Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
වයස අවුරුදු 7ක් වන පාසල් දැරියක් දූෂණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් 35 හැවිරිදි තරුණයෙකු නාවලපිටිය පොලීසිය මගින් ඊයේ (16) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. පාසල් දැරිය සහ සැකකරු නාවලපිටිය වෙස්වෝර්ල්ඩ් වතුයායේ රිලාගල කොටසේ පදිංචිව සිට තිබේ. 15වනදා පස්වරුවේ බීමත්ව සිට ඇති අදාළ සැකකරු පාසල් දැරියව නිවසින් මිටර් 500ක් පමණ එපිටට රැගෙන ගොස් දුෂණය කර එම ස්ථානයේම දමා ගොස් ඇති දැනට සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. අදාළ දැරිය නිවසෙහි නොමැති වීම හේතුවෙන් සිදු කළ සොයා බැලීමකදී පැය 4කට පමණ නිවසින් මිටර් 500ක් පමණ දුරින් වැටී සිටිය දී සොයා ගෙන තිබේ. එම දැරිය විසින් සැකකරුගේ නම ප්‍රකාශ කර ඇති අතර ඥාතීන්…
ටී-56 මැගසින් 18ක් සහ උණ්ඩ 25ක් ළඟ තබාගෙන සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික කපිතාන්වරයෙකු මිනුවන්ගොඩ, මිරිස්වත්ත ප්‍රදේශයේ දී ඊයේ (16) අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. බස්නාහිර පළාත් උතුරු අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මඩකලපුව, පුදුර් ප්‍රදේශයේ පිහිටි මත්පැන් හලක කළමනාකරුට මත්පැන් බෝතලයකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම තවත් සැකකරුවන් දෙදෙනෙකු සොයමින් පවතින බව මඩකලපුව මූලස්ථාන පොලීසිය පැවසීය. පසුගිය 9වනදා රාත්‍රියේ අදාළ මත්පැන් හල වෙත පැමිණි සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එහි මත්පැන් පානය කර තිබේ. එහිදී ලබාගත් මත්පැන් සඳහා කළමනාකරු මුදල් ඉල්ලා සිටි අවස්ථාවේදී, එම පිරිස කළමනාකරුගේ කාමරයට ඇතුළු වී මත්පැන් බෝතලයකින් ඔහුට පහර දී ඇත. පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ කළමනාකරු රෝහල් ගත කර ඇති අතර, පහරදුන් පිරිස එතැනින් පළා ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් මඩකලපුව මූලස්ථාන පොලීසිය විමර්ශන සිදුකරමින් සිටියදී, සැඟව සිටි සැකකරුවෙකු ඊයේ (16) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (17) දිනයේ වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද අලුයම 5:30ට නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියේ ඒ බව සඳහන්ය. අලුයම් කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් ද පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
ඩෙන්මාර්කය විසින් පාලනය කරනු ලබන ස්වයං පාලන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමේ තම වැඩපිළිවෙලට එරෙහිව කටයුතු කරන රටවලට එරෙහිව නව තීරු බදු පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ. ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා ඇත. කෙසේ නමුත් නව තීරුබදු පනවනු ලබන්නේ කුමන රටවලටද යන්න හෝ එම එම රටවලට එරෙහිව අනුගමනය කරන බදු ප්‍රතිපත්තිය කුමක්ද යන්න හෙළිකර නොමැත. ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීමේ ට්‍රම්ප්ගේ තීරණයට ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය ඇතුළු රටවල් රැසක් සිය විරුද්ධත්වය දැනටමත් ප්‍රකාශයට පත්කර තිබේ. අමෙරිකාවේ ආරක්ෂාව සඳහා ග්‍රීන්ලන්තය අත්‍යවශ්‍ය බව ට්‍රම්ප් පැවසූ අතර, එය පහසු වුවත් අපහසු වුවත් කෙසේ හෝ අත්පත් කරගන්නා බව ට්‍රම්ප්…
මැදවච්චිය, කඩවත්ගම ප්‍රදේශයේ නිවසක ඊයේ (16) සිදුවූ පහරදීමකින් දෙදරු පියෙකු මරණයට පත්ව තිබේ. වැඩිමහල් පුත්‍රයා සිදුකළ පහරදීමකින් මෙම මරණය සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. තම පියා හිසෙහි තුවාල සහිතව නිවසේ මිදුලේ වැටී මියගොස් සිටින බව අසල නිවසක පදිංචි බාල පුතා විසින් දැක තිබේ. මරණකරු වැඩිමහල් පුත්‍රයා සමග මත්පැන් පානය කර ඇති බවත්, ඇතිවූ ආරවුලක් මත පුතා විසින් රීප්ප පටියකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත. මරණකරු අවුරුදු 67ක් වූ කඩවත්ගම, මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය. වයස අවුරුදු 42ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මානසික ආබාධයකින් පෙළෙන අයෙකු බව සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන…
කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රියේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය පාතාල කල්ලි දෙකක් අතර සිදුවූ ගැටුමක ප්‍රතිඵලයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසයි. ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන ආරම්භ කර ඇති බවය. මෙහිදී 4 හැවිරිදි පිරිමි දරුවෙකු හා 3 හැවිරිදි ගැහැණු දරුවෙකුටද වෙඩිවැදීමෙන් තුවාල සිදුවූ අතර ඔවුන් ප්‍රතිකාර සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කෙරුණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා සඳහන් කළේ දරුවන් දෙදෙනාගේ තත්ත්වය යහපත් බවත් වෛද්‍ය කණ්ඩායම් දරුවන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිකාර කටයුතු කරමින් සිටින බවත් ය.…
හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණායක හා පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 06 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (16) දින නියෝග කර තිබේ. ඒ, ඊට අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදීය. එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාරගේ මෙහෙයවීම යටතේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කර ඇත. අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 06 වැනිදා යළි කැඳවීමට විනිසුරුවරයා නියෝග කළේය.
දෙහිවල දී සිදු වූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටින සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය අපේක්ෂා කර තිබේ. ජනවාරි 9වනදා දෙහිවල ප්‍රදේශයේ පිහිටි හෝටලක හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර විමර්ශනයේදී සාක්ෂිකරුවන් ලබාදුන් විස්තර අනුව, අපරාධය සඳහා පැමිණි වෙඩික්කරුගේ ඡායාරූපයක් Al තාක්ෂණය ඔස්සේ සකස් කර ඇත. ඒ අනුව ඡායාරූපයේ දැක්වෙන සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. දුරකථන අංකය :- ස්ථානාධිපති, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය 071-8596408
ඉදිරි පැය 36 තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණික තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින බවද එම නිවේදනයේ සඳහන් වේ. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරුමැද සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.