හා උපදෙස්වලට අනුකූලවය. උද්‍යානයේ භූමියේ අනතුරුදායක ලක්ෂණ මතු වූ ස්ථාන අනතුරුදායක බව දක්වන පුවරු මගින් නරඹන්නන් හට පිවිසීම තාවකාලිකව වළක්වා ඇත. ඒ අනුව පිවිසීමේ ගේට්ටුව අසල පොකුණු සහිත ප්‍රදේශය සහ වනෝද්‍යානය දෙසට පිවිසීමට ඇති මාර්ගය මෙසේ අනතුරුදායක බවට නම් කර තිබේ. එමෙන්ම දෙස් විදෙස් සංචාරකයින්ගේ පහසුව උදෙසා උද්භිද උද්‍යාන කාර්ය මණ්ඩලය විසින් විශේෂ වැඩසටහනක් ද සංවිධානය කර ඇත. රටේ පැවති දිට්වා සුළි කුණාටුව හේතුවෙන්…

Read More

සෝමාවතිය – සුංගාවිල මාර්ගය දින 8කට පසුව ගමනාගමනය සඳහා ඊ (25) යළි විවෘත කරනු ලැබීය. පසුගිය දිනවලදී පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇද හැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම මාර්ගය ජලයන් යට වූ අතර ඒ හේතුවෙන් රථවහන ධාවන කටයුතු අත්හිටුවීමට පොලීසිය පියවර ගත්තේ‍ය. ඒ අනුව ජලය ක්‍රමානුකූලව බැස යාමත් සමග අද පස්වරුවේ සෝමාවතිය පුදබිමට යන මාර්ගය සහ සෝමාවතිය විහාරස්ථානය මෙසේ බැතිමතුන්ට වන්දනාමාන කිරීම සඳහා විවෘත කර තිබේ.

Read More

උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (26) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය. එමෙන්ම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු පළාතෙත් හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇති විය හැකිය. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි…

Read More

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය පවසයි. මුල්ලේරියාව පොලිස් වසමේ මුල්ලේරියාව රෝහල ආසන්නයේදී 2022.08.02 වන දින මෙම ඝාතනය සිදුකර තිබුණි. විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඉහත අපරාධය සඳහා සැකකරුවන් පැමිණි යතුරුපැදියේ පැදිකරු ලෙස ක්‍රියා කළ සැකකරුව මෙලෙස ඊයේ (25) අත්අඩංගුවට ගෙන ඇත. ඒ, මාලඹේ පොලිස් වසමේ තලාහේන ප්‍රදේශයේදී ය. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 430ක් හා ව්‍යාජ විදේශ ගුවන්ගමන් බලපත්‍රයක් තිබී සොයාගෙන තිබේ. සැකකරු වයස අවුරුදු 32ක් වන තලාහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු සම්බන්ධව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී මොහුට…

Read More